බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

HIPPO SPIRIT කොළඹ එන ගමන් හෙළි කළ චීන කෙවිටට නටන දේශපාලන රිලවුන්ගේ පැටිකිරිය…

by editor
ඔක්තෝබර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඉන්දියාව විසින් ශ්‍රී ලංකා ගුවන් සීමා උල්ලංඝනය කර පරිප්පු ගෝනි අතහැරීමෙන් අනතුරුව ශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදාය පඩංගු කළ විදේශීය ගොත්‍රික බලහත්කාරකම රටට එල්ල වී තිබේ.

මේ රටේ ජෛව පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වගකියන ප්‍රමුඛ විද්‍යාත්මක ආයතනයවන ජාතික ශාක නිරෝධායන සේවා ආයතනය විසින් ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත බව තහවුරු කළ,  රට තුළ ඇති අන්තර්ජාතික නිර්නායකයන්ට යටතේ පවත්වාගෙන යන පරීක්ෂණාගාරවලින්   අවස්ථා තුනක දී  ප්‍රතික්ෂේප වූ චීන පොහොර සහිත   HIPPO SPIRIT නෞකාව බලහත්කාරයෙන් කොළඹ වරායට ඇතුළු වීමට පැමිණ දැන් දෙවුන්දරතුඩුව ආසන්න මුහුදේය.

සිද්ධිය යළි සාරාංශගත කළ විටි සිද්ධි පෙළ ගැසෙන්නේ මෙසේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

පොහොර තොගය-

පොහොර තොගය චීනයේ  ක්වින්ඩාවෝ වරායෙන් කොළඹට පැමිණීමට පසුගිය මස 23 දා පිටත් වන්නේ මේ රට තුළ පොහොර පිළිබඳව කරන ලද සාම්පල් පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත් වීමට පෙරය.

මේ නෞකාව පොහොර රැගෙන ලංකාවට එන්නේ මෙම පොහොර තොගය අනවශ්‍ය බව ලංකා රජය විසින් චීන සමාගමට දැනුම් දීමෙන් අනතුරුවය.

විද්‍යාත්මක සාධක පදනම්ව කෙරුන පරීක්ෂණ මත රටේ විද්වතුන් පොහොර තොගය  ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රජය පොහොර ආනයනය නැවැත්වීමෙන් කුපිත වූ චීන තානාපති චී. ජෙන්හොන් විසින් සිදුකළ ආවේගශීලී හැසිරීම අතරතුරය.

අවසානයේ දී රාජ්‍ය තීන්දුවක් ලෙස සිදුකළ චීන පොහොර ප්‍රතික්ෂේප කිරීම තඹයකට මායිම් නොකළ චීන ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක් ගෘප් සමාගමේ පොහොර තොගය සහිත  HIPPO SPIRIT  නෞකාව ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වන්නේය.

එසේ ඇතුළු වූ නැව  කොළඹ වරායට 23 දා පැමිණෙන බවත්, ලංකාවේ සිදුකළ පර්යේෂණ ප්‍රමිතිගත නොවන බවත්  පොහොර තොගය  භාර ගන්නා ලෙසත්  ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක් ගෘප් සමාගමේ අධ්‍යක්ෂිකා අධ්‍යක්ෂිකා සොං හෙයි   කෘෂිකර්ම ආධ්‍යක්ෂ ජනරාල්ට ලිඛිතව දන්වන්නේය.

එය ජනාධිපති ලේකම්, චීන තානාපතිට, මුදල් අමාත්‍යාංශ ලේකම්ට, කෘෂිකර්ම ඇමතිවරයාට, රාජ්‍ය ඇමතිවරයාට ඇතුලු නිලධාරීන් 21 දෙනෙකුට පිටපත් කරන්නේය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ මැදිහත්වීම

 

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්චා ආචාර්ය අජන්ත ද සිල්වා

අනතුරුව මේ රටේ අනාගත පැවැත්ම තීන්දු වූයේ පිටකොන්දක් සහිත එක් රාජ්‍ය නිලධාරියෙක් සහ ඔහු වටා සිටි වගකීමක් සහිත වෘත්තිකයින් පිරිසක්  නිසා බව පමණක් ගෞරවයෙන් ලියා තබමු. මේ බලහත්කාරී නෞකාව   ලංකාවේ කිසිම වරායකට ඇතුළු කර නොගන්නා ලෙස  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රධාන නෞකාධිපතිවරයා වෙත ලිඛිතව නොදන්වා සිටින්නට මේ වනවිට මේ රටට සිදුවිය යුතු අනතුර සිදුවී හමාරය.

