සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

by editor
ජූනි 22, 2026
in පුවත්
Ananda-Wijepala
Share on FacebookShare on Twitter

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් බවට තීන්දුවක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ඒකමතිකව තීරණය කර තිබේ.

මෙම පෙත්සම අද සලකා බලනු ලැබුවේ ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දී ය. ඒ අනුව මෙම අභියාචනා පෙත්සම එළඹෙන නොවැම්බර් මස 03 වැනිදා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේය.

ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ක්‍රියා කරමින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරමින් සිටිය දී රාජ්‍ය සේවයේ තනතුරක් දැරීම මන්ත්‍රී ධූරය අහෝසි වීමට නුසුදුසුකමක් ලෙස තීන්දු කරන ලෙසත් ඉල්ලා රේණුක පෙරේරා විසින් මුලින්ම මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා මූලික විරෝධතා ගොනු කරමින් පෙන්වා දුන්නේ පෙත්සමේ වගඋත්තරකරුවෙක් ලෙස ජනාධිපතිවරයා නම් කර නොමැති නිසාත්, අමාත්‍යවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ද රජයෙන් කිසිදු වැටුපක් ලබාගෙන නොමැති නිසාත්, එම පෙත්සම පවත්වාගෙන යෑමට නොහැකි බවයි. ඒ අනුව අභියාචනාධිකරණය එම රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉකුත් වසරේ දී නිෂ්ප්‍රභා කිරීමට පියවර ගත්තේය.

පෙත්සම්කාර රේණුක පෙරේරා එම අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ගොනු කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වන අයෙකුට රාජ්‍ය තනතුරක් දැරීමට කිසිදු නීතිමය අවසරයක් නොමැති බවයි. වගඋත්තරකාර ආනන්ද විජේපාල මන්ත්‍රී ධූරය දරන අතරම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කර තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසුකමක් බව නීතිඥවරයා තර්ක කළේය.

එහෙත් වගඋත්තරකාර ආනන්ද විජේපාල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් පෙන්වා දුන්නේ යමෙක් රජයේ සේවකයෙක් ලෙස පිළිගැනීමට නම් ඔහු රජයෙන් කිසියම් ගෙවීමක් හෝ වැටුපක් ලබා තිබිය යුතු බවයි. ආනන්ද විජේපාල කිසිම අවස්ථාවක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රජයෙන් වැටුපක් ලබාගෙන නැති බවත්, ඔහු ඉටු කර තිබෙන්නේ ගරු සේවයක් බැවින් ඔහුව නීතිය ඉදිරියේ රාජ්‍ය සේවකයෙක් ලෙස පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඒ අනුව මන්ත්‍රී ධූරයේ නුසුදුසුකමක් උද්ගත නොවන බව ඔහු කියා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව පෙරේරා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, රාජ්‍ය සේවකයෙක් වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට බාධාවක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේ දී එම තනතුර දැරුවහොත් පමණක් බවයි. ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේ දී රාජ්‍යයේ කිසිදු තනතුරක් දරා නොමැති බැවින් ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට, අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් සිදුවී නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

කෙසේ වුවද, ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අභියාචනය සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පැවැත්වීමට ඒකමතිකව තීරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Next Post

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.