අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

GMOA හැසිරීමට විරෝධය… වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍යවරුන් නඩු මගට

සුදුසුකමට සරිලන රැකියාවක් නැති විශේෂඥ වෛද්‍යවරුන් 150ක් රට තුළ... තනතුරු නොලැබී යන්න ප්‍රධානම හේතුව ජී.එම්.ඕ.ඒ බලපෑම......

by editor
මාර්තු 24, 2021
in පුවත්
Figuring cost of health care and benefits with stethoscope and calculator in background

Figuring cost of health care and benefits with stethoscope and calculator in background

Share on FacebookShare on Twitter

සුදුස්සන් එළියේ තබා වෛද්‍ය පරිපාලන තනතුරු නුසුදුස්සන්නට ලබා දීමේ  GMOA ප්‍රයත්නයට එරෙහිව සහෝදර වෛද්‍යවරුන්ගේ හා සෙසු සියලුම සෞඛ්‍ය  වෘත්තීය සමිති දැනුවත් කරමින් විරෝධතාවයක් ගොඩනගන අතර තම වෘත්තීය අයිතීන් වෙනුවෙන්  අධිකරණයවෙත යෑමට  වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු සූදානම් වෙති.

සුදුසුකමට සරිලන රැකියාවක් ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකට අධිකරණයට යෑමට සිදු වී ඇත්තේ ඉතිහාසයේ මුල්ම වරට බව මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

දශක තුනකට ආසන්න කාල සීමාවක් තුළ පරිපාලන විෂය පථයට අදාළෙව විශේෂඥ පුහුණුව ලත් වෛද්‍යවරුන් රෝහල් පරිපාලන ශ්‍රේණිය සඳහා අනුයුක්ත කිරීම සම්බන්ධව මෙතෙක් පැවති විෂමතා නිවැරදි කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් පරිදි සෞඛ්‍ය ඇමතිවරිය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළ නව වෛද්‍ය සේවා ගැසට් පත්‍රයට එරෙහිව   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම කරන ලද බලපෑම්වලට යටත්ව එය වෙනස් කරන්නේ නම් එසේ එල්ලවන්නේ වෛද්‍ය පරිපාලනයේ අනාගතයට මරු පහරක් බව ද වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍යවරු කියා සිටිති.

“ සාමාන්‍යයෙන් ඕනෑම රටක පශ්චාත් උපාධියක් ලත් වෛද්‍යවරුන් එම විෂය පථයට අදාල තනතුරුවල පිහිටුවීම සිදු කරනවා.  ලංකාවෙ දැනට දශක ගණනාවක සිට පැවතෙන පැරණි වෛද්‍ය සේවා ව්‍යවස්ථාවට අනුව රෝහල් පරිපාලන විෂය පථය සම්බන්ධව නිසි ඇගයීමක් වෙලා නෑ.  ඒ හින්දා නිසි දැනුමක් හෝ අධ්‍යයනයක් නැති පුද්ගලයන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට ඇතුළත් වීමේ ක්‍රමවේදයක් පැවතුනා.  ඒ වකවානුවෙ වෛද්‍ය පරිපාලනය වෙනම විෂයයක් විදිහට තිබුණෙ නෑ.  ඒත් 1996 සිට වෛද්‍ය පරිපාලනය පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් විශේෂඥ  වෛද්‍ය උපාධියක් ලෙස පිළිගත්තා.  මේ නිසා වෛද්‍ය පරිපාලන විෂය සම්බන්ධව සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පුහුණුවක් සහිත විශේෂඥ වෛද්‍යවරු පිරිසක් බිහි උනා.  එවැනි විශේෂ  වෛද්‍යවරු 150 දෙනෙක් පමණ දැන් ඉන්නවා සුදුසුකමට සරිලන රැකියාවක් නැතිව.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ අතරෙ තම විෂය පථයට අදාළව අධ්‍යාපනයක් හා ප්‍රායෝගික පුහුණුවක් ලත් වෛද්‍ය පරිපාලන වෛද්‍යවරුන් එළියේ සිටියදී වෙනත් ක්ෂේත්‍ර සංවර්ධන සඳහා පුහුණු කළ වෙනත් පශ්චාත් උපාධිධාරීන් වෛද්‍ය පරිපාලනයට  පත්කරගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයම උත්සාහ කරනවා.  ඛේදවාචකය තිබෙන්නෙ මෙතැන…

මේ වනවිට වෛද්‍ය පරිපාලන පුරප්පාඩු තනතුරු වලට ඇතුළත් වීමේ අවස්ථාවන්    මගහැරීම නිසා   රෝහල් පරිපාලන විෂය පථය පිළිබඳව විශේෂ අධ්‍යාපනය ලත් වෛද්‍යවරුන් රැසක්  රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවශ්‍යතාවය මත වැඩබලන තනතුරුවල රැඳී  ඉන්නවා. අපි වසර ගණනාවක් තිස්සේ කාලය ධනය සහ ශ්‍රමය කැප කරලා ඉගනගත්තු  විෂය පථයන් ගෙන් රටටවත් අපිටවත් වැඩක් නෑ… “වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් පවතින තත්වය විග්‍රහ කරමින් ලංකාසරට පැවසීය.

මේ තත්ත්වයන් සලකා බලා අලුතින් ඉදිරිපත් කරන ලද සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනු වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  නියෝජිතයන් සමාජ මාධ්‍ය වල ප්‍රකාශ කරන පරිද්දෙන් නව සේවා ව්‍යවස්ථා  ගැසට් නිවේදනය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පරිපාලකයන් සූදානම් වන්නේ නම්, තමන්ගේ සාධාරණ වෘත්තීය අයිතීන් වෙනුවෙන් තමන්ගේ වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක නොවන්නේ නම්.  මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ලබාගැනීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය පරිපාලක වෛද්‍යවරු පෙන්වා දෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊළඟ මැතිවරණයේ රනිල්ගේ ඉලක්කය ඡන්ද ලක්ෂ 70ක්

Next Post

උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.