වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව එළඹෙන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මේ වනවිටත් ඊට අදාළ මූලික කටයුතු සහ ගණනය කිරීම් සිදුකරමින් පවතින බවයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉංජිනේරු ටී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේය.
ජූලි මාසයට අදාළව සිදුකිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය ද සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු ඉහළ දමන නිශ්චිත ප්‍රතිශතය ඉදිරියේ දී නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත.
කෙසේවෙතත්, මෙම බස් ගාස්තු සංශෝධනය සඳහා ජූලි මාසයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය ද පාදක කරගන්නා බව ජාතික ගමනාගමන කොමිසම කියයි.









