ශ්රි ලංකා කණ්ඩායම විශිෂ්ඨ ක්රීඩාවකින් අනතුරුව කලකට පසු ජයග්රාහී ප්රවේශයකය. එංගලන්ත කණ්ඩායම ලකුණු 156කට දැවී ගොස්ය. ඒ පන්දු ඕවර 32.2ක දී ය.
බැංගලෝරයේ දී අද කාසියේ වාසිය දිනුවේ එංගලන්ත නායක ජොස් බට්ලර්ය. එංගලන්ත කණ්ඩායම ඒ තීන්දුවට සාධාරණයක් කරන ආකාරය පෙන්වමින් පළමු කඩුල්ල වෙනුවෙන් ස්ථාවර සම්බන්ධයක් ගොඩනගන බව පෙනුනේය.
එම සම්බන්ධතාවය බින්දේ ඈන්ජලෝ මැතිව්ස් ය. ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ දිල්ශාන් මධුසංඛ යැවූ පළමු පන්දුවෙන්ම ජොන් බ්රිස්ටොව් දැවී ගිය බව පෙනුන ද පුනරූපන අවස්ථාවක් ඉල්ලුවේ නැති බැවින් එය ගිලිහී ගිය අයුරු පෙනුනි.
එහෙත් පළමු කඩුල්ල ලකුණු 45කට බිඳ වැටුනේය. ඒ කඩුල්ල ලබා ගත්තේ ලෝක කුසලාන සංචිතයට අවසන් මොහොතේ එක් වී අද පළමු තරගය ක්රීඩා කරන ප්රවීණ ක්රීඩක ඈන්ජලෝ මැතිව්ස් ය. එය වසර තුනකට පසු මැතිව්ස් ලැබූ පළමු එක් දින කඩුල්ලය.
ඉන් පසු එංගලන්ත ඉනිම බරපතල අර්බුදයකට ලක් කරන්නට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. වැඩි වේලා නොගොස් ජොනී බෙයාර්ස්ටෝව්, ජෝ රූට් සහ ජොස් බට්ලර් ක්රීඩා ගාරයට ගියහ. ඒ 16 වැනි ඕවරයට පෙරය. අනතුරුව බෙන් ස්ටෝක්ස්, මොයින් අලී සමගින් හොඳ සබඳතාවක් ගොඩනගමින් සිටින බවක් පෙනුනි. නමුත් මොයින් අලි මැතිව්ස් හමුවේ ලකුණු 15 කට දැවී ගියේය. එම සබඳතාව ලකුණු 37 දී අවසන් විය.
![](http://lankasara.com/wp-content/uploads/2023/10/1-9.jpg)
සධීර සමරවික්රමගේ අපූරු උඩපන්දු රැකීමකින් පසු ඉක්මනින්ම ක්රිස් වෝක්ස් දැවී ගියේය. ඔවුන් තරඟකාරී එකතුවකට ගෙන ඒම සඳහා සම්පූර්ණයෙන්ම පාහේ ස්ටෝක්ස් මත රඳා පැවතිනි. . කෙසේ වෙතත් බෙන් ස්ටොක් 30 වැනි ඕවරයේ පළමු පන්දුවේ දී පන්දු 73ක දී ලකුණු 43කට දැවී ගියේය.
එංගලන් කණ්ඩායම ලකුණු 156කට පන්දු ඕවර 33.2ක් තුළ දැවී යන්නේය.
පන්දු යැවීමේ දි ලහිරු කුමාර ලකුණු 35ට කඩුළු 03ක්, කසුන් රාජිත ලකුණු 36ට කඩුළු 02ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 14ට කඩුළු 02ක් මහීෂ් තීක්ෂණ ලකුණු 21ට කඩුල්ලක් ලැබුවේය
![](http://lankasara.com/wp-content/uploads/2023/10/15-1.jpg)
.
ශ්රි ලංකා කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීම ද කලකින් අගයක කළ යුතු මට්ටමක පැවතිනි. මෙතෙක් එළියේ හිටි මැතිව්ස් තමන්ගේ තුන් ඉරියව් හැකියාවන්වලට යළිත් විශ්වාසයකින් ප්රවේශ වෙමින් සිටින අයුරු පෙනුණි.
ශ්රී ලංකා කණ්ඩායම පහසු යැයි පෙනෙන ලකුණු 157ක හඹා යෑමක් අබියස සිටී. ක්රීඩා ලෝලීන් බලාපොරොත්තු සහිතවය.