දිනසේන රතුගමගේ –
මන්නාරම, සවුත් බාර් ප්‍රදේශයේ පිහිටි පැරණි විහාරස්ථානයක ඓතිහාසික කළුගල් වැටියක් නිධන් හොරුන් විසින් ඉකුත් 6 වනදා හාරා විනාශ කර තිබේ.
මෙම ස්ථානය වටිනා බෞද්ධ පුරාවස්තුවලින් සමන්විත ඓතිහාසික සිද්ධස්ථානයක් වන අතර, පසුගිය යුද සමයේදී මෙය නඩත්තු කිරීමට හෝ සුරක්ෂිත කිරීමට නිසි පියවරක් ගෙන නොතිබුණි. එම තත්ත්වය හේතුවෙන් පසුකාලීනව වෙනත් ආගමික කණ්ඩායමක් විසින් මෙම ස්ථානය ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් සිදුකරන ස්ථානයක් බවට පත් කරගෙන තිබේ.
මෙම භූමිය තුළ ඉපැරණි වටිනා පුරාවස්තු පවතින බැවින්, මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙය නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතු වී ඇත. මෙවරද සංවිධානාත්මක පිරිසක් විසින් එහි තිබූ පැරණි කළුගල් බැමි පෙළක් කුඩා ගල් කැබලි බවට පත් කරමින් දැඩි ලෙස විනාශ කර පළාගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත









