සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

by editor
ජූනි 26, 2026
in පුවත්
Wijedasa-R
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

හරක් කටාගෙන් රුපියල් කෝටි 12ක කප්පමක් ලබා ගැනිම සඳහා රඛිත රාජපක්ෂ ඩුබායි බලා ගිය සංචාරයට ඔහුගේ පියා වූ විජේදාස රාජපක්ෂ ද එක් වී සිටි බව අධිකරණයේ දී අනාවරණය වී තිබේ.

ඊයේ අධිකරණයේදී තොරතුරු අනාවරණය කරමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම ඒ සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය.

“………මෙම විමර්ශනයේදී දුරකථන සංවාද පටයක් හමුවෙනවා. ඒ දුරකථන සංවාදය සිදුවන්නේ මෙහි පළමු සැකකරු වශයෙන් නම් කර තිබෙන චරිත් අබේසිංහ සහ අත්අඩංගුවේ පසුවන හරක් කටා නමැත්තාගේ හිතවතෙකු බව කියන හර්බි නමැත්තකු අතර……මේ හර්බි නමැත්තා වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. පසුව ඔහු මේ කාරණය පිළිබඳව ඩුබායි රාජ්‍යයේ සිටින හරක් කටාගේ බිරිඳවන මදුශානිට දැනුම් දෙනවා. පසුව 2023 වසරේ මාර්තු මස 25 වන දා රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායි රාජ්‍යයට පිටත් වෙනවා. ඩුබායි රාජ්‍යයදී හර්බි නමැත්තාගේ නිවසේදී මෙම සැකකරුවන් හරක් කටාගේ බිරිඳව මුණගැසෙනවා…….මෙම ඩුබායි සංචාරය සඳහා සැකකාර රකිත රාජපක්ෂගේ පියාවන හිටපු අධිකරණ ඇමතිවරයාත් සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා”.

අධිකරණයේ දී විමර්ශන අංශ පැවසුවේ විජේදාස රාජපක්ෂ සම්බන්ධව ද වැඩි දුර විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති බවය.

හරක්කටා නොමරා තියා ගන්නටත්, රැඳවුම් නියෝගවලින් ඉවත් කර සාමාන්‍ය බන්ධනාගාරයකට යොමු කරන්නටත්, පහසුකම් ලබා දීමටත් රඛිත රාජපක්ෂ කෝටි 12ක අල්ලසක් ලබා ගන්නා විට ලංකාවේ ආණ්ඩුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂය. ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සංක්‍රාන්ති ආණඩුවේ 2022 මැයි 20 දින සිට 2024 ජූලි 29 දින දක්වා උක්ත ඇමතිකම දැරුවේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අද අධිකරණය ඉදිරියේ ඇසෙමින් පවතින මෙම සිද්ධිය සම්බන්ධව මුලින්ම අනාවරණය කරන්නේ ලංකා දවස ප්‍රවෘත්ති වෙබ් අඩවියේය. එමෙන්ම අනතුරුව නිර්මාණි කාර්ගෝ සමාගමේ හිමිකරු සමග එක්ව මෙම අනාවරණයේ වැඩි දුර තොරතුරු ගවේෂණ වෙබ් අඩවිය මගින් සිදුකළේය.

ලංකා දවස වෙබ් අඩවියේ කරුණු උපුටාගෙන අනුප එරංජිත් රාජපක්ෂ විසින් ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙම සිද්ධිය පල කළේය. ප 2023 සැප්තැම්බර් 07 වෙනි දින බොරු චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව රඳවා තබා ගනිමින් බරපතල මානව හිමිකම් ව්‍යසනයකට ලක් කරමින් දේශපාලනිකව මේ තාත්තලා පුතාලා විසින් පලිගනු ලැබුවේය.

මේ සම්බන්ධයෙන් 2024 මාර්තු 15 වෙනි දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අනූප එරංජිත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිස්ස වේරගොඩ සවිස්තර කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ සත්‍යය හෙළි කර තිබිණි.

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යවරයා ලෙසින් සිටි විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ පුත්‍රයා නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ බලය අයුතු ලෙස යොදමින් පාතාලයෙන් කප්පම් ගත් ආකාරය අධිකරණයක් ඉදිරියේ මුලින්ම අනාවරණය වන්නේ එදිනය.

ඒ විජේදාස රාජපක්ෂ නැමැති සිංහල බෞද්ධ ගැමි සචාරවත් සුපිළිපන් දේශපාලන සුපින්වතාගේ එක එක සලු ගැලවෙමින් ඇති අයුරු දකිමු. මේ අලංකාර සහ වෛර්ණ සලුපිළිවලින් වෙස්වලාගෙන සිටියේ අමු මුග්ධ කුපාඩියාගේ ස්වරූපය මේ රටට ඒ ආකාරයෙන්ම හෙළිදරවු විය යුතු බව අපි විශ්වාස කරමු.

ජාතියේ නාමයෙන්, ආගමේ නාමයෙන්, යුක්තියේ නාමයෙන්, සුපිළිපන්   දේශපාලනයේ නාමයෙන්  යැයි කියමින් අවස්ථානුකූලව අත්තෙන් අත්තට පනිමින් ස්වකීය  අභිමත  සාධනය වෙනුවෙන් අශික්ෂිත ගේම් ගැසූ මේ පුද්ගලයා අවසානයේ  ජඩ ව්‍යාපෘතිය වෙනුවෙන් තමන්ගේම දරුවා භාවිතා කළ අයෙකි. ඔහු මේ රටේ දෙශපාලන ව්‍යාධියේ කෲර කිනිතුල්ලෙක් බව රටේ සාමාන්‍ය අවබෝධය වුව ද එය නිශ්චිත විද්‍යාත්මක පදනමකින් හෙළිදරවු විය යුතු බැවිනි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම සිද්ධි දාමයේ වැදගත්ම කාරණාවක් මතුවේ. මේ වනවිට විජේදාස පිය පුතු දෙපළ   අසලින් වංගුවක් දා පැමිණ  ගේම පත්තු වෙන්නේ මොළේ කළඳක් රහිත මෙලෝ රහක් නැති හිඟන නලුවෙක් වූ චරිත් අබේසිංහ මතින් විම සලකුණු විය යුතුය. මේ ගොඩ ගන්නට යන්නේ විජේදාස රාජපක්ෂලාගේ දේශපාලන  පැලැන්තිය විසින් සදාකාලිකව සොහොන් කළ බව සිතූ අශිෂ්ඨත්වයේ ජඩ කමනම්  බිත්තියට හේත්තු වූ මළ පෙරේතයින් විසින් එල්ල කරන ප්‍රහාරයන්හි  ගැඹුර ගැන රටක් ලෙස කල්පනාකාරී විය යුතු බව අවධාරණය කරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Next Post

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.