සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය වූ ඊයේ (29) නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකට කළ දුර්වල පන්දු රැකීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ලකුණු 250 සීමාව ඉක්මවා ගියහ.
ඉතා දැඩි පීඩනයක් එල්ල කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට තිබූ පහසු අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් අත්හරිනු ලැබුවේ උඩ පන්දු 03ක් අත් හැරීමෙනි. එසේ තිබිය දීත් කඩුළු 7ක් දවා ගැනීමට අපේ පන්දු යවන්නන්ට හැකි විය. ලකුණු 287ක් බටහිර ඉන්දීය කොදෙව් පිල ලබා ගත්තේය.
නොදැවී පන්දුවට පහර දෙන නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් ලකුණු 99 ක් සහ රකීම් කෝන්වෝල් ලකුණු 43 ක් ලබා සිටිති.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 03 ක් දවාගත්තේය. විශ්ව ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවා ගත්හ.