ආන්දෝලනාත්මක ක්‍රිෂ් (Krrish) සමාගම් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව ලබන ජූලි මස 07 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (මැයි 29) දින තීන්දු කළේය.
මෙම නඩුව අද උදෑසන මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, එහිදී නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-trial conference) අවසන් කිරීමට පියවර ගැනුණි. ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ නඩු විභාගය ජූලි මාසයේදී ආරම්භ කිරීමටයි.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන, එම මුදල සාපරාධී ලෙස සවිශ්වාසය කඩ කරමින් පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.







