ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 09කට පසු කතෝලික සභාව සහ රජය අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී!

by editor
මැයි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 09කට පසු කතෝලික සභාව සහ රජයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සම සහාපතිත්වයෙන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌පැවැත්විණි.

රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු නිරාකරණය කිරීම, කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා විධිමත් ගුරු කාර්යය මණ්ඩල ක්‍රමවේදයක් සකස් කිරීම සහ ගුරු වෘත්තිය සඳහා කතෝලික පූජක සොහොයුරියන් මෙන්ම පියතුමන්ලා බඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එසේම රජයට පවරා ගත් කතෝලික පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඍජුව ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

මෙම සාකච්ඡා මින් ඉදිරියට වසරකට තෙවරක් පැවැත්වීමට තීරණය වූ අතර, එහි ලේකම්වරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ කටයුතු කිරීමට නියමිතය.

සාකච්ඡාව සඳහා අවස්ථාව සලසා දීම පිළිබඳව කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයට සිය ස්තූතිය ප්‍රකාශ කරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. කිසිදු භේදයකින් තොරව සියලුම සිසුන්ට තමාගේ ආගම ඉගෙනීමට තිබෙන අවස්ථාව තහවුරු කිරීම තම අපේක්ෂාව බවත්, අධ්‍යාපන කේෂ්ත්‍රයේ ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වයන් කඩිනමින් නිරාකරණය කර ගත යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

RelatedPosts

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

මෙම අවස්ථාවට අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරු හිමිපාණන්, අතිඋතුම් ක්‍රිස්ටි නොයෙල් එම්මානුවෙල් රදගුරු හිමිපාණන්, අතිඋතුම් ඇන්ටන් රංජිත් රදගුරු හිමිපාණන්, අතිඋතුම් විමල් සිරි ජයසූරිය රදගුරු හිමිපාණන් ඇතුළු කතෝලික සභාවේ සාමාජික පියතුමන්ලා ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 කෑගල්ලේ  පඹේගමට වැටුන ඇඟ හිරිවැටෙන ධාරාණිපාත වැස්ස…

Next Post

දේශපාලන බලය යොදා ඉඩම් අල්ලා ගැනීම් මින් පසු නෑ… ජනපති නියමයෙන් නැගෙනහිර ඉඩම් රැකගන්න විශේෂ කමිටුවක්

Related Posts

sajith-premadasa
පුවත්

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

ජූනි 21, 2026
පුවත්

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

ජූනි 21, 2026
පුවත්

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

ජූනි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
sajith-premadasa

වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!

ජූනි 21, 2026

අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…

ජූනි 21, 2026

ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

ජූනි 21, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වාසිදායක වෙලාවට විතරක් ඡන්දෙට එන නායකයන් එක්ක මම නැහැ – විපක්ෂ නායක සජිත්!
  • අපි පරාදයි… අවසන් මහා තරගයේ ජය ඉන්දියාවට…
  • ට්‍රම්ප්ගේ ගෝලීය ප්‍රතිරූපය සහ පෞරුෂය උරගා බලන මැදපෙරදිග අර්බුදය: 

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.