බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාප් වහන්සේ දෙකේ කොලයට දමා දෙවියන්ට ඇඳගත්  ට්‍රම්ප්  Truth Social  හරහා ලොවම කැළඹූ  හැටි!

by editor
අප්‍රේල් 13, 2026
in පුවත්
trump1
Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

ඇමරිකානු වෙලාවෙන් ඉරිදා රාත්‍රියේ ප්‍රමාද වී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Truth Social ජාලය ඔස්සේ පළ කරන ලද එක් ජායාරූපයක් මුළු මහත් ලෝකයම මවිතයට පත් කිරීමට සමත් විය. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් පළවූ මෙම ඡායාරූපය අතිශය නාට්‍යමය ස්වරූපයක් උසුලනු පෙනුණි. එහි ට්‍රම්ප් සුදු පැහැති දිගු ලෝගුවකින් සහ දීප්තිමත් රතු පැහැති පටියකින් සැරසී, බයිබලයානුකූල ගැලවුම්කරුවෙකු මෙන් දිදුලමින් සිටියි. බයිබලානුකුල ගැලවුම්කරුවා යනු මිනිසාට තනිවම ලබාගත නොහැකි වූ “පාපයෙන් සහ මරණයෙන් නිදහස් වීම”   තමන්ගේ කැපකිරීම තුළින් මිනිසාට ලබාදෙන උත්තමයාය.

බයිබලයානුකූල ගැලවුම්කරුවෙක් ලෙස රූපණයවන ට්‍රම්ප්ගේ  දකුණු අත රෝහල් ඇඳක වැතිර සිටින වයෝවෘද්ධ මිනිසෙකුගේ නළල මත තිබේ. එයින් රන්වන් පැහැති ආලෝක ධාරාවන් විහිදෙයි. එම රෝගී මිනිසාගේ මුහුණෙන් දිස්වන්නේ ක්ෂණික සුවය ලැබූවෙකුගේ සහනයකි.

බයිබලානුකූල ගැලවුම්කාර ට්‍රම්ප් පසුබිමේ  ඇත්තේ ඇමරිකානු අභිමානය විදහා දක්වන දර්ශනයකි. යෝධ ඇමරිකානු ධජයක්, අහසේ පියාසර කරන බෝල්ඩ් ඊගල් රාජාලීන් දෙදෙනෙක්, අහස සිසාරා යන ප්‍රහාරක ජෙට් යානා, මල්වෙඩි සංදර්ශන, ලිබර්ටි ප්‍රතිමාව සහ ස්වර්ගීය වලාකුළු අතරින් මතුවන සෙබළුන්ගේ රූප එහි අන්තර්ගත වේ.

කිසිදු සටහනක් නොමැතිව පළවූ මෙම ජායාරූපය ප්‍රසිද්ධියට පත් වූයේ ට්‍රම්ප් විසින් 14 වන ලියෝ පාප්තුමාට එල්ල කළ දරුණු ප්‍රහාරයකින් මිනිත්තු 40කට පමණ පසුව වීම ලෝක අවධානයට ලක් වූයේය. පහත දැක්වෙන්නේ එම AI නිර්මාණය ය.

trump

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

පාප්තුමාට එල්ල වූ ට්‍රම්ප්ගේ ප්‍රහාරය

මෙම ජායාරූපය පළ කිරීමට පැය කිහිපයකට පෙර, ට්‍රම්ප් Truth Social හරහා සිය උපරිම වේගයෙන් පාප්තුමා විවේචනය කළේය. පළමු ඇමරිකානු පාප්තුමා “අපරාධ සම්බන්ධයෙන් දුර්වල” බවත් “විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් භයානක” බවත් ඔහු පැවසීය. ලියෝ පාප්තුමා ඉරාන ගැටුම හමුවේ මෘදු පිළිවෙතක් අනුගමනය කරන බවටත්, “අන්ත වාමවාදීන්” පිනවන බවටත් ඔහු චෝදනා කළේය. එපමණක් නොව, තමා ධවල මන්දිරයේ නොසිටියේ නම් පාප්තුමාට කිසිදා වතිකානුවට යාමට නොහැකි වන බවටද ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඔහු කීවේ සුදුසුකම් නැති පාප් වහන්සේ වතිකානයෙන් පාප් තනතුරට පත් කරනු ලැබුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ගනුදෙනු කිරීමට බවය.

