සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ICC T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය නිල වශයෙන් ඇරඹේ!

by editor
ජනවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

අද (21) සිට 24 දක්වා දින හතරක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරෙන අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා– එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ.

ඉන් අනතුරුව, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර ඒ සඳහා උද්‍යෝගය සහ ප්‍රේක්ෂක අවධානය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම-සත්කාරකත්වයෙන් පෙබරවාරි 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

2012 වසරේ පවත් වන ලද පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දැවැන්තම තරගාවලිය වන්නේ මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාල සටහන එළිදැක්වීම ඉකුත් 2025 වසරේ නොවැම්බර් 25 වන දා ඉන්දියාවේදී සිදු කෙරුණු අතර, එහිදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ලෙස, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණය තෝරා ගන්නා ලදී.

ඒ අනුව, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරග 8ක්ද, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ තරග 5ක්ද, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාගංණයේ තරග 7ක්ද වශයෙන් පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලියේ තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී පාකිස්තානු කණ්ඩායම සහභාගි වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.

එසේම, අවසන් පූර්ව සහ අවසන් මහා තරග සඳහා සහභාගි වීමට පාකිස්තානු කණ්ඩායම වරම් ලදහොත් එම තරග දෙකේ සත්කාරකත්වයද ශ්‍රී ලංකාව විසින් දරනු ලැබීමද විශේෂත්වයකි. එසේ වුවහොත් අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එවිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇත.

සත්කාරක රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැරුණු කොට එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් මෙවර තරගාවලිය නියෝජනය කරන අතර,
ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නැමීබියාව, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙවර තරගාවලියට දායකත්වය දක්වන සෙසු රටවල් වේ.

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට, ක්‍රීඩා සංවර්ධනයට, ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරණයට සහ සමාජය පිළිබඳ ඵලදායී වටිනාකමක් ලබා දීමට හැකි වන විශිෂ්ට අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

වි‌ශේෂයෙන්, විදේශීය සංචාරකයින් ඇතුළු කණ්ඩායම්, මාධ්‍ය කණ්ඩායම් සහ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් විශාල විදේශ විනිමය ආදායමක් රටට හිමිවනු ඇත. එසේම හෝටල් සහ ආහාර-පාන ව්‍යාපාර, ප්‍රවාහන සේවා, තාක්ෂණික සහ වැඩබලන සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කෙටි සහ දිගු කාලීන රැකියා අවස්ථා උදා වනු ඇති බව අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හඳුනා ගැනීමත් සමඟ එමඟින් නව ආයෝජන අවස්ථා හිමි වීම මෙන්ම ශ්‍රී ලංකාව වසරේ සෑම මාසයකදීම ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනා ගැනීමත්, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ප්‍රචලිත වීම වැනි දිගුකාලීන ප්‍රතිලාභ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම මගින් හිමි වනු ඇත.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අතුළු විධායක මණ්ඩලය සහ T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලාදේශය ඉන්දියාවට ආවෙ නැතිනම් ලෝක කුසලානයෙන් ඉවතට… ICC  බංගලාදේශයට තීරණයක් ගන්න දවසක් කල් දෙයි…

Next Post

‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී… මූලික සංවිධාන කටයුතු ගැන සාකච්ඡාවක්!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.