සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද උදේ රත්මලාන ගුවන්තොටුපලේ සිදුවූයේ කුමක් ද?.

by editor
අප්‍රේල් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රත්මලාන ගුවන්තොටුපලේ නවතා ඇති පුද්ගලික ජෙට් යානයක් සම්බන්ධව දින කීපයක සිට රට තුළ සංවාදයක් ඇතිවෙමින් තිබිණි.

මෙම ජෙට් යානය සම්බන්ධව තීරණාත්මක සංවාදය පැමිණියේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොවිඩ් ආසාදිතව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීම සම්බන්ධව පුවත තහවුරු වීමත්  සමගය.

කොවිඩ් ආසාදිතයෙක් කිසිසේත්ම නොහැසිරෙන ලෙස මුව ආවරණයවත් නොපැලඳ සිනාමුසු මුහුණුනි  ඔහු රොහල් පරිශ්‍රයට පිවිසෙන ආකරයත් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

මේ හේතුවෙන්  හිටපු මුදල් ඇමතිවරයාගේ කොවිඩ් ආසාදිත බව සම්බන්ධව සෞඛ්‍ය අංශ තුළත් කතාබහට විය.  කොවිඩ් ආසාදිතයෙක් සම්බන්ධව  රජය නිර්දේශ කර ඇති මූලික සෞඛ්‍ය නිර්ණායකවත් ඔහු පිළිපැද තිබුණේ නැත. ඔහුගේ කොවිඩ් ආසාදනය සම්බන්ධව   සමාජය ප්‍රශ්න කළේ මේ පසුබිමේදී ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහුට කොවිඩ් නම් මෙහෙම ඇයි?. සමාජය ප්‍රශ්න කර තිබිණි.

මේ වටපිටාව තුළ සමාජය තුළ සැකයක් ඇති වී තිබුණේ  ඔහුගේ රටින් පිටවී යෑමක් සම්බන්ධවය. මේ අතර අද උදෑසන 9.30 පමණ වනවිට රත්මලාන ගුවන් තොටුපලේ ආරක්ෂාව දැඩි කරනු ලැබුවේය.  විශේෂ කාර්ය බලකාය ගුවන්තොටුපල තුළට යෙදවිනි. සේවකයින්ගේ අභ්‍යන්තර  ගමන් බිමන් සීමා විය.

සමාජ මාධ්‍යතුළ ආන්දෝලනාත්මක සංවාදයක් ඇතිවූයේ මේ ගුවන්යානය සම්බන්ධවය.

තවත් ටික වෙලාවකින් ගුවන්තොටුපල මහජන ප්‍රවේශය වසා දැමිණි. මෙවැනි තත්වයක්  ගුවන්තොටුපල සේවකයින් අත්දැක තිබුණේ වර්ෂ 2015 දී ය. මේ පැමිණෙනන පුද්ගල කණ්ඩායමේ අනන්‍යතාවය සඟවා තැබීමට දැඩි පරශ්‍රමයක් ගුවන්තොටුපල ඉහළ බලධාරීන් විසින් දරා තිබිණි.

මේ සමගම ආරක්ෂා කර තිබූ ගුවන්තොටුපල ප්‍රවේශය විවෘත කරගෙන  විශේෂ ගිලන් රථයක් ගුවන්තොටුපලට ඇතුළු විය.  ගිලන් රථය ගුවන්යානය අසලටම ගමන් කළ අතර එහි පිරිසක් ගුවන් යානයට ප්‍රවේශ විය.

ගුවන්තොටුපල ආරංචි මාර්ග අපට  තහවුරු කළේ  හිටපු මුදල් ඇමතිවරයා රටින් පිටවී ගිය බවය. එම වාර්තාව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා විය. අපි ඒ තොරතුර වාර්තා කළෙමු.

අද සවස ඩේලි මිරර් තහවුරු කර වාර්තා කළේ බැසිල් රාජපක්ෂ රටින් පිටවී නොගිය බවත් ඔහු ලංකා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවත්ය. ද මෝනින් වාර්තා කළේ බැසිල් රාජපක්ෂ රත්මලාන ගුවන් තොටුපලින් පිටවී නොගිය බවය. කෝටිපති ව්‍යාපාරිකයෙක් වූ බ්‍රිතාන්‍ය පුරවැසියයෙක් රත්මලානෙන් අද පිටත් වී ගිය බව ඩේලි මිරර් කියා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උද්දික ප්‍රේමරත්නට අගමැති දැරූ සංස්කෘතික ඇමතිකම… නිමල් සිරිපාල ද සිල්වාට සෞඛ්‍ය ඇමතිකම – ආණ්ඩුවෙන් යෝජනවක්!

Next Post

ද්වේශසහගත සහ නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තාවලට නොරැවටෙන ලෙස යුද්ධ හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.