බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ජ‘පුරේ පර්යේෂකයන්ට හසුවුණු කොව්ඩ් සතුරාගේ බිහිසුණු මුහුණුවර

by editor
ඔක්තෝබර් 31, 2020
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter
  • පැතිරීම ඉතා වේගවත්
  • සිරුර තුළ වැඩි වෛරස තොගයක්
  • මිනුවන්ගොඩින් පෑලියගොඩින් හමුවුනේ එකම වෛරස ආකාරයක්
  • ස්වීඩන් ඩෙන්මාර්ක්වල හමුවූ වෛරස ප්‍රෙභ්දයට බොහෝ දුරට සමානයි

මිනුවන්ගොඩින් ශ්‍රි ලංකාවේ දෙවන කොවිඩ් රැල්ල හිස එසවූ දා සිට පැවතුණු ලොකු ප්‍රශ්නයක් වූයේ  මේ රැල්ල කොහෙන් හැමුවේද යන්නය. කොවිඩ් වෛරසය මෙරටට  පැමිණී හැටි ගැන සෙවීමේ අපරාධ පරීක්ෂණයක් පවා මේ වනවිට නීතිපතිවරයාගේ නියමයෙන් පොලිසියට භාර වී ඇත. ඔවුන් මෙසේ පරීක්ෂණ පවත්වන අතරේ තම විද්‍යාගාර කුටිවලට ගිය ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිකරණවේදය, අණුක ඖෂධ සහ අසාත්මිකතා අධ්‍යයනය පිළිබඳ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන් මෙම වෛරසය ඇත්තටම පසුගිය මාර්තුවේ දී  පැමිණි එකද නැතිනම් අලුතින්ම පැමිණි එකක්දැයි විද්‍යාත්මක ව තහවුරු කර ගැනීමේ කාර්යයට අත ගැසූහ. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල අද ප්‍රකාශයට පත් කළ අතර ඔවුහු මේ ප්‍රතිඵලය කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් වෙත ලබා දීමට ද යුහුසුළු වූහ.

ජපුර පර්යේෂණ කණ්ඩායම

ඔවුන්ගේ මෙම අනාවරණය මඟින් අවධාරණය කරන්නේ ස්ථිරවම මෙවර මෙරට ජනතාව පොකුරු පිටින් ලෙඩ කරවන මෙම කොවිඩ් වයිරස ආකාරය පෙර මෙරට තුළ තිබූ එකට වඩා ජාන ව්‍යුහය වෙනස් එකක් බවය. වෛරසවල පවතින ජානමය ද්‍රව්‍යය වන්නේ ආර්.එන්.ඒ ය. මෙම පර්යේෂකයන් මෙම ජානමයය ව්‍යූහයන් විද්‍යාගාර තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමය. එහිදී සිදු කෙරෙන්නේ මෙම වෛරස ආර්.එන්.ඒ අම්ල අණුවල පවතින න්‍යෂ්ටික අම්ල රටාව අධ්‍යයනය  කිරීමය. වෛරසවල පවතින විශේෂිත ලක්ෂණයක් වන්නේ පොදුවේ එකම වෛරසයක් වුවද එහි ජාන සැකැස්ම අනුව වෙනස් වන විවිධ ප්‍රභේද පැවතීමය. අනෙක මුල්  ප්‍රභේද වෙනස් වී නව ආකාරයකට හැඩ ගැසෙන වෛරස ද ඇත. ඒ අනුව මෙලෙස වෛරස ප්‍රෙභ්ද පිළිබඳව නිශ්චය කර ගැනීමට එහි ජාන ව්‍යුහය පරීක්ෂා කළ යුතුය.

මෙම පර්යේෂකයන් මේ අධ්‍යයනය මත ප්‍රධාන කරුණු කිහිපයක් අනාවරණය කරගෙන ඇත. ඒ බව ඔවුන්ගේ සංකීර්ණ පර්යේෂණයේ සාරාංශයක් සරසවි වෙබ් අඩවියට එක් කර තිබේ. එයින් ඔවුන් ඉස්මතු කර ඇති තීරණාත්මක සොයා ගැනීම් මෙසේය.

  • මේ දිනවල ශ්‍රි ලංකාවේ පැතිරෙන වෛරස දර්ශය මීට කලින් රට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් 19 වෛරස දර්ශයට වඩා වෙනස්ය.
  • මෙම වෛරස කාණ්ඩය ,  වෛරස ආසාදිත පුද්ගලයකුගේ ශරීරය තුළ සාපෙක්ෂව  අධික ප්‍රමාණයක් දැකිය හැකිය.
  • මෙම කොවිඩ් 19 වෛරස ප්‍රභේද  එය ඉතා වේගයෙන් පැතිරෙන ආකාරයට අනුවර්තනය ( වෙනස් වී) ඇත.
  • මේ දිනවල මිනුවන්ගොඩ පොකුර , පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිත පොකුරේ සහ කොළඹ නගර සභා සීමාව තුළ පැතිරෙන වසංගතයටද වගකියන්නේ එකම ආකාරයක වෛරස ප්‍රභේදයකි.

මෙම පර්යේෂකයන් මෙවර වසංගත ව්‍යාප්තය තුළ රෝගය ආසාදනය වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිත ආසාදිතයන් බේරුවල ධීවර වරාය ආශ්‍රිත ආසාදිතයන් සහ කොළඹ නගර සභා සීමාව තුළ ආශ්‍රිතයන් ගණනාවකගේ රුධිර සාම්පල ඇසුරින් මෙම පර්යේෂණය සිදු කර ඇති අතර ඔවුන් මේ තුළ කොවිඩ් 19 වෛරස ප්‍රෙභ්ද 16ක් හඳුනාගෙන ඇත. මෙම ප්‍රභේද  16 අතරින් 13ක් පමණ ම එකම ජානමය පෙලපතක්  දරන අතර මේ වනවිට වේගයෙන් පැතිරෙන්නේ එම එකම ජාන ව්‍යුහයක් දරන වෛරස ප්‍රභේද බවද ඔවුන් විසින් තවදුරටත් අනාවරණය කරගනු ලැබ ඇත. මේ පර්යේෂණය පිළිබඳව වැඩිමනත් තොරතුරු මධ්‍යයට කියමින් වෛද්‍ය චන්දිම ජීවන්දර  පැවසුවේ මෙම වෛරස කාණ්ඩය බොහෝ දුරට ස්වීඩනයේ සහ ඩෙන්මාර්කයේ හමුවූ ප්‍රෙභ්දයට සමානකම් දක්වන බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

මහාචාර්ය නිලීකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය මාලික කරුනාරත්න ගේ නායකත්වය යටතේ අදාළ පර්යේෂණය වෛද්‍ය චන්දිම ජීවන්දර, වෛද්‍ය දේශිනී ජයතිලක, වෛද්‍ය දිනුක ආරියරත්න, සහ ලක්සිරි ගෝමස් යන පර්යේෂකයෝ මෙම පරයේෂණයට උර දුන් අතර ඊට අදාළ ප්‍රතිපාදන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලදී.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් 7000 ඉක්මවයි… අද දැනට 137යි…

Next Post

ෂෝන් කොනරි ලොවෙන් සමු ගනී..

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.