ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සලේ වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විපක්ෂයේ ” දේශ ප්‍රේමී බලවේග ” සත්‍යග්‍රහයක් අරඹයි..

by editor
ජූනි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය. –

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට අමානුෂික සහ කෲර ලෙස  සැලකීම් ලැබෙන බවට චෝදනා කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහයක් කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රය ඉදිරිපිටදී ආරම්භ කර තිබේ.

“Stand Up for Sallay” නමින් හැඳින්වෙන මෙම විරෝධතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට විපක්ෂය සැලසුම් කර ඇත.

මෙම සත්‍යග්‍රහය සඳහා විපක්ෂ නියෝජිතයින් රැසක් එක්ව සිටි අතර, ඔවුහු සලේගේ ඉක්මන් නිදහස සහ නීති ක්‍රියාවලියේ සාධාරණත්වය ඉල්ලා සිටියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරනු ලබන පරීක්ෂණ එකපාර්ශ්වික බවත්, මේ හේතුවෙන් ඔහුට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් සංවිධායකයෝ පවසති. තම ඉල්ලීම් සම්පූර්ණයෙන් සලකා බලන තෙක් මෙම සාමකාමී විරෝධතාවය නතර නොකරන බවද ඔවුහු අවධාරණය කළහ.

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත, සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි 25 වැනිදා CID අත්අඩංගුවට පත්විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින ඔහුව, පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුවේ තෙවන සැකකරු ලෙස නම් කර තිබේ. මෙම නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග වන අතර, එය ලබන ජූලි 01 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

RelatedPosts

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

කෙසේ වෙතත් පොලිසිය සහ බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ, ඔහුට කිසිදු අමානුෂික සැලකීමක් සිදු කර නොමැති අතර නිසි පරිදි ආහාර පාන පවා සපයා ඇති බවය.

සෙනග එකතු වී සිටින හැටි…

මේ අතර සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පවුලේ සාමාජිකයින් සහ නීතිඥවරු  බරපතල චෝදනා එල්ල කරති. ඔහුගේ ශාරීරික හා මානසික තත්ත්වය දැඩි ලෙස පිරිහී ඇති බවත්, ඔහු PTSD (පශ්චාත් කාර්ය සාධන ආතතික ගුණාංග ආබාධය), විෂාදය සහ දැඩි ආතතියෙන් පීඩා විඳින බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් ඔවුහු පවසති. රැඳවුම් නියෝග මත සිටින ඔහු ආහාර ප්‍රතික්ෂේප කරමින් උපවාසයක නිරත වීම හේතුවෙන් තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබේ.

ඒ අනුව, සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් ඔහුව ඊයේ (ජූනි 07) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, මේ වන විට එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ සම්බන්ධයෙන් සලේගේ බිරිය  වන මනෝරි සලේ විසින් පොලිස්පතිවරයා (IGP) වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. නීතිඥවරුන් ඉල්ලා සිටින්නේ ඔහු වෙනුවෙන් ස්වාධීන වෛද්‍ය ඇගයීමක් සිදු කරන ලෙසය.

සුරේෂ් සලේගේ මෙම අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන ක්‍රියාවලිය වටා මේ වන විට දැඩි දේශපාලනික සහ නීතිමය කතිකාවතක් නිර්මාණය වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි 8ක් හමුවේ: සමස්තය 302 දක්වා ඉහළට!

Next Post

ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරා ගනී!

Related Posts

පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.