සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

by editor
ජූනි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

සංවිධානාත්මක අපරාධකරුවෙකුට වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමට ආධාර අනුබල දීමේ බරපතළ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලබන ජූනි 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB/CID) මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (26) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි නිලධාරියෙකි.

කරන්දෙණියේ රාජුගෙන් පෑදුණු සුලමුල

මෙම මහා පරිමාණ වංචාව කරළියට පැමිණෙන්නේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන ‘කරන්දෙණියේ රාජු’ නමැති සංවිධානාත්මක අපරාධකරු සම්බන්ධයෙන් කෙරෙන දීර්ඝ විමර්ශන දාමයත් සමඟය. ප්‍රකට අපරාධකරුවකුවන ‘කරන්දෙණියේ සුද්දා’ගේ සහෝදරයාවන රාජු, පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මෙරටට රැගෙන එනු ලැබීය.

ඔහු මෙරටින් පලා යාමට භාවිතා කළ ව්‍යාජ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශන නිලධාරීන් සිදුකළ සූක්ෂ්ම සෝදිසි කිරීම්වලදී අනාවරණය වූයේ, 2023 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස කටයුතු කළ ඉහළ නිලධාරියෙකු විසින් මෙම ව්‍යාජ ලේඛනය සකස් කර දී ඇති බවයි.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ මෙම සෘජු දායකත්වය හඳුනාගන්නා විට, අදාළ සැකකරු මෙරට ඉහළම රාජ්‍ය ආයතනයක් වන ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරක් හොබවමින් සිටීම විශේෂත්වයකි.

RelatedPosts

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

රාජ්‍ය ආරක්ෂාව සහ පත්වීම් ක්‍රියාවලිය 

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස කටයුතු කරමින්, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සමස්ත ක්‍රියාවලියේ තීරණාත්මක බලතල දැරූ මෙවැනි නිලධාරියෙකු, පාතාල අපරාධ ජාලයක සාමාජිකයෙකුට මෙරටින් පලා යාමට ව්‍යාජ ලේඛන සකසා දීම රාජ්‍ය යාන්ත්‍රණයේ විශ්වාසනීයත්වයට එල්ල වූ මරු පහරකි.

එමෙන්ම, මෙවැනි බරපතළ චෝදනා සහිත නිලධාරියෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වැනි රටේ අතිශය සංවේදී සහ ඉහළම විධායක ආයතනයක තනතුරක් සඳහා අනුයුක්ත කිරීමට පෙර රාජ්‍ය නිලධාරීන්ගේ පසුබිම් පරීක්ෂාවන් (Background checks) සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක වී තිබේද යන්න පිළිබඳව මෙමඟින් ගැඹුරු සමාජ කතිකාවතක් නිර්මාණය කර ඇත.

විමර්ශන මෙහෙයවන කණ්ඩායම

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි. මෙම විශේෂ විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

නීතියේ රීතියට අනුව වැරදිකරු වන තෙක් ඕනෑම සැකකරුවෙකු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ.  අපරාධ විමර්ශන අංශ පවසන්නේ සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි රැස් කිරීම් තවදුරටත් සිදුකරන බවය.

මේ රාජ්‍යය වෙලාගෙන පැතිරී ගිය පාර රාජ්‍යයේ ගැඹුර දැන් අපව බියපත් කරන්නේය. රටේ අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමතිවරයාගේ පුතා රටේ දැනට පණ පිටින් සිටින ප්‍රධාන අපරාධකරු නොමරා සිටීමටත්, ඔහුට පහසුකම් සැලසීමටත් කෝටි 20ක කප්පමකට ඩීල් කර  ඉන් කෝටි 12ක් ලබාගෙන මේ වනවිට බන්ධනාගාරගතව ඉන්නේය.

මේ කෝටි 12ක ඇඩ්වාන්ස් එක ගැනීම සඳහා    එම අපරාධකරුගේ බිරිය හමුවීමට පුතා ඩුබායි රාජ්‍යයට යන ගමනට අධිකරණ ඇමතියාත් එක් වූ බවට අධිකරණයේ දී කරුණු වාර්තා වී ඇති ආකාරය මාධ්‍ය හෙළි කරන්නේය.

දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ  පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ඉතිහාසයේ බිහි වූ නින්දිතම පාදඩ අපරාධකරු ලෙස අපරාධ ලෝකය ද හඳුන්වන කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ අපරාධ හවුල්කාර මෙන්ම ඔහුගේ සොයුරා වූ කරන්දෙණිය රාජු නැමිති තුච්ච මිනී මරුවාට රටින් පැන ගැනීමට හොර පාස්පෝට් හදන්නේය. ඔහු ඒ පාදඩ වැඩේ කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස කටයුතු කරමින් සිටිය දීය.

අප අපේ දරුවන්ට උරුම කර දී ඇත්තේ මේ තරම් ආතල් රටකි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මගේ ආදරණීය මිත්‍රයන්ට ආරාධනාවක් තිබේ. ඉතින්  පෝලිමේ ඇවිත් මේ අධිකරණ ක්‍රියාවලියට  මඩුවලිගයෙන් තලන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

Related Posts

පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.