-
සොයාගත් රසායනික සංයෝගය මිනිස් ශුක්‍රාණු චලන වේගය වැඩිකිරීම සඳහා අද ලෝකයේ සායනික මට්ටමෙන් භාවිතා කරන සංයෝගයට වඩා 28 ගුණයකින් ප්‍රබලයි…
-
චලන වේගය බින්දුවේ තියන ශුක්‍රානුත් චලනය කළ හැකියි… චලන වේගය අඩු ශුක්‍රානුවල චලන වේගය වැඩි කළ හැකියි…
-
සංයෝගය සොයාගත්තෙ කළුතර දිස්ත්‍රික්කයේ වෙරළ කලාපයේ රතු ඇල්ගී විශේෂයකින්…
-
ඉදිරියේ දී ලෝකයේ බහුලවම භාවිත වන ඖෂධයකට අවශ්‍ය මූලික සංයෝගය මෙය විය හැකි නමුත් එහි අයිතිය ජාත්‍යාන්තරව තහවුරු කරගන්න අවශ්‍ය ඉදිරි පර්යේෂණ සඳහා ප්‍රතිපාදන නෑ…
මේ වනවිට විශාල සමාජ ප්‍රශ්නයක් වී ඇති පිරිමින්ගේ මද සරු බවට ලෝකයේ විශිෂ්ටම ප්‍රතිකර්මය ලෙස ඉදිරිපත් වී ඇති රසායනික සංයෝගය සොයාගත් ලාංකික විද්‍යාඥයෙක් වූ කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද විද්‍යා පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර සිය සොයා ගැනීම සඳහා පේටන්ට් බලපත්‍රය වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5ක මුදලක් සොයා ගත නොහැකි වීම නිසා පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කර සිය පර්යේෂණය නිමා කිරීමට තීරණය කර තිබේ.

මිනිස් ශුක්‍රානුවල චලනය වැඩි කිරීම සම්බන්ධව දැනට ලෝකයේ සායනික මට්ටමේ ඇති එකම සංයෝගයට වඩා 28 ගුණයකින් වැඩි ප්‍රබලතාවයක් සහිත මෙම රසායනික සංයෝගය ඔහු විසින් සොයාගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ වෙරළ කලාපයෙන් ලබාගත් රතු ඇල්ගේ විශේෂයකිනි.
දේශීය හා අන්තර්ජාතික වශයෙන් පර්යේෂණ පත්‍රිිකා 350ක් පමණ ප්‍රකාශයට පත් කළ කීර්තිමත් සම්මානිත විද්‍යාඥයෙක් වූ ආචාර්ය සිරිමල් පද්මකුමාර ශුක්‍රාණුවල වේගය වැඩි කරන නව සංයෝගයක් හඳුනා ගැනීම පර්යේෂණ ජීවිතයේ විශිෂ්ටතම සොයා ගැනී බව බීබීසී සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබිණි.
“ දැනට සායනිකව පාවිච්චි කරන pentoxifylline කියන රසායනික සංයෝගයට ශුක්‍රාණු චලනය වන ප්‍රමාණය වැඩි කළ හැකියි. නමුත් ශුක්‍රාණු චලනය වන වේගය වැඩි කිරීමේ හැකියාවක් නෑ.“
“නමුත් අප සොයාගත් සංයෝගයට එම හැකියාවන් දෙකම තියනවා. චලන වේගය බින්දුව තියන ශුක්‍රාණු පවා උත්තේජනය කර චලනය කිරීමේ හැකියාව මෙම සංයෝගයට ඇති බව විද්‍යාත්මකව පෙන්වා දී තිබෙනවා.“ ඔහු බීබීසී වෙත පවසා තිබිණි.
නමුත් එම සොයා ගැනීම සඳහා මෙතෙක් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට හැකි වී නැති බවත් ප්‍රධාන බාධකය වී ඇත්තේ ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවී ඇති ඇමරිකානු ඩොලර් ලක්ෂ 5. 10ත් අතර මුදල බවත් බීබීසිය හෙළි කරයි. ඉදිරි පර්යේෂණ සඳහා ලංකාවේ පහසුකම් නොමැතිවීම ඊට ප්‍රධානම හේතුව වී ඇත.
“ විද්‍යාඥයො හැටියට මේ කේෂේත්‍රය තුළ සිටින ප්‍රතිපත්ති තීරකයින්ට අපි දිගන් දිගටම දැනුම්වත් කිරීම් කළා. මා විද්‍යාඥයෙක් ලෙස කළ මෙම සොයාගැනීම ඊලඟ පරම්පාරාවටවත් යා යුතුයි කියන අදහස තමයි මා තුළ තිබෙන්නේ. ඒ සඳහා පරීක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මෙම පර්යේෂණයෙ වැඩ අවසන් කරන්න මා අදහස් කරනවා. මෙතනින් එහාට මේ කටයුත්ත ගෙනියන්න කාලය සහ ප්‍රතිපාදන මා සතුව නෑ…“
“මා බලාපොරොත්තු වෙනවා මේ පර්යේෂණ පත්‍රිකාව පල කරලා ලංකාවෙ පේටන්ට් එකකටවත් එය දාන්න. එතකොට අනාගත පරම්පාරවවත් මේ සොයාගැනීම භාවිතා කරලා ඖධයක් නිශ්පාදනය කරයි කියන අහිංසක බලාපොරොත්තුව මා සතුව තිබෙනවා. “
ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර පවසයි.
(බීබීසී ඇසුරිනි)