සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන අභියෝග ජයගනිමු – අලුත් අවුරුදු පණිවිඩයෙන් ජනපති ඉල්ලයි!

by editor
අප්‍රේල් 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ එකම නැකතකට සාමුහිකව කටයුතු කිරීමෙන් විදහා දැක්වෙන සමාජ-සංස්කෘතික බැඳීම රටේ අනන්‍යතාව ලොවට විදහා දක්වන බවයි.

ජනාධිපතිවරයා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි.

පාරම්පරික සම්ප්‍රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් සාමුහිකව, එකම නැකතකට කටයුතු කිරීම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී සිදු කෙරේ. මෙම සංස්කෘතික බෙදාහදාගැනීම ලෝකය අභිමුවේ අප රටෙහි අනන්‍යතාව මෙන්ම අපගේ ප්‍රජාවන් අතර පවතින සමාජ-සංස්කෘතික බැඳීම මනාව නිරූපණය කරන්නකි.

රටේ අනාගත සංවර්ධන මාවත තෝරාගත හැක්කේ මෙම අගනා සංස්කෘතියත්, විශිෂ්ට ඓතිහාසික උරුමයත් සමඟින් බව අප තරයේ විශ්වාස කරමු. ඒ අනුව අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ එම වටිනා උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව මෙහිලා සිහිපත් කළ යුතුය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

එමෙන්ම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර-වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාවෙන් පිළිබිඹු කෙරෙන්නේ සාමුහිකත්වය අගයන අනෙකාගේ මෙන්ම සොබාදහමේ පැවැත්මට ගරු කරන සහකම්පනීය අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමයි. අලුත් අවුරුද්දේ චාරිත්‍ර-වාරිත්‍රවලින් ප්‍රකට වන එම සාමුහිකත්වයේ ගුණාංග සහ හරයන් එම දින කිහිපයේ පමණක් නොව මුළු වසර පුරාම අපගේ චර්යාවෙන් නිරූපණය විය යුතු යැයි මම සිතමි.

පසුගිය වසරේ මුහුණ පෑ මෑතකාලීන විශාලතම ස්වභාවික ව්‍යසන අභියෝගය හමුවේ අප ලොවට පෙන් වූ අභ්‍යන්තර කම්පනවලට  ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම මැදපෙරදිග යුද්දයෙන් එල්ලව ඇති බාහිර අභියෝග හමුවේත් සැලසුම් සහගතව, මනා වූ කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් එම අභියෝග ජයග්‍රහණය කිරීමට ඇවැසි වැඩපිළිවෙළද රජය විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

රටක් ලෙස එක්ව මෙම අභියෝග ජයග්‍රහණය කිරීමේදී  සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ප්‍රකට කෙරෙන සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට කැප වෙමු’යි මම සියලු දෙනාගෙන් ඉල්ලමි.

දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු’යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද  සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා’යි හෘදයාංගම සුබපැතුම් එක් කරමි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් අවුරුද්දට QR අත්හිටුවන හැටි…

Next Post

නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරයේ මහා පරිමාණ දූෂණය කෝප් කමිටුවේ දි හෙළි වුන හැටි! ඇත්ත කතාව කියවන්න….

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.