බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට වැසි…  නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරේ!

by editor
මැයි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙරට බලශක්ති උත්පාදනයට දැඩි බලපෑම් එල්ල කළ නියං තත්ත්වයෙන් පසුව, දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන තද වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයටත් අද දිනයේ සහ ඉදිරි දින කිහිපය තුළ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය.

මෙම වර්ෂාපතනයත් සමඟ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත. කඳුකර සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල වසන ජනතාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් උපදෙස් දෙයි.

ජල විදුලි උත්පාදනයට නව බලාපොරොත්තුවක්

2026 වසරේ මුල් මාසවල පැවති වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම දැඩි ලෙස පහත වැටී තිබුණි. විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව එක් අවස්ථාවක 21.8% දක්වාම අඩුවීම විදුලි සැපයුමට දැඩි අවදානමක් මතු කළේය.

කෙසේ වෙතත් වත්මන් වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ සහ ඉහළ කොත්මලේ වැනි ප්‍රධාන ජල විදුලි බලාගාරවල ජල මට්ටම් යළි ඉහළ යමින් පවතී. මහවැලි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ නවතම දත්ත වාර්තා අනුව, මේ වනවිට ප්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව රන්දෙනිගල ජලාශය එහි උපරිම ධාරිතාවයෙන් 81% ක් දක්වා ඉහළ ගොස් තිබේ.  රන්ටැඹේ  සහ ඉහළ කොත්මලේ ජලාශ පිළිවෙළින් 67% ක සහ 60% ක මට්ටම්වල පසුවේ. මීට අමතරව වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 42% ක් ලෙස සටහන් වන අතර, පවතින වර්ෂාපතනය මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වී තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

කෙසේ වෙතත් වසරේ මුල් භාගයේ පැවති දැඩි වියළි කාලගුණය හේතුවෙන් කොත්මලේ ජලාශයේ ජල මට්ටම 22% දක්වාම පහත වැටී තිබිණි.   වර්තමාන වර්ෂාවත් සමඟ එය 28% ක මට්ටමක් දක්වා සෙමින් වර්ධනය වෙමින් පවතී.  නමුත් ජල මට්ටමේ වැඩිවීමක් ඉදරි දින වලදී අපේක්ෂා කෙරේ.  මෙම වාතාවරණය හමුවේ විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ජලය කළමනාකරණය කිරීමටත්, පහළ නිම්නවල ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමටත් මහවැලි අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය ජලාශවල වාන් දොරටු පිළිබඳ දැඩි අවධානයෙන් පසුවෙයි.

මේ වන විටත් මහවැලි පද්ධතියේ සහ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දැමීමට හෝ පාලිත මට්ටමකින් ජලය මුදා හැරීමට පටන් ගෙන ඇත.

මහවැලි අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය ජල කළමනාකරණය සහ ගංවතුර පාලනය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර, ගංගා දෙපස සහ පහත් බිම්වල වසන ජනතාවට විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබේ. ඉදිරි දින කිහිපය තුළ ද මෙම වැසි සහිත කාලගුණය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ රෑ අසර්බයිජානයේ සිට රටට කුදලාගෙන පැමිණි කවුද මේ බටුවත්තේ චාමර…..

Next Post

වර්ජනය අතර රෝහල් සූතිකාගාරයේ බිළිඳෙක් මියෙන්නට හැර රාජකාරි වෙලාවේ පුද්ගලිකසේවයේ යෙදුන GMOA ත්‍රී කුණාමල රෝහලේ සභාපතිගේ වැඩ තහනම්!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.