සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

by editor
ජූනි 27, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

2026 අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බලාපොරොත්තු අද  සම්පූර්ණයෙන්ම බිඳ වැටුනේය. ශ්‍රි ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට ප්‍රවේශ වීම සඳහා කොන්දේසි දෙකක් සැපිරිය යුතුව තිබිණි. එක් කොන්දේසියක් එංගලන්තය විසින් නවසීලන්තය පරාජයට පත් කිරීමය.  එය සිදුවීමේ සම්භාවිතාවක් තිබුණු අවස්ථාවකි. 

දෙවැන්න අයර්ලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අන්ත පරාජයකට පත් කිරීමය. සිදුවීමේ සම්භාවිතාව අඩුවම තිබුණේ මේ අවස්ථාවය.

අපේක්ෂා කළ ලෙස අද මීට ටික වෙලාවකට පෙර   බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රීඩාංගනයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පරදවමින් අයර්ලන්ත කාන්තා කණ්ඩායම  ඓතිහාසිකි ජයග්‍රහණයක් වාර්තා කළේය. ඔවුහු කඩුළු 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූහ. එහෙත් ඒ පරාජය ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට ප්‍රවේශය සඳහා ප්‍රමාණවත් වූයේ නැත.  දල ලකුණු ලබා ගැනීමේ වේගය අපේක්ෂිත මට්ටමට නොමැති ශ්‍රි ලංකා කණ්ඩායම අද තරගයෙන් පසු මේ තරගාවලියෙන්  නිල වශයෙන් ඉවත් වුයේය.

අයර්ලන්තයේ ඓතිහාසික ජයග්‍රහණය

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 129ක් ලබා ගනිමින් ඉලක්කය පසුකර ගියේය.

මෙය අයර්ලන්ත කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී ලැබූ ප්‍රථම ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක් විය. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ අයර්ලන්ත කණ්ඩායමේ  ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් (Orla Prendergast) ය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ප්‍රසාද ලකුණු මට්ටම් 

මෙම තරගය ආරම්භ වන විට ප්‍රසාද ලකුණු සටහනේ කොදෙව් කණ්ඩායම දෙවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේත් පසුවිය. ලබා ගෙන තිබුණු ලකුණු සංඛ්‍යාව සමාන වුව ද දල ලකුණු වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ කොදෙව් කණ්ඩායමට වඩා බොහෝ පහළිනි.

කොදෙව්වන් අභිබවා ශ්‍රී ලංකාවට පෙරමුණ ගැනීමට නම්, අයර්ලන්තය විසින් මෙම තරගයේදී කොදෙව්වන් ලබාදුන් ලකුණු 129ක ඉලක්කය පන්දුවාර 10.5ක් හෝ ඊට අඩු සංඛ්‍යාවකින් හඹා යා යුතුව තිබුණි.

කෙසේ වෙතත් අයර්ලන්ත ක්‍රීඩිකාවන් එම ඉලක්කය පසුකර ගියේ තරගයේ 19වැනි (18.1කදී) පන්දුවාරයේදීය. ඒ වන විට ඔවුන්ගේ කඩුලු 4ක් පමණක් බිඳ වැටී තිබුණි. එම තත්ත්වය ශ්‍රි ලංකා කණ්ඩායම කණ්ඩායමේ දැනට මුල් තැන සිටින එංගලන්තයට පමණක් දෙවැනි වන දෙවැනි ස්ථානයේ ස්ථානගත කිරීමට ප්‍රමාණවත් වුනේ නැත.

ශ්‍රී ලංකාව තරගාවලියේ දැක්වූ දක්ෂතා

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මිශ්‍ර දක්ෂතා ප්‍රදර්ශනය කළේය. සහභාගී වූ තරග 5න් තරග 3ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය:

  • නවසීලන්තයට එරෙහිව: පන්දු 5ක් ඉතිරිව තිබියදී විශිෂ්ඨ ජයක්.
  • බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පන්දු 5ක් ඉතිරිව තිබිය දි ලද තියුණු පරාජයක්.
  • අයර්ලන්තයට එරෙහිව: පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයක්.
  • ස්කොට්ලන්තයට එරෙහිව: අවසන් පන්දුවේදී තියුණු ජයක් (ස්කොට්ලන්තය 151/6, ශ්‍රී ලංකාව 154/7). නිලක්ෂිකා සිල්වාගේ විශිෂ්ඨ පන්දු රැකීම මෙම ජයග්‍රහණයට මග පෑදීය.
  • එංගලන්තයට එරෙහිව පරාජය — ලකුණු 87කින් (එංගලන්තය 219/1 — ශ්‍රී ලංකා 132)

මේ තරගාවලය කැපී පෙනෙන දස්කම් ප්‍රකට වුව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන උස්සා පොළොවේ ගසන තැනට වැඩ කටයුතු යෙදුනේ  එක් අවස්ථාවක දී ය. ඒ එංගලන්තයට එරෙහිව ලද බිහිසුණු   පරාජය ය. එදා එංගලන්තය සමග  ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දැයි සිතන තරමට  ක්‍රීඩාව සිල්ලර වී තිබුණේය. ලකුනු 87ක මහා දැවැන්ත පරාජය ශ්‍රි ලංකා කණ්ඩායම විනාශ කළේය. ලකුණු 219ක් එංගලන්ත කණ්ඩායම  ඕවර 20 තුළ රැස් කරද්දී අපේ පන්දු යවන ඇත්තියන්ට දවා ගත හැකිව තිබුණේ එංගලන්තයේ එක් කඩුල්ලක් පමණි. 219ක් හඹා ගිය ශ්‍රි ලංකා ක්‍රිඩිකාවෝ ලකුණු 132කට සීමා වූහ.

මේ වනවිට ඒ ඛාණ්ඩයෙන් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම තම ස්ථාන තහවුරු කරගෙන සිටින්නේය. ඔවුන් අවසන් පූර්ව වටයට අවස්ථාව වෙන් කරගෙනය.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන බී ඛාණ්ඩයේ ලෝක ශූර එංගලන්තය සිය ස්ථානය කලින්ම  වෙන් කරගෙනය. ඉතිරි ස්ථානය මේ ලියන මොහොත වනවිටත් පැහැදිලි නැත. එම අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවීමේ අවකාශයක් තිබේ.

මේ තරගාවලියේ දී කාන්තා කණ්ඩායම පෙන්වූ දක්ෂතා සම්බන්ධව ඇගයීමක් අප තුළ තිබේ. එහෙත් එම අවසානය අඩුම තරමින් අවසන් පූර්ව වටයකින්වත් අවසන් නොවේ නම්  ඒවාට කියන්නට ඇත්තේ “අපරාද දක්ෂතා” කියාය.

අපතේ ගිය දක්ෂතා සහිත ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ආපසු හැරී එන්නේය. නිලක්ෂිකා හෝ චමරී ඊලඟ ලෝක කුසලානයකට ක්‍රීඩා කරනු ඇතැයි සිතීම උගහටය. ඔවුන් ක්‍රිකට් වලටම වයසට ගිහින් තිබෙන්නේය.  එවැනි පසුබිමක අපට හිතුනේ රටට ලැබෙන හොඳම අවස්ථාව මෙම ලෝක කුසලානය වනු ඇති බවය.

එහෙත් දැන් ඒ සිහිනය සුන්ය.

Share69Tweet43
Previous Post

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

Next Post

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.