බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ පුරාජේරුව කුඩු පට්ටම් කළ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් පසු…!

by editor
අප්‍රේල් 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන
( CNN  ඇසුරිනි) –

ඇමරිකානු ජනතාව අතර දැනටමත් දැඩි ලෙස අප්‍රසාදයට පත්ව ඇති ඉරාන යුද්ධය, නව සහ වඩාත් ගැටලුකාරී අවධියකට අවතීර්ණ වී තිබේ. ඒ, ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළූ බවට වාර්තා වීමත් සමඟය.

පසුගිය අප්‍රේල් 3 වන සිකුරාදා දින ඉරාන ගුවන් සීමාවේදී ඇමරිකානු ගුවන් හමුදාවට අයත් F-15E Strike Eagle වර්ගයේ ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළා තිබිණි. සී.එන්.එන් (CNN) පුවත් සේවය වාර්තා කරන පරිදි, ඔවුන්ගෙන් එක් අයෙකු බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර  ඇත.  අනෙක් සාමාජිකයාට අත්වූ ඉරණම පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් දැනගන්නට නැත.

අතුරුදහන්ව සිටින  නියමුවා සෙවීමේ මෙහෙයුම

මෙතෙක් අතුරුදහන්ව සිටින දෙවන කාර්ය මණ්ඩල සාමාජිකයා සොයා ගැනීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි. මධ්‍යම ඉරානයේ කුසෙස්තාන් (Khuzestan) පළාතේ කඳුකර ප්‍රදේශයකට එම නියමුවා පැරෂුට් ආධාරයෙන් ගොඩබැස ඇති බවට විශ්වාස කෙරෙන අතර, ඔහුව පණපිටින් අල්ලා ගැනීම ඉරානයේ මූලික අරමුණ වී තිබේ. ඉරාන හමුදා විසින් එම ප්‍රදේශය ආවරණය වන පරිදි ඩ්‍රෝන යානා සහ හෙලිකොප්ටර් දහයකට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර, ගොඩබිම් සෝදිසි කිරීම් සඳහා විශේෂ බලකා සාමාජිකයන් සහ ප්‍රාදේශීය ආරක්ෂක කණ්ඩායම් ද ඒකරාශී කර ඇත. මෙම මෙහෙයුම හරහා අදාළ නියමුවා අත්අඩංගුවට ගැනීමට හැකි වුවහොත්, එය ඇමරිකානු පාලන අධිකාරිය ජාත්‍යන්තරය හමුවේ දැඩි අපහසුතාවයට පත් කළ හැකි ප්‍රබල දේශපාලන තුරුම්පුවක් වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර, අතුරුදහන් වූ නියමුවා ඉරාන අත්අඩංගුවට පත්වීමට පෙර මුදාගැනීම සඳහා එක්සත් ජනපද මධ්‍යම විධානය (CENTCOM) විසින් ද අතිශය අවදානම් සහගත සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ (CSAR) මෙහෙයුමක් රහසිගතව දියත් කර තිබේ. ඇමරිකානු බුද්ධි අංශ වාර්තා පවසන්නේ ඉරාන සෝදිසි කණ්ඩායම් දැනටමත් නියමුවා සිටින බවට සැක කෙරෙන කලාපයට ඉතා ආසන්න වී ඇති බවයි. කලාපයේ පවතින අයහපත් කාලගුණය සහ ඉරාන ගුවන් යානා නාශක පද්ධතිවල තර්ජනය මධ්‍යයේ ඇමරිකානු විශේෂ බලකායන් මෙම මෙහෙයුම මෙහෙයවනු ලබයි. මෙම නියමුවා සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වී තිබෙන මෙම තරඟකාරී මෙහෙයුම් හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දෙපාර්ශවයේ හමුදා අතර සෘජු ගැටුමක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ආරක්ෂක විශ්ලේෂකයෝ අවධාරණය කරති.

