සඳුදා, ජූනි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“නඩුවෙන් නිදහස් වූවන්ගෙන් මරණ තර්ජන” – ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ මව ආරක්ෂාව ඉල්ලයි…

by editor
ජූනි 18, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ – 

යාපනය, පුංගුඩුතීව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනය වූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන නඩුවේ වරදකරුවන් වී, පසුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නිදොස් කොට නිදහස ලැබූ දෙදෙනාගෙන් තමන්ට සහ පවුලේ උදවියට දැඩි ජීවිත අවදානමක් මතුව ඇතැයි විද්‍යා දැරියගේ මව පවසයි.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (07)  වනදා මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. විද්‍යා දැරියගේ ඝාතනයෙන් පසු එල්ල වූ විවිධ බලපෑම් හේතුවෙන් ඇගේ පවුලේ සාමාජිකයන් යාපනය පුංගුඩුතීව් ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් ඇති අතර, මව මෙම තොරතුරු අනාවරණය කළේ එම රහසිගත ස්ථානයේ සිටය.

විද්‍යා දැරියගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉල්ලා තමන් අධිකරණය හමුවේ හඬා වැටුණු බවත්, එදා යාපනය මහාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වූ දිනයේ සිටම ඝාතනයට සම්බන්ධ පිරිස්වලින් සහ ඔවුන්ගේ සමීපතමයන්ගෙන් තමන්ට මරණීය තර්ජන රැසක් එල්ල වූ බවත් ඇය මෙහිදී සිහිපත් කළාය.

නඩුවේ පසුබිම

2015 මැයි 13 වන දින සිදුවූ මෙම අමානුෂික ඝාතනයෙන් පසුව, පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකුට එරෙහිව චෝදනා 43 ක් යටතේ කයිට්ස් අධිකරණයේ මුලින්ම නඩුවක් ගොනු කෙරිණි.

පසුව එම නඩුව යාපනය මහාධිකරණය වෙත යොමු වූ අතර, එවකට මහාධිකරණ විනිසුරුවරුන් වූ බාලේන්ද්‍රන් සසි, අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ මානික්කවාසගර් ඉලන්චේලියන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නඩුව විභාග කරනු ලැබීය. ඒ අනුව 2017 සැප්තැම්බර් 27 වන දින ප්‍රකාශයට පත් වූ තීන්දුවෙන් විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කර, සෙසු විත්තිකරුවන් හත් දෙනාටම මරණීය දණ්ඩනය නියම විය.

RelatedPosts

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ත්‍රිකෝණමඩු රක්ෂිතයේ දඩයමේ ගිය 8ක් කොටන තුවක්කු සහ තලගොයෙකු සමඟ කොටුවෙයි!

ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන සලේට දිගටම අවශ්‍ය පෝෂණය නල මාර්ගයෙන්…

එලෙස මුල්ම නඩු තීන්දුවෙන් නිදහස් වූ පුද්ගලයන් දෙදෙනාගෙන් එල්ල වූ අඛණ්ඩ තර්ජන හේතුවෙන් විද්‍යා දැරියගේ පවුලේ සාමාජිකයන්ට තම උපන් ගම්බිම් අතහැර පළා යාමට සිදු විය.

ශ්‍රේෂ්ඨාධිකරණ ඇපෑල සහ වත්මන් තත්ත්වය

යාපනය මහාධිකරණය දුන් නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් වරදකරුවන් හත්දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපැල් පෙත්සමක් ඉදිරිපත් කළහ. එම පෙත්සම් විභාගයට පෙර, එක් වරදකරුවෙකු බන්ධනාගාරය තුළදීම රෝගාතුරව මියගියේය.

ඇපැල් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය විසින් පනවන ලද මරණීය දණ්ඩනය වරදකරුවන් සිව්දෙනෙකු වෙනුවෙන් යළි තහවුරු කළේය. මෙම තීන්දුවත් සමග දැඩි කලකිරීමට පත් වූ තවත් එක් වරදකරුවෙකු කොළඹ බන්ධනාගාරයක් තුළදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත මහාලිංගම් සසිතරන් සහ ජයතරන් කෝකිලන් යන දෙදෙනා නිදහස් කිරීමට යාපනය මහාධිකරණ විනිසුරුවරයා පසුගියදා නියෝග කළ අතර, සෙසු වරදකරුවන් තිදෙනාට මරණ දඬුවම නියම විය.

මව ඉල්ලන ආරක්ෂාව

නඩු තීන්දු අනුව මුල් අවස්ථාවේදී සහ මෙවර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නිදහස් වූ පුද්ගලයන් ද ඇතුළුව, විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් හතර දෙනෙකුම මේ වන විට නිදහස් සමාජයට පැමිණ සිටිති.

තමන්ට සහ තම පවුලේ අයට ඔවුන්ගෙන් ඕනෑම මොහොතක විශාල හානියක් සිදු විය හැකි බැවින්, රජයෙන් තමන්ට නිසි ආරක්ෂාවක් සපයන ලෙස විද්‍යා දැරියගේ මව මාධ්‍ය ඔස්සේ බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තෙල්දෙණිය රෝහල් රථගාලේ මෝටර් රථයක තිබී වෛද්‍යවරියකගේ සිරුරක් හමුවේ!

Next Post

රජයේ ආයතන දෙකකින් වැටුප් ගත් ගෝඨාගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
death
පුවත්

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හම්බන්තොට රෝහලේදී මියයයි!

ජූනි 22, 2026
පුවත්

ත්‍රිකෝණමඩු රක්ෂිතයේ දඩයමේ ගිය 8ක් කොටන තුවක්කු සහ තලගොයෙකු සමඟ කොටුවෙයි!

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
death

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හම්බන්තොට රෝහලේදී මියයයි!

ජූනි 22, 2026

ත්‍රිකෝණමඩු රක්ෂිතයේ දඩයමේ ගිය 8ක් කොටන තුවක්කු සහ තලගොයෙකු සමඟ කොටුවෙයි!

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…
  • ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හම්බන්තොට රෝහලේදී මියයයි!
  • ත්‍රිකෝණමඩු රක්ෂිතයේ දඩයමේ ගිය 8ක් කොටන තුවක්කු සහ තලගොයෙකු සමඟ කොටුවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.