– ලලිත් චාමින්ද –
මෙම වසරේ (2026) මුල් මාස පහ (ජනවාරි – මැයි) තුළ ශ්රී ලංකාවට පුද්ගලික රථවාහන ආනයනය කිරීම සඳහා වූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 828.8 දක්වා සියයට 254.8කින් ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවකට අනුව, ඉකුත් වසරේ (2025) මෙම කාලසීමාව තුළ පුද්ගලික රථවාහන ආනයනය කිරීම සඳහා වැය කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 233.6ක මුදලකි.
එමෙන්ම, මෙම වසරේ මැයි මාසය තුළ පමණක් පුද්ගලික රථවාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 207.8ක් වැය කර තිබේ. ඉකුත් වසරේ මැයි මාසයේදී ඒ සඳහා වැය කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 91.9ක් පමණි. ඒ අනුව ඉකුත් වසරේ මැයි මාසයට සාපේක්ෂව මෙම වසරේ මැයි මාසයේ රථවාහන ආනයන වියදම සියයට 126.2කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.







