කීර්ති ප්‍රනාන්දු
74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 197 දෙනකු හට ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියට ප්‍රකාරව ජනාධිපතිවරයා හට ලබා දී ඇති බලතල වලට අනුව මෙම සිරකරුවන් හට ජනාධිපති සමාවක් යටතේ නිදහස ලබාදෙන බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
ඒ යටතේ බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11 දෙනෙකු , මහර බන්ධනාගාරයේ 20 දෙනෙකු , වැලිකඩ බන්ධනාගාරයේ 17 දෙනෙකු , කළුතර බන්ධනාගාරයේ 13 දෙනකු , කෑගල්ල බන්ධනාගාරයේ 18 දෙනෙකු , වාරියපොල බන්ධනාගාරයේ 10 දෙනෙකු , මඩකළපුව බන්ධනාගාරයේ 11 දෙනෙකු , ඇතුළුව සිරකරුවන් 197 දෙනෙකුට රාජ්‍ය සමාව හිමිවන බව බන්ධනාගාර මූලස්ථානය පැවසීය.