මීට අමතරව, එදිනම A-10 Thunderbolt II වර්ගයේ තවත් ඇමරිකානු ප්‍රහාරක යානයක් ද ඉරාන ප්‍රහාරයකට ලක්ව ඇති අතර, එහි නියමුවා දැඩි ලෙස හානි වූ යානය කුවේට් ගුවන් සීමාව දක්වා මෙහෙයවා ඉන් පිටතට පැන (Eject) ජීවිතය බේරා ගැනීමට සමත් වී ඇත. ඉරාන රජයේ මාධ්‍ය මෙම යානා F-35 වර්ගයේ ඒවා බවට මුලින් ප්‍රකාශ කළ ද, පසුව හමු වූ සුන්බුන් කොටස් මගින් ඒවා F-15E යානා බවට ඇමරිකානු බලධාරීන් විසින් තහවුරු කර තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම සිදුවීම් මගින් ඉරානය හදිසියේම මිලිටරිමය වශයෙන් ඇමරිකාවට සමාන මට්ටමකට පැමිණ ඇති බවක් අදහස් නොකෙරේ. එමෙන්ම, මෙතෙක් වාර්තා වී ඇති ඇමරිකානු පාර්ශවයේ ජීවිත හානි සීමිත මට්ටමක පවතින අතර, පසුගිය සති තුන ඇතුළත කිසිදු මරණයක් වාර්තා වී නොමැත. එහෙත් ප්‍රශ්නය වන්නේ ට්‍රම්ප් විසින් ගොඩනගන ප්‍රතිරූප කුඩු පට්ටම් වී යෑමය.

රෙදි පල්ලෙන් බේරුන ට්‍රම්ප්ගේ නරිවාදම

කෙසේ වෙතත්, යුධමය ආධිපත්‍යය එක්සත් ජනපදයේ ප්‍රධානතම වාසිය වී පවතින මෙවැනි ගැටුමකදී, මෙම සිදුවීම් මගින් අසමමිතික යුධ ක්‍රමවේදයන්හි (Asymmetric warfare) පවතින අවදානම මැනවින් පෙන්නුම් කරයි. මෙවැනි යුද්ධයක් සඳහා දැරීමට සිදුවන පිරිවැය සම්බන්ධයෙන් ඇමරිකානු මහජනතාව දැනටමත් සිටින්නේ එකඟ නොවන තත්වයකය.

මෙම සිදුවීම් මගින් ඉරාන ගුවන් කලාපය තුළ තමන්ට පූර්ණ ආධිපත්‍යයක් පවතින බවට ට්‍රම්ප් පරිපාලනය කළ ප්‍රකාශයන් මෙන්ම, පසුගිය මාසය පුරා ගොඩනැගීමට උත්සාහ කළ ‘අභියෝග කළ නොහැකි’ (Impenetrability) යන ප්‍රතිරූපයද බිඳ වැටී තිබේ.

එම ප්‍රකාශයන් මීට පෙරද අවස්ථා කිහිපයකදීම පරස්පර විරෝධී බව ඔප්පු වී තිබුණද, මෙම සිදුවීම එයට කදිම නිදසුනකි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මීට පෙර අඟවා සිටියේ එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ඉරානයට ඉහළින් පියාසර කිරීමට පූර්ණ නිදහසක් පවතින බවයි. ටෙහෙරානයට එය වැළැක්වීමට කිසිදු හැකියාවක් නොමැති බව ඔවුහු ප්‍රකාශ කළහ. විශේෂයෙන්ම, මීට මාසයකට පමණ පෙර, එනම් මාර්තු 4 වන දින පැවති මාධ්‍ය හමුවකදී පීට් හෙග්සෙත් කියා සිටියේ එවැනි පූර්ණ ගුවන් ආධිපත්‍යයක් ලබා ගැනීමට ඉතා ආසන්නව සිටින බවය.

යුධ ජයග්‍රහණ අතිශයෝක්තියෙන් පැවසීමේ ඇමරිකානු පිළිවෙත අර්බුදයක:

“ඊයේ රාත්‍රියේ සිට ආරම්භ වී, සතියකට අඩු දින කිහිපයක් ඇතුළත අවසන් වන පරිදි, ලොව බලවත්ම ගුවන් හමුදා දෙක ඉරාන ගුවන් සීමාවේ සම්පූර්ණ පාලනය නතු කර ගනු ඇත” යනුවෙන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මීට පෙර පවසා තිබුණි. ඔහු එය හැඳින්වූයේ “අභියෝගයට ලක් නොකළ හැකි ගුවන් සීමාවක්” (Uncontested airspace) ලෙසිනි.

