ශ්‍රියානි විජේසිංහ –
අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල්වල සහ මහඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වීමෙන් රෝගින් 30000ක පමණ සංඛ්‍යාවක් මේ වන විට ප්‍රතිකාර ලබා ගැනීමට සහ සැත්කම් කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක කරමින් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට ලබා දී ඇති ස්ථානමාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලා දෙහිඅත්තකණ්ඩිය රෝහල තුළ ඊයේ (01) ආරම්ය කළ වැඩ වර්ජනය අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පර්යන්ත රෝහල සහ මහඔය මූලික රෝහල දක්වා අද (2) දිනය තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍යවරුන් දෙදෙනාගේ ස්ථානමරුව අවලංගු කළ බවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලිඛිතව දන්වන්නේ නම් දැනට ආරම්භ කර තිබනෙ වැඩ වර්ජනය තාවකාලිකව නතර කළ හැකි නමුත් එවැනි දැනුම් දීමක් සංගමය වෙත මෙතෙක් ලැබී නොමැති බැවින් වැඩ වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමට සිදුව ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේය.
මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් කමිටුවක් පත් කර ඇති බවට තම සංගමය වෙත නිල නොලත් මට්ටමින් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව හා සෞඛ්‍ය ලේකම්වරයාව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් එය ව්‍යාර්ථ වූ බවද වෛද්‍ය සුගතදාස ලංකාසර වෙත අදහස දක්වමින් පැවසුවේය.
කෙසේ නමුත් වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රමවත්ව විසඳා දෙහිඅත්ත කණ්ඩිය රෝහලේ ද්‍යෛවරුන් දෙදෙනාට ලබා දී ඇති ක්‍රම විරෝධී ස්ථානමරු වහාම අවලංගු නොකළහොත් හෙට (3) දිනයේදී තවත් රෝහල් වැඩ වර්ජනයට එක්කර ගනිමින් වර්ජනය තීව්‍රකරන බව සංගමය අවදාරණය කරයි.