නෞකාවක බහා චීනයෙන් මෙසේ අප ඉදිරියට ආවේ අවුරුද්දකින් දෙකකින් හැරවිය  හැකි ව්‍යසනයක් නොවේ. රටේ ජෛව පද්ධතිය, කෘෂිකාර්මික පාරිසරික පද්ධතිය මුලුමනින්ම ව්‍යසනයට ලක් කරන ජෛව බෝම්බයකි.  රටේ මිනිස්සු හාමතේ තබා මරා දැමීමේ බරපතල අවදානමක් සහිතව ඉතිහාසයේ පැමිණි බිහිසුණුම  ව්‍යසනයකි.

තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්ශුද්‍රජීවීන් සිටිනබව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය  රටේ කෘෂිකර්මයේ සහ පාරිසරික පද්ධතියේ  අනන්‍යතාවයේ පැවැත්ම ඉදිරියේ දී තීරණය කරනු ඇති බවත්,  මෙසේ ගෙනෙන ලද ක්ශුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැති බවත් කී රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා ප්‍රියංවදා රණතුංග මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවන බව ලියා තැබුවාය.

ක්ෂුද්‍රජීවීන් ඇතැයි තහවුරු වී ඇති චීන   කාබනික පොහොර   ආනයනය කිරීමේ අවදානම ගෙන ජාතියක ආක්ෂාව බඳු ආහාර සුරක්ෂිත තාවය ව්‍යසනයට පත් කිරීමේ අපරාධය සිදු නොකර මේ සඳහා ආයෝජනය කළ ඩොලර් මිලියන 63 පුනරාවර්තනය කිරීමට නොහැකි නම් ගඟේ මුහුදේ දැම්මා කියා හිතන ලෙස  පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය චන්දි රාජපක්ෂ, පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ශාඛ ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා,  පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ  පාංශු විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය   චම්මි අත්තනායක පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ  පාංශු විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වර්ශි දන්දෙනිය  රටේ ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ ඉල්ලා සිටියහ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ නෞකාව රටේ කිසිම වරායකට ඇතුළුකර නොගන්නා ලෙස  ලිඛිතව දැනුම් දුන්නේය.

දේශපාලන හැසිරීම –

එහෙත් විද්වත් මැදිහත්වීමට ඔබ්බෙන් මේ රාජ්‍ය තාන්ත්‍රික කුපාඩිකම සිදුවනවිට මේ රටේ එකම දේශපාලන පක්ෂයක්වත් මේ බිහිසුණු අනතුරට අදාල බරින්  මැදිහත් වුනේ නැත. ආණ්ඩුව මේ වනවිට ආර්ථික හා දේශපාලන වශයෙන් චීන අසූචිවලේ කුණු පනුවෙක් වී හමාර බැවින්  මේ සම්බන්ධව ඔවුන්ගේ හැසිරීම තේරුම් ගත හැකිය.

එහෙත් රටේ අනාගතය සහමුලින්ම විනාශ කිරීමේ අවදානම සහිතව සිදුවන මේ රාජ්‍යතාන්ත්‍රික ගෝත්‍රිකත්වයට එරෙහිව රටේ ප්‍රධාන විපක්ෂය චීනයට එරෙහිව වචනයක් කතා කර නැත. ජ.වි.පෙ කතා කළේය. ඒ ප්‍රවේශමෙන් තෝරාගත් වචනවලිනි. අනුර කුමාර දිසානායක කතා මැද ඒ කතාව කියන්නේ හරිම සීරුවටය.  රටේ කිසිම ප්‍රධාන මාධ්‍යයක් මේ අනතුරුට අවශ්‍ය බර තබා සංවාදයක් ඉපදවූයේ නැත.  HIPPO SPIRIT  කොළඹ එන ගමන් මේ රටේ දේශපාලන පිංගුත්තරයන් චීනයේ කෙවිට අනුව හැසිරෙන රිලවු රෑනක් බව අපට කියා දී තිබුණේය.