එමෙන්ම “ඉරානයට ඒ සම්බන්ධයෙන් කිසිවක් කිරීමට නොහැකි වනු ඇත” යනුවෙන් ද හෙග්සෙත් වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පසුගිය සති දෙක පුරා මෙම ගුවන් ආධිපත්‍යය පිළිබඳව දැඩි විශ්වාසයකින් අදහස් දක්වා තිබුණි. “අපේ ගුවන් යානා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ටෙහෙරානය සහ ඔවුන්ගේ රටේ අනෙකුත් ප්‍රදේශ හරහා පියාසර කරනවා; ඔවුන්ට ඒ ගැන කිසිවක් කළ නොහැකියි” යනුවෙන් ඔහු මාර්තු 24 වන දින ප්‍රකාශ කළේය. එක්සත් ජනපදයට ඉරානයේ විදුලි බලාගාරයකට වුවද ප්‍රහාර එල්ල කළ හැකි බවත්, “ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නැති” බවත් ඔහු එහිදී පැවසීය.

ඉරානයට “නාවික හමුදාවක් නැත”, “හමුදාවක් නැත”, “ගුවන් හමුදාවක් නැත” සහ “ගුවන් යානා නාශක පද්ධති නැත” යනුවෙන් ජනාධිපතිවරයා සති ගණනාවක් තිස්සේ පවසමින් සිටියේය. පසුගිය බදාදා රාත්‍රියේ ධවල මන්දිරයේ සිට කළ ප්‍රකාශයකදී ඔහු කියා සිටියේ තමාට ඉරානයේ තෙල් පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ හැකි බවත්, “ඔවුන්ට ඒ වෙනුවෙන් කළ හැකි කිසිදු දෙයක් නොමැති” බවත්ය.

“ඔවුන් සතුව ගුවන් යානා නාශක උපකරණ නැහැ. ඔවුන්ගේ රේඩාර් පද්ධති සියයට 100 ක්ම විනාශ වෙලා. මිලිටරි බලකායක් ලෙස අපව නැවැත්විය නොහැකියි” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඇමරිකාව සතු දහස් ගණනක් වූ යානා අතුරින් මෙය බිම හෙළන ලද යානා දෙකක් පමණි. ඇතැම් අවස්ථාවලදී පාලන අධිකාරිය විසින් පසුබෑම් ඇති විය හැකි බවත්, ජීවිත හානි සිදුවිය හැකි බවත් අවධාරණය කර තිබුණි. ආරක්ෂක ලේකම් හෙග්සෙත් ද මාර්තු 4 වන දින පැවති එම මාධ්‍ය හමුවේදීම, “ඩ්‍රෝන යානා කිහිපයක් ඇතුළු විය හැකි හෝ ඛේදජනක දේ සිදු විය හැකි” තත්ත්වයන් පවතින බව පිළිගත්තේය.

නමුත් ගුවන් සීමාවේ තම මිලිටරි ආධිපත්‍යය පිළිබඳව පරිපාලනය කළ ප්‍රකාශයන් “සම්පූර්ණ පාලනය” සහ “අභියෝගයට ලක් නොකළ හැකි ගුවන් සීමාව” වැනි යෙදුම් භාවිතා කරමින් අත්‍යන්ත (Absolutist) ස්වරූපයක් ගත්තේය. එහිදී ඔවුන් පෙන්වා දීමට උත්සාහ කළේ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය වන අවි ආයුධ පවා ඉරානය සතු නොවන බවය.

බිම දැමූ යානයේ සුන්බුන්…

ඉරාන මිසයිල බලය තවමත් සක්‍රීයයි

මෙම සිදුවීම් මාලාව ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ සමීපතමයන් විසින් යුධ ජයග්‍රහණ අතිශයෝක්තියට නංවා පෙන්වීමට උත්සාහ කළ නවතම අවස්ථාව ලෙස හඳුනාගත හැකිය.

