අම්පිටිය ගාල්තැන්නේ දී පුද්ගලයින් දෙදෙනෙකුට ඇණ ගැසූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය විසින් ප්‍රකාශ කර සිටි දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැති කපුවා මීට ටික වෙලාවකට පෙර නීතිඥවරු දෙදෙනෙක් මාර්ගයෙන් බලගොල්ල පොලිසියට භාර වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම තැනැත්තා සොයා විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායම් පහක් දින 4ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණු බව පොලිසිය පවසා තිබිණි.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අද පෙරවරුවේ මහනුවර පොලිසියට
භාර වූ බවත් මේ වනවිට සැක කාර පුද්ගයන් 12 දෙනාම පොලිස් අත්අඩංගුවේ බවත් මහනුවර සහකාර පොලිස් අධිකාරී චමිල් රත්නායක කීවේය. ඔවුන් සියලු දෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග තහවුරු කළේය.
මෙම කපුවා ඊයේ සිය ෆේස් බුක් ගිනුමේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ තමන් දේව දරුවෙක් බවත්, මෙවැනි අපරාධවලට සම්බන්ධ නැති බවත්, ඇණ ගැසූ පුද්ගලයන් දෙදෙනා තමන්ගේ විරුද්ධවාදීන් වුවද තමන් ඊට සම්බන්ධ නැති බවත් පොලිසියට භාර වීමේ අභිලාෂයක් තමන්ට ඇති බවත්ය.
ඇණ ගැසූ පුද්ගලයන් දෙදෙනා මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.