මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයෙකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුරදක්නනයක්, යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි ඊයේ (30) රාත්‍රියේ දී පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මවුලවී 43 වියති ආයෙකු බවත්, ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයකු බවත් පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බලකාය පවසයි.
එම ටී.56 ගිනි අවිදෙක පතුරම් හැට සහ මැගසින් දෙක මෙන්ම දුරදක්නය පොහොර මල්ලක දමා ගෙවත්තේ වළඳමා ඇති අතර ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි, පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ටි,56 ගිනි අවි දෙක, පතුරම්, සහ අනෙකුත් උපකරණ කුමන ප්‍රහාරයක් සඳහා ඔහු ළඟ තබා ගන්නට ඇත්ද යන්න
විමර්ශනය කිරීම සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශයට 31 වෙනිදා භාරදීමට කටයුතු කරන බව අරලගංවිල විශේෂ කාර්ය බළකායේ අනදෙන නිලධාරී, පොලිස් පරීක්ෂක ආර්.එම්.පි. ජයකැලුම් අප කළ විමසීමකදී සඳහන් කළේය







