සිකුරාදා, ජූනි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!

by editor
ජූනි 19, 2026
in පුවත්
prageeth-eknaligoda
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ඇතුළු චෝදනා යටතේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා නිලධාරීන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි මස 26 වැනිදා යළි කැඳවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (19) නියම කළේය.

නයනා සෙනවිරත්න (සභාපති විනිසුරු), නලීන් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම්ගෙන්  සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබීය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරාගේ මෙහෙයවීමෙන්, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ගිරිතලේ හමුදා කඳවුරේ සේවය කළ හිටපු හමුදා නිලධාරියෙකු වන උපාලි ප්‍රියන්ත සහ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයෙකු වන සුමනතිලක යන අයගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරිණි.

අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම නඩුවේ මීට පෙර සාක්ෂි සටහන් කරගත් සාක්ෂිකරුවෙකු වන සුරේෂ් කුමාර නමැත්තා ද යළි අධිකරණය හමුවට කැඳවීමට අවසර දෙන ලෙසයි.

අදාළ සාක්ෂිකරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2015 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ද, පසුව 2023 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ ඊට පරස්පර ප්‍රකාශයක් ද ලබා දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනාධිපති හමුවෙයි!

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

නඩුවේ පළමු සැකකරු වන ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න තමන්ට තර්ජනය කර බලපෑම් කිරීම හේතුවෙන් සාක්ෂිකරු එලෙස පරස්පර සාක්ෂි ලබා දී ඇති බවත්, ඒ අනුව ඔහුගෙන් නැවත සාක්ෂි කැඳවීම අත්‍යවශ්‍ය බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත්, එම ඉල්ලීමට විත්තියේ නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ. ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සාක්ෂිකරු අගතිගාමී සාක්ෂිකරුවෙකු වන බවයි.

පළමු සැකකාර ෂම්මි කුමාරරත්න විසින් මෙම සාක්ෂිකරුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් ත්‍රිකුණාමලය අධිකරණයේ වෙනත් නඩුවක් විභාග වෙමින් පවතින බවත්, එහි තීන්දුවක් මෙතෙක් ලැබී නොමැති පසුබිමක, එකී සාක්ෂිකරු මෙම නඩුවේ සාක්ෂි සඳහා යළි කැඳවීමට කිසිසේත් එකඟ විය නොහැකි බවත් විත්තියේ නීතිඥවරු ප්‍රකාශ කළහ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට කල් තැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!

Next Post

ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

Related Posts

පුවත්

ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

ජූනි 19, 2026
පුවත්

උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!

ජූනි 19, 2026
පුවත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනාධිපති හමුවෙයි!

ජූනි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

ජූනි 19, 2026
prageeth-eknaligoda

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!

ජූනි 19, 2026

උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!

ජූනි 19, 2026
ADVERTISEMENT
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිත අත් අඩංගුවට… ඔහුව අත් අඩංගුවට ගන්නේ ඇයි?

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!
  • එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!
  • උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.