සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 කෑගල්ලේ  පඹේගමට වැටුන ඇඟ හිරිවැටෙන ධාරාණිපාත වැස්ස…

by editor
මැයි 22, 2026
in පුවත්
rain
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ  මේ මෝසම් වැසි ආරම්භයේ   වාර්තා වූ බලවත්ම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව, 2026 මැයි 21 වැනිදා උදෑසන 8.30 සිට මැයි 22 වැනිදා උදෑසන 8.30 දක්වා වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ පඹේගම තේ කර්මාන්ත ශාලාව ආශ්‍රිත ප්‍රදේශයෙන් මිලිමීටර 336.5 ක අති මහත් වර්ෂාපතනයක් සටහන්ව ඇත.

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ ආරම්භක අදියරේදී ඇති වූ බලවත් වලාකුළු වර්ධනය වීම මෙලෙස දිවයින පුරා දැඩි වර්ෂාපතනයක් ඇති වීමට ප්‍රධාන හේතුව වී තිබේ.

  • දත්ත වෙනස් කළ කිරිඳිවැල සහ පඹේගම වැසි 

මැයි 22 වනදා උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ ආරම්භක වාර්තාවල දැක්වුණේ දිවයිනේ ඉහළම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් (මි.මී. 244 ක් ලෙස) වාර්තා වූ බවයි. එම අවස්ථාව වන විට වේයන්ගොඩ ප්‍රදේශයෙන් ද මිලිමීටර 238 ක ඉහළ අගයක් වාර්තා වී තිබූ අතර පඹේගම දත්ත පද්ධතිය යාවත්කාලීන වී තිබුණේ නැත.

නමුත් පැය 24 ක සම්පූර්ණ දත්ත එකතු වී අවසන් වන විට, පෙර දත්ත සියල්ල අභිබවා යමින් පඹේගම ප්‍රදේශය මිලිමීටර 336.5 ක වාර්තාගත අගයක් ගෙන තිබිණි. සවස් කාලය වන විට කිරිඳිවැල සමස්ත වර්ෂාපතනය ද මිලිමීටර 332 දක්වා ඉහළ ගියත්, කෑගල්ල පඹේගම ඊට වඩා වැඩි අගයක් ගත්තේය.

  • ප්‍රධාන මධ්‍යස්ථානවලට නොපෙනෙන කෑගල්ලේ වැසි මනින්නේ කොහොමද?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ප්‍රධාන පිටුවෙහි සාමාන්‍යයෙන් ප්‍රදර්ශනය කරනු ලබන්නේ කොළඹ, රත්නපුර, මහනුවර සහ කටුනායක වැනි දිවයිනේ පිහිටි ප්‍රධාන නිරීක්ෂණ මධ්‍යස්ථාන 20-25 ක දත්ත පමණි. කෑගල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් එවැනි ප්‍රධාන මධ්‍යස්ථානයක් පිහිටුවා නොමැත.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

කෙසේ වෙතත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින නායයෑම් සහ අධික වැසි අවදානම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) එක්ව වතුයායන් සහ ගම්මාන ඉලක්ක කරගනිමින් විශේෂ ස්වයංක්‍රීය වැසි මාන ජාලයක් ක්‍රියාත්මක කරයි. මාධ්‍ය මගින් සජීවීව (Real-time) වාර්තා කරනු ලැබුවේ මෙම ස්වයංක්‍රීය පද්ධති හරහා නිරන්තරයෙන් ලබාගන්නා දත්තයන්ය.

  • කෑගල්ලේ තද වැසි ඉතිහාසය සහ භූගෝලීය බලපෑම

සබරගමුව පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලබන තෙත් කලාපීය කලාපයකි. මෙහි සමහර ස්ථානවල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 5000 ද ඉක්මවා යයි.

දිනකට මිලිමීටර 300 ඉක්මවන මෙවැනි මහා වැසි සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ අධික ආර්ද්‍රතාවයකින් යුත් නිරිත දිග මෝසම් සුළං ප්‍රවේශයත් සමඟිනි. පඹේගම වැනි කඳුකර තේ වගාබිම් සහිත ප්‍රදේශවල පවතින සුවිශේෂී භූ ආකෘතිය හේතුවෙන්, වලාකුළු එකතු වීම සහ වැසි ජලය ධාරානිපාතව ඇද හැලීමේ ප්‍රවණතාව ඉතා ඉහළ අගයක් ගනී.

  • ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව සහ වත්මන් තත්ත්වය අතර සංසන්දනය

2025 වසරේ නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව මෑත ඉතිහාසයේ මෙරට සිදු වූ බරපතලම ස්වාභාවික විපතක් ලෙස සටහන් වේ.

එහිදී මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් මිලිමීටර 540.6 ක අතිවිශාල වර්ෂාපතනයක් වාර්තා වූ අතර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක රැසකට දිනකට මිලිමීටර 300-400 ඉක්මවූ වැසි ඇද හැළුණි. එම අනර්ථයෙන් පුද්ගල ජීවිත 600 කට වඩා අහිමි වූ අතර රට පුරා දරුණු නායයෑම් හා ගංවතුර තත්ත්වයන් වාර්තා විය.

ඒ අනුව බලනවිට මේ ධාරණිපාත වර්ෂාව මෝසම් ආරම්භයේ තනි  දිනක සිදුවූ වර්ෂාපතනයික. එය සුළි කුණාටුවක මට්ටමේ නොවුනද  නායේ යෑමේ ඉහළ අවදානමක් සහිතය.

  • ඉදිරි අනතුරු ඇඟවීම් සහ ජනතාවට උපදෙස්

ඉදිරි කාලය තුළ ද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මිලිමීටර 200 ඉක්මවන ඉතා තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කෑගල්ල, රත්නපුර සහ අවට කඳුකර ප්‍රදේශවල පස බුරුල් වී ඇති බැවින් නායයෑම්, කඳු කඩා වැටීම්, ගල් පෙරළීම් සහ ගංවතුර අනතුරු පිළිබඳව දැඩි අවධානයකින් සහ විමසිල්ලෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවේ එල්ලූ සිද්ධියේ සිවුවන සැකකරු දැලේ!

Next Post

වසර 09කට පසු කතෝලික සභාව සහ රජය අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.