“ලියෝ පාප්තුමා ලෙස තමාගේ වැඩකටයුතු නිවැරදි කරගත යුතුයි. දේශපාලනඥයෙකු නොවී පොදු බුද්ධිය පාවිච්චි කළ යුතුයි,” යනුවෙන් ට්‍රම්ප් සටහන් කළේය. ඉන් අනතුරුව ක්‍රිස්තුස් වහන්සේ වැනි ස්වරූපයකින් හාස්කම් සිදුකරන ට්‍රම්ප්ගේ රූපය පළවීමත් සමඟ එහි පණිවිඩය ඉතා පැහැදිලි විය.

trump-pope

ලෝකයේ ප්‍රතිචාරය: කම්පනය, කෝපය සහ උපහාසය

මෙම සටහන පළවී මිනිත්තු කිහිපයක් ඇතුළත එය අතිශය වේගයෙන් ප්‍රචාරය විය. Truth Social ජාලයේ ට්‍රම්ට ආධාර කරන දහස් ගණන් MAGA ආධාරකරුවන් මෙය ප්‍රබල සංකේතයක් ලෙස අගය කළහ. නමුත් අන්තර්ජාලයේ සෙසු ප්‍රජාව සහ ට්‍රම්ප්ගේම ක්‍රිස්තියානි පදනමේ ඇතැම් පිරිස් පවා මෙයට දැඩි විරෝධයක් එල්ල කළහ.

කිතුනු නායකයින් සහ බැතිමතුන් මෙය “දේව අපහාසයක්”, “උමතු ක්‍රියාවක්” සහ “ගැඹුරු මානසික රෝගී තත්වයක්” ලෙස හඳුන්වා දුන්හ. ජනාධිපතිවරයෙකු මෙසියස් වහන්සේගේ ස්වරූපයෙන් පෙනී සිටිමින් ජේසුස් වහන්සේගේ ප්‍රාතිහාර්යයන් දේශපාලන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම ශුද්ධ වූ සීමාවන් ඉක්මවා යාමක් බව විවේචකයෝ කීහ.

මෙම රූපයේ සිටින රෝගියා ජෙෆ්රි එප්ස්ටයින්ට සමාන බවත්, එහි ඇඟිලි සහ ධජයේ තරු වැනි AI දෝෂ පවතින බවත් බොහෝ දෙනා පෙන්වා දුන්හ.

රූපයට ටෲත් ෂෝෂල් ගිනුමේ පලවුන ප්‍රතිචාර 5,800 ගැන විග්‍රහයක් –

ට්‍රම්ප්ගේ මෙම “දිව්‍යමය” රූපයට ලැබී ඇති ප්‍රතිචාර 5,800කට අධික ප්‍රමාණයක් ලැබී තිබිණි.  ඉන් සියයට 45ක් ප්‍රතිචාර දක්වා තිබුණේ ට්‍රම්ප්ගේ  අචල සහයෝගී භක්තිවන්තයින්ය.    ඔවුන් මෙම රූපය දුටුවේ ඔහු කෙරෙහි පවතින “ගැලවුම්කාර” ප්‍රතිරූපයේ සංකේතයක් ලෙසය. “අපට අවශ්‍ය මෙවැනි ශක්තිමත් නායකයෙක්”, “දෙවියන් වහන්සේ ඇමරිකාව සුවපත් කිරීමට ට්‍රම්ප්ව එවා ඇත” වැනි අදහස් මෙහිදී ප්‍රමුඛ විය. මේ දිස්වන්නේ  “ඇමරිකාවේ ආත්මය සුවපත් කරන නායකයාගේ සැබෑ ස්වරූපය” බව ඔවුහු කීහ. ඔවුන්ට අනුව මෙය හාස්කමක්  නොව, ඇමරිකානු ජනතාව රෝගී කළ දූෂිත පද්ධතියෙන් ඔවුන්ව මුදාගැනීමට ට්‍රම්ප්  සතු කැපවීම සංකේතවත් කරන්නක් බවය.

එහෙත්, මෙම ප්‍රතිචාර අතර දේවධර්මවේදීන් සහ දැඩි ආගමික මතධාරීන්ගේ විරෝධය කැපී  පෙනුනි. ප්‍රතිචාරවලින් සියයට 30ක  කතෝලික සහ ක්‍රිස්තියානි ප්‍රජාවන්ගෙන් එල්ලවුන දැඩි විරෝධය ප්‍රකට විය. මෙය දේව අපහාසයක් ලෙස හඳුන්වමින්, ජේසුස් වහන්සේගේ හාස්කම් දේශපාලනයට ඈඳා ගැනීම පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ල පළ කර තිබුණහ. පාප්තුමාට එල්ල කළ ප්‍රහාරය සමඟ මෙය සැසඳීමෙන් ඔවුන්ගේ විරෝධය තවත් තීව්‍ර වී තිබිණි.

