සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

by editor
ජූනි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන වසරේ සිට 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සූදානමකින් පසුවන බව රජය නිවේදනය කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් පසු මෙම දැනුම් දීම රජය පාර්ශවයෙන් සිදුකර තිබේ.

එම සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ආයතනවල ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ලබා දුන් උපදෙස් පරිදි එම කටයුතු අධීක්ෂණය සහ පවත්වාගෙන යාම සඳහා කමිටු පහක් පත් කර ඇත. එම කමිටුවල කටයුතු සොයා බැලීම සහ ප්‍රගතිය විමසා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත් කර තිබේ. 2026 වසරේදී පළමු වසර සඳහා ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට විධිමත්ව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පෙන්වා දුන්හ.

ෙප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව පත් කරන ලද විද්වත් කමිටුවේ යෝජනාද සැලකිල්ලට ගනිමින් 06 ශ්‍රේණියට අදාළ මොඩියුල සංස්කරණය කර මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇත. පළමු වාරයට අදාළ සියලුම මොඩියුල මේ වන විට මුද්‍රණය කර අවසන්ව ඇති අතර, ඒවා දෙවන වාරය සඳහාවන මොඩියුලද සමඟ එකවර ලබා දීමට සැලසුම් කර තිබේ. මෙම මොඩියුල සංවර්ධනය කිරීම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මේ සඳහා අඛණ්ඩව මැදිහත් වෙයි.

RelatedPosts

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව දිවයිනේ ද්විතීයික පාසල් 6500කට අවශ්‍ය උපකරණ මේ වන විට ලබා දී අවසන්ය. විශේෂයෙන් සංවර්ධනය කළ යුතු පාසල් 373ක් හඳුනාගෙන ඇති අතර, ඒවා සංවර්ධනය කිරීමේ කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතී. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ප්‍රතිපත්තිමය මගපෙන්වීම් සිදු කිරීමට ජනාධිපති කාර්යාලය දක්වන අඛණ්ඩ මැදිහත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ ඇගයීමට ලක් විය. මෙම ප්‍රගතිය සොයා බැලීම සඳහා යළි මාස තුනකින් රැස්වීමටද මෙහිදී එකඟතාව පළ විය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඒ.සරත් ආනන්ද, උප සභාපති තිලක් ධර්මරත්න ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීහු පිරිසක් සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Related Posts

HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.