රටට එන අනතුරක් තේරුම් ගත යුත්තේ අනතුරේ  බරෙනි. මේ ආණ්ඩුව මේ රටට ගෙනාවේ අනතුරුම බව විවාදයක් නැත. එහෙත් ඒ අනතුරු විෂයෙහි මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලනය හැසිරෙන්නේ පුදුමාකාර කාලකණ්නි ආකාරයට. සෙලන්දිවා හදාගෙන රටේ මර්මස්ථාන චීනයට දෙන විට, වරාය නගරය චීන බලකොටුවක් සේ ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ පනත් සම්මත කර දී ඒ කුපාඩිකමට නෛතික වලංගුභාවයක් දෙන විට ඊට එකඟ ආණ්ඩුවේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, වීරසුමන දිසානායක, ඇමරිකානු නිවුෆෝට්‍රස් ගිවිසුමට එරෙහිව ආණ්ඩුවෙන් එළියට බහින්නට යන්නේය. බටහිර බහාලුම් පර්යන්තය ගැනීමට ගිවිසුම්ගතවන  ඉන්දියානු අදානිලාට එරෙහිව මරාගෙන මැරෙන්නට යන්නේය.

එහෙත් ඉන් සිද්ධවන ආර්ථික පරාධීනත්වයට ජාතික ආරක්ෂාවේ ව්‍යසනයට සමාන හෝ ඊට වැඩි ව්‍යසනයක් සිදුවන චීන මැදිහත්වීම් ඉවසන්නේය. එම මැදිහත්වීම සම්මත රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය ඉක්මවා තුට්ටුදෙකේ චණ්ඩිපාට් එකක් වී රටේ අභිමානයට එළිපිට පහරණ විට මුණිවත රකින්නේය.

ආණ්ඩුවට වඩා අසමත් විපක්ෂයක් යනු රටක බිහිසුණු කාලකණිකමේ ප්‍රකාශනයකි. සජිත් ප්‍රේමදාස ඒ කාලකණ්ණිකමේ නියෝජනයය. ඔහු ඔටුන්න කුණු කාණුවට වැටී පාවී පැමිණ සිය හිසට වැටෙන තුරු කාණුවේ ඔළුව ඔබාගෙනය.

රටේ අනාගත පැවැත්ම සහමුලින් ව්‍යසනයට ලක් කරන බවට පුරෝකථනය වී ඇති  ජෛව බෝම්බයක් දේශපාලන වාසි ලබා ගැනීමට වරායට ඇතුළුවන තෙක් බලා සිටිනා කුජීත දේශපාලකයින් සහිත රටක් ගොඩ එනු ඇත්තේ කෙසේ දැයි අපට වැටහෙන්නේ නැත.

අපට යළිත් කියන්නට ඇත්තේ අප දකින යථාර්ථය ය. මේ රිලා පෝතකයන් සියලු දෙනා නටන්නේ චීන නැටුමය. ඔවුන් හසුරුවන්නේ චීන දේශපාලනික ක්‍රමෝපායන්ය. වෙනස් වී ඇත්තේ මුන්ගේ පක්ෂවල පාට සහ නම් පමණි.

HIPPO SPIRIT නැව චීනයේ ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක් ගෘප් සමාගමේ විස පොහොර රැගෙන කොළඹ එන ගමන් මේ හිඟන දේශපාලකයන්ගේ හම්පඩ අමුඩකොට ගලවා දැමූ බව අප කියන්නෙ එහෙයිනි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්න තැන නොපෙන්වූ  HIPPO SPIRIT චීන පොහොර නැව ගැන දින 11කට පසු චන්ද්‍රිකා තොරතුරු ලැබේ!   

Next Post

වනස්පතීන් බිම හෙළා වන අඩවි නිලධාරීන්ම වන සංහාරයක… ගම්මු චෝදනා කරති!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.