කොළඹ දෘශ්‍ය හා ප්‍රසාංගික කලා විශ්වවිද්‍යාලය (සෞන්දර්ය විශ්වවිද්‍යාලය) සිසුන් අතර ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ලබන ජූලි 13 වනදා දක්වා විශ්වවිද්‍යාලය මෙලෙස වසා තැබෙන බවයි. මෙම කාලසීමාව තුළ විශ්වවිද්‍යාලයට අයත් සියලුම නේවාසිකාගාර ද වසා තැබීමට තීරණය කර ඇත.
විශ්වවිද්‍යාලීය නේවාසිකාගාර පිහිටා ඇති රාජගිරිය සහ දෙහිවල අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ දෘශ්‍ය හා ප්‍රසාංගික කලා විශ්වවිද්‍යාලයේ සිසුන් 30 දෙනෙකුට පමණ මේ වන විට ඩෙංගු රෝගය වැළඳී ඇති බවයි.