පසුගිය ජූනි මාසයේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාරවලින් පසු, එම න්‍යෂ්ටික වැඩසටහන “සම්පූර්ණයෙන්ම විනාශ කළ” බවත් එය යළි ගොඩනැගිය නොහැකි බවත් ට්‍රම්ප් දිගින් දිගටම කියා සිටියේය. එහෙත් එක්සත් ජනපද බුද්ධි අංශවල මුල්කාලීන තක්සේරු කිරීම්වලින් හෙළි වූයේ ඊට වඩා වෙනස් තත්ත්වයකි. එහි ප්‍රතිඵලයක් ලෙස, මාස නවයකට පසු පාලන අධිකාරියට යළිත් වරක් ඉරානය දැවැන්ත න්‍යෂ්ටික තර්ජනයක් ලෙස හුවා දැක්වීමට සිදුවිය.

යුද්ධය ආරම්භ වූ විගසම, ප්‍රාථමික විදුහලකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ට්‍රම්ප් ඉරානයට චෝදනා කළද, පසුව සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වූයේ එම ප්‍රහාරය බොහෝ දුරට එක්සත් ජනපදය විසින්ම එල්ල කරන ලද්දක් විය හැකි බවය.

එමෙන්ම, ඉරානයේ මිසයිල දියත් කිරීමේ පද්ධති විනාශ කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයන් ද අතිශයෝක්තියක් බවත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සතු මිසයිල හැකියාවන්ගෙන් අඩක් පමණ තවමත් සුරක්ෂිතව පවතින බවත් සී.එන්.එන් පුවත් සේවය ඊයේ වාර්තා කළේය.

මෙහි ඇති ප්‍රධානතම දේශපාලන ගැටලුව වන්නේ, වර්තමාන එක්සත් ජනපද  පාලන අධිකාරියට පෙන්වීමට ඇති එකම සාර්ථකත්වය ලෙස සැලකෙන යුධ ජයග්‍රහණ මෙලෙස ප්‍රශ්නාර්ථයට ලක්වීමය.

ඇමරිකානු ජනතාවට මෙම මෙහෙයුම පිළිබඳව ඇත්තේ ඉතා අඩු විශ්වාසයකි. මෙහි අරමුණු හතර නිරන්තරයෙන් වෙනස් වීම නිසා ඔවුන්ට මේ පිළිබඳ නිසි අවබෝධයක් ලැබී නොමැත. සමහර විට මෙහි ඇති ලොකුම ගැටලුව වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමත් සමඟ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඇති වී තිබෙන ආර්ථික අවපාතය ය. ඇමරිකානුවන් විශ්වාස කරන්නේ මෙම යුද්ධය සඳහා දරන පිරිවැය අනවශ්‍ය එකක් බවය.

බිම දැමූ යානය

මිල්ටරි සාර්ථකත්වය මාධ්‍ය අවතකසේරු කළා ද?

කෙසේ වෙතත්, විශේෂයෙන්ම ආරක්ෂක ලේකම් හෙග්සෙත් තර්ක කරන්නේ මෙහෙයුමේ මිලිටරි සාර්ථකත්වය මාධ්‍ය විසින් හෑල්ලුවට ලක් කර ඇති බවයි. “ව්‍යාජ පුවත් (Fake News) වලට මඟ හැරී ඇත්තේ මෙයයි. අපි ගොඩබිම් හමුදා යොදා නොගෙනම ඉරානයේ ගුවන් සීමාව සහ ජල මාර්ගවල පාලනය නතු කරගෙන තිබෙනවා” යැයි ඔහු මාර්තු 4 වනදා පැවසීය.

නමුත් මාසයකට පසුව පෙනී යන්නේ, අතිශය තීරණාත්මක ජල මාර්ගයක් තවමත් පාලනය කිරීමට නොහැකි වී ඇති බවය. එමෙන්ම ඉරාන ගුවන් සීමාවේ පාලනය සහ ඔවුන්ගේ මිසයිල වැඩසටහන විනාශ කළ බවට කළ ප්‍රචාරයන් ද ප්‍රායෝගිකව සත්‍ය නොවන බව දැන් තහවුරු වෙමින් පවතී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පශ්චාත‍් සීමාවාසික පත්වීම් සඳහා නවක වෛද්‍යවරුන්ට ඉල්ලුම් කිරීමට ඇති කාලය අද දහවල් 12න් අවසන්…

Next Post

වෘත්තිය භාවය පසෙක ලා ගේම ඉල්ලන් චන්ඩි නිසා උන්ව නඩත්තු කරන අසරණ අපිට කෙළවෙන හැටි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.