තවත් පිරිසක් මෙම රූපයේ තාක්ෂණික සහ සදාචාරාත්මක දෝෂ පිළිබඳව අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම, සුවය ලබන රෝගියාගේ මුහුණේ ස්වරූපය ආන්දෝලනාත්මක පුද්ගලයෙකු වන ජෙෆ්රි එප්ස්ටයින්ට සමාන වීම පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් සිය දහස් ගණනින් සිය හාස්‍ය මුසු ප්‍රශ්න කිරීම මතුකළේය. සියයට 15ක් පමණ වූ මෙම පිරිස   මෙම රූපය “විකාරයක්” සහ “ප්‍රහසනයක්” ලෙස නම් කරනු ලැබ තිබුණේ  ට්‍රම්ප් පාර්ශවයෙන් සිදුවූ දරුණු තාක්ෂණික අතපසුවීම මතුකරමිනි.

දේශපාලන සහ ආරක්ෂක විශ්ලේෂණ සහිත ප්‍රතිචාර සියයට 10ක් ඒ අතර විය.   වත්මන් ඉරාන ගැටුම සහ ජාත්‍යන්තර දේශපාලන තත්වය හමුවේ මෙවැනි පණිවිඩයකින් ඇතිවිය හැකි බලපෑම ගැන උනන්දුවක් දැක්වූවන් මේ ගණයට අයත් විය.

ලොව පුරා ප්‍රධාන පෙළේ පුවත්පත් මෙය “අසම්මත”, “පූජනීයත්වයට නිගරු කළ” සහ “දේව අවමානයක්” (God Complex) සහිත ක්‍රියාවක් ලෙස වාර්තා කළේය. CNN, The Times ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යවල මුල් පුවත් බවට මෙය පත්විය. සමාජ මාධ්‍ය පුරා ආගම, බලය සහ මෙම දෙකෙහි භයානක සම්මිශ්‍රණය පිළිබඳ උණුසුම් වාද විවාද ඇති විය.

මෙහි සැබෑ අර්ථය කුමක්ද?

මෙය හුදෙක් අහඹු ලෙස පළ කරන ලද්දක් නොවේ. මෙය ට්‍රම්ප්ගේ සුපුරුදු ආක්‍රමණශීලී සහ අවධානය දිනාගන්නා උපක්‍රමයකි. ආගමික රූප රාමු සහ ඇමරිකානු දේශප්‍රේමය මුසු කිරීමෙන් ඔහු තමා ජාතියේ අවසාන ආරක්ෂකයා සහ සුවපත් කරන්නා ලෙස හඳුන්වා දී ඇත.

එමෙන්ම මෙය වතිකානුව සමඟ පවතින ගැටුමට තවදුරටත් ඉන්ධන සපයයි. ලියෝ පාප්තුමා ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්න කර ඇති පසුබිමක, ඇමරිකාවේ දිව්‍යමය අධිකාරිය ඇත්තේ පාප්තුමාට නොව තමාට බව ට්‍රම්ප් මෙමගින් වක්‍රව ප්‍රකාශ කරනු පෙනේ.

මෙම රූපය දේශපාලනය සහ ඇදහිල්ල පෙර නොවූ විරූ ලෙස ගැටෙන බෙදී ගිය ඇමරිකාව මනාව නිරූපණය කරනු දකිමු. නායකත්වය, නිහතමානිකම සහ ජනාධිපතිවරයෙකු තමා නවීන ගැලවුම්කරුවෙකු ලෙස පෙනී සිටීමට AI තාක්ෂණය භාවිතා කිරීම හරහා යළිත් ඇමරිකානු සමාජයේ පොදු ජන රුචියේ ස්වරූපය දේශපාලනිකව ප්‍රශ්න කෙරෙමින් ඇත.  තමන්ගේ ජනමතයෙන් ප්‍රකාශිත නායකයාගේ ස්වරූපය සමාජය ඉදිරියේ නිරාවරණය වනවිට ඇමරිකානුවන් එය දරා ගනු ඇත්තේ කෙසේ දැයි අපට වැටහෙන්නේ නැත.

වතිකානුව මේ දක්වා මෙම රූපණය පිළිබඳව  නිහඬය.  එහෙත් මතු වී ඇති සමාජ සංවාදය උණුසුම්ය. 2026 වසරේ මේ දක්වා වැඩිම කතාබහට ලක්වූ සමාජ මාධ්‍ය සටහන  ඔස්සේ පෙළ ගැසෙන ලෝක දේශපාලනයේ ස්වරූපය දෙස අපි පරිධියේ සිට බලාගෙන සිටිමු.

මේ ලිපියත් කියවන්න…

 “ලියෝ පාප්තුමා විදේශ ප්‍රතිපත්තිය ගැන දන්නේ නැහැ   ඔහු පාප් ධූරයට සුදුසුත් නෑ…” ට්‍රම්ප්ගෙන් පාප් වහන්සේටත් ධරුණු ප්‍රහාරයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් එන්නතින් 60000ක් මැරුණා ද?… එලොන් මස්ක් සහ ෆයිසර් විද්‍යාඥයාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව කියවන්න…

Next Post

හෙළ සිරිතයි – අවුරුදු මේසයේ රස ගුණ පිරි කැවුම් විත්තිය!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.