බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

by editor
ජූනි 11, 2026
in පුවත්
shasi-W
Share on FacebookShare on Twitter

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට පැනවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම සහ දඩයට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (ජූනි 11) ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ඇයට පනවා තිබූ වසර දෙකක සිරදඬුවම සහ රුපියල් ලක්ෂයක දඩය එලෙසම ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම අභියාචන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න  සඳහන් කළේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර දෙන ලද තීන්දුව සදොස් නොවන බැවින් එය ඒ අයුරින්ම ස්ථීර කරන බවය.

අදාළ චෝදනාවට වරදකරු කරමින් 2022 වසරේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණි. එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලූ මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණයේ මුල් තීන්දුව සහ දඩය එලෙසම පවත්වා ගනිමින් අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ඇප පිට හිටි ශෂී වීරවංශ

ශෂී වීරවංශට බරපතල වැඩ සහිත වසර දෙකක   සිර දඬුවම නියම වන්නේ 2022 වසරේ මැයි 27 වැනිදා ය. එවකට  කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල  මෙම     සිර දඬුවමක් නියම කළේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ඇය වරදකාරිය කරමිනි.  වරදකාරිය කරමින්ය.

දඬුවම් නියම කිරීමෙන් අනතුරුව විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ. විත්තිකාරිය තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ පදනම මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ 2022 මැයි මස    27 වන දිනම ඇප අයදුමක් ඉදිරිපත් කරනු ලැබුවාය.

විත්තිකාරියට පවතින නඩු හෝ පෙර වැරදි කිසිවක් නොමැති බවත් දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියායචනය විමසීම්  සඳහා විශාල කාලයක් ගතවීම යන සුවිශේෂී කරුණු   විත්තිකාරියගේ නීතඥයින් ඉදිරිපත් කළහ. එම කරුණු සලකා බලා ඇයව බන්ධනාගාරගත කර දින 04කින් ඇයව ඇප මත මුදා හරිනු ලැබුවේය.

ඒ අනුව විදේශ ගමන් තහනමක් පනවා   රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකාරිය මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අද ලැබුණු  මෙම තීන්දුවත් සමඟ අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර සිදුවීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ විසින් මහාධීකරණයේ  ගෙන ගිය නීතිමය අභියෝගය අවසන් වන අතර, මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට අනුව ඇය නියමිත සිරදඬුවම විඳිය යුතු වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

Next Post

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තවම කිසිම තීරණයක් නෑ – ඇමති හර්ෂණ නානායක්කාර කියයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.