බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

CCD නෙවිල්ට විලංගු වැටුනේ ඇයි?… කතාව මෙන්න!

by editor
දෙසැම්බර් 9, 2024
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

පසුගිය වකවානුව තුළ කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සිදුවන විවාදාත්මක සිදුවීම් ගණනාවකට වගකිවයුතු බවට චෝදනා ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත් අඩංගුවට පත් වන්නේ හිටපු පොලිස්පතිවරයාගේත් ඇස් වසා බස්නාහිර හිටපු පොලිස් ප්‍රධානියෙක් සමග එක් වී ගැසූ ගේමක් නිසා බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අපරාධයේ ප්‍රධාන සැකකරුවන කොළඹ අපරාධ කොට්ටාසයේ සිටි නිලධාරියෙක් මේ වනවිට රටින් පැන ගොස් විදේශයක සිටින බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

වාර්තාවන පරිදි මෙම පොලිස් නිලධාරියා අත් අඩංගුවට පත්වීමට පාදකවන අපරාධ සිදුවීම මෙසේය.

2023 අගෝස්තු මස දිනක එක්තරා පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තමන්ගේ කෝටි 14ක් පමණ වටිනා මැණික් ගල් ප්‍රමාණයක් අතුරුදහන් බව පැමිණිලි කර ඇත. ඔහු මෙම පැමිණිල්ල සඳහා යොමුවන බව කියන්නේ ද බස්නාහිර පළාතේ එවකට සිටි ඉහළම පොලිස් නිලධාරියෙක් හරහා බව වාර්තා වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙම පැමිණිලිකාර පුද්ගලයා තමන්ගේ මැණික් ගල් සොරකම් කළ බවට පුද්ගලයෙක් නම් කරන අතර එම පුද්ගලයා රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකි.

පැමිණිල්ල සටහන් කරගන්නා කොළඹ අපරාධ කොට්ඨාසය මෙවැනි බරපතල වංචා පිළිබඳ විමර්ශනය කරන සීඅයිඩි ය මගහැර පැමිණිලිකරු නම් කර සැකකාර මැණික් ව්‍යාපාරිකයා වෙත ගොස් ඔහු සන්තකයේ තිබුණු මැණික්ගල් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත.

මෙම මැණික් ගල්වල නීත්‍යානුකූල හිමිකම තමන්ගේ බව සහතික කළ හැකි ලියකියැවිලි තිබෙන බව එම ව්‍යාපාරිකයා කියා තිබෙද්දීත් එම මැණික්ගල් බලහත්කාරයෙන් අත්පත් කරගෙන කිසිම නෛතික ක්‍රියාමාර්ගයකට නොගොස් එම මැණික්ගල් පැමිණිලි කරුට ලබා දී,  රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන කොළඹ තබා ඔහුට එරෙහිව මැණික් සොරකමක් පිළිබඳ චෝදනා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම මෙම විමර්ශනය සිදුකිරීමේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මැණික් සොරකම් කල බවට ද ඡෝදනා එල්ල වී ඇත.

මෙම සිද්ධියේ දී ප්‍රධානම චෝදනාවට ලක්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියා මේ වනවිට රටින් පැන ගොස් යුරෝපීය රටක ජීවත් වෙමින් ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් පෙරේරා චෝදනාවට ලක් වන්නේ පැහැර ගෙන යෑම හා අන් සන්තක වස්තුවක් නීත්‍යානුකූල ක්‍රමවේදයට පිටින් බලහත්කාරයෙන් ලබා ගැනීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධ චෝදනාවටය.

අත් අඩංගුවට පත් සැකකරු හෙට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතය. වැඩිදු පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අල්ලස් කොමිසම 2021 වසරේ පැවරූ නඩු 65න් 40ක් 2022 වසරේ පැවරූ නඩු 85න් 45ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට හෙළි කළ යුතුයි… ජනපති අවධාරණය කරයි!

Next Post

යාපනය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී හඳුනා නොගත් උණ රෝගයකින් දින 02ක දී 03ක් මිය යයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.