අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ICCය වරදකරු කළ නුවන් සොයිසා මාධ්‍යට කී කතාව

by Lanka Sara Editor
නොවැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන විධිවිධානවලට අනුව ඊයේ දින වැරදිකරු බවට ප්‍රකාශ කෙරුණු ශ්‍රී ලංකා පිලේ හිටපු පන්දු යවන්නකු වන නුවන් සොයිසා, තමන් මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන චෝදනා කිසිවකට සම්බන්ධ නැති බවත් ඒ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ක්‍රිකට් බේරුම්කරණ අධිකරණය සහ එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීති පියවර ගැනීමට බලාපොරොත්තු වන බව පැවසීය.

අද දින මාධ්‍ය වෙත මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ නුවන් සොයිසා තමන් හමුවේ එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිශ්චය සභාව ඔවුන්ගේ තීරණය ප්‍රකාශය කිරීමට මත්තෙන් නිකුත් කර තිබේ.

ඒ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හිතාමතාම තම කීර්තිය සහ අප රටේ කීර්තිය විනාශ කිරීමේ පටු අරමුණින් කළ එකක් බවද ඔහු පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නුවන් සොයිසා,
“2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පුහුණුවීම්වලට සම්බන්ධ වී සිටියදී මා අපහසුතාවයට පත් කරන ආකාරයෙන් මා හට වැරදි චෝදනා එල්ල කරමින් මා කිසිදාක නොකල වැරදි සම්බන්ධව චෝදනා කරමින් මා ගැන විමර්ශන ඇරඹුවා. චෝදනා එල්ල කළ කාලයේ සිට වසර දෙකක් දක්වා ක්‍රිකට් පුහුණු කිරීම ඇතුළු කිසිදු ක්‍රිකට් සම්බන්ධ කටයුතු වලට සහභාගි වීම මට තහනම් කළා. මා එවකට දැරූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු තනතුරෙන් මා වහාම ඉවත් කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගතවූ වසර දෙකක් තුළ මගේ පවුලේ අයට ජීවත් වීම සඳහා කිසිදු ආදායමක් නැති තත්ත්වයකට පත් වුණා. මා සම්බන්ධ වූ පරීක්ෂණය මෙම වසරේ සැප්තැම්බර් 18 වැනි දින අවසන් වුණා. ඒ විමර්ශනයේදී ලද බොහෝ සාක්ෂිවලින් මා නිර්දෝෂී බව තහවුරු වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන විධිවිධානවලට අනුව මෙම විමර්ශන අවසන් තීරණය දින තිහක් තුළ ලබාදිය යුතුයි. නමුත් ඔවුන්ට එම අදාළ කාලය තුළ එම තීරණය ලබාදීමට නොහැකි වූ අතර, මේ පිළිබඳ විමසූ කල ඔවුන් කියාසිටියේ මගේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන චෝදනාවට සමගාමීව තවත් ක්‍රීඩකයකු සම්බන්ධයෙන්ද විමර්ශන කරන බැවින් ඔහු විසින් දෙනු ලබන ප්‍රකාශ මත මා පිළිබඳ තීරණය අවසන් කරන බවයි.

එවැනි තත්ත්වයක් තිබියදී හදිසියේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය පිළිබඳ මට ද නොදන්වා මේ අයුරින්ම වැරැදිකරුවකු ලෙස හුවාදැක්වීම පිළිබඳ මගේ දැඩි අප්‍රසාදය පළ කරනවා.

ඒ සම්බන්ධයෙන් මේ දක්වාත් මා මගෙ නිරවද්‍යතාව සනාථ කිරීම සඳහා ගත හැකි සියලු පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයට කරුණු දක්වා තිබෙනවා. ස්විස්ටර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කරණ මණ්ඩලයට කරුණු දක්වා තිබෙනවා. අපේ රටේ ක්‍රීඩා ඇමතිවරු තුන් දෙනෙකුට සහ ජනාධිපතිවරුන් දෙදෙනෙකුට ලියා තිබෙනවා. මෑතකදී සම්මත කරගත් ක්‍රීඩා වැරදි සම්බන්ධ පනත හරහා අපි අභියාචනාධිකරණයටත් යොමුකර තිබෙනවා. එසේ වුවත් මට ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලයෙන් හෝ අමාත්‍යාංශයෙන් කිසිදු සහයක් හිමිවී නෑ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තුවේ අසුන් ගනී

Next Post

ඇක්සස් සභාපති සුමල් ජාතික යුතුකම වෙනුවෙන් ආයෝජනයකට සැරසෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.