අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

30ක හිඟයක් තිබෙද්දීත් 11ක් රට හැර ගිහින්… මධ්‍යම පලාතේ කිරි නිශ්පාදනය ඉහළ පශු වෛද්‍ය කොට්ඨාස 06ක එක් පශු වෛද්‍යවරයෙක්වත් නෑ…

මධ්‍යම පළාතේ අවුල පශු වෛද්‍යවරු වීදි බැස කියති!

by editor
දෙසැම්බර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාතේ පශු වෛද්‍ය කොට්ඨාස වල සේවය කළ වෛද්‍යවරු 11 දෙනෙකු පසුගිය කාලය තුළ රට හැර යෑම හේතුවෙන් මේ වනවිට කොට්ඨස 06 ක කිසිදු පශු වෛද්‍යවරයෙකු නොමැති තත්ත්වයක් මතුව තිබෙන බවත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති පශු වෛද්‍ය සමිත මීගහකොටුව  පවසයි.

පළාත තුළ පශු වෛද්‍යවරු 87 දෙනෙකු සිටිය යුතු වුවත් මේ වනවිට සේවයේ සිටින්නේ 46 දෙනෙකු පමණක් බවත් ඒ අතරින් ද වෛද්‍යවරු කිහිප දෙනෙකු කාර්යාල සේවයට අනුයුක්තව සිටින නිසා ක්ෂේත්‍ර රාජකාරි වලට ප්‍රමාණවත් වෛද්‍යවරු නොමැතිව කිරි ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් ඒ සභාපතිවරයා කීය.

මධ්‍යම පළාත් පශු වෛද්‍යවරුන් විරෝධය දැක්වූ අවස්ථාව…

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරිය ඇතුළු පරිපාලනය මෙම ගැටලු විසඳීමට විධිමත් ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පවසමින් ඊට විරෝධය දක්වා රජයේ පශු වෛද්‍යවරු ඊයේ  (14) අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට නොපැමිණිය හ.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මධ්‍යම පළාත්  සමාජිකයින්  සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සමිත මීගහකොටුව  පවතින ප්‍රශ්නය නිවැරදිව තේරුම් නොගෙන පරිපාලනය විසින් පශු වෛද්‍යවරුන්ට හිතුමතේ ස්ථාන මාරු ලබාදීම හේතුවෙන් ඔවුන් මානසික වශයෙන් දැඩි කම්පනයකට ලක්ව සිටින බවත් කීය.

වැඩ ප්‍රමාණය අධික වීමත් පරිපාලනය විසින් ගන්නා අත්තනෝමතික තීරණ නිසාත් පීඩාවට පත්වන පශු වෛද්‍යවරුන්ට අකමැත්තෙන් වුවත් රජයේ සේවයට සමුදීමට සිදුව තිබෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව කළ විමසීමක දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදුනී රාජනායක  පැවසුවේ මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදනයට වැඩිම දායකත්වය ලබාදෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කොට්ඨාස ගණනාවක ම සේවය සඳහා පශු වෛද්‍යවරු නොමැතිවීම නිසා කිරි ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි.

රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබා විදේශ ගතවීම සඳහා අවසර ලබාදීමත් සමඟ මධ්‍යම පළාත් පශු වෛද්‍යවරු ගණනාවක් විදේශ ගතවීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළත් තමන් ඊට අවසර නොදුන් බවත් ඒ අතරින් 09 දෙනෙකු  රැකියාවෙන් ඉල්ලා අස්වී විදේශ ගත වූ බවත් ඇය පැවසුවාය.

විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය කොට්ඨාසයේ කිරි ගොවීන් විශාල පිරිසක් සිටින බවත් විදේශ රට වලින් ආනයනය කළ මිල අධික කිරි දෙනුන් සිටින බැවින් මස්කෙළියට පශු වෛද්‍යවරයෙකු ගේ සේවය අත්‍යවශ්‍යය බවත් කී  අධ්‍යක්ෂවරිය මේ වනවිට එම කොට්ඨාසයේ එකදු වෛද්‍යවරයෙකු හෝ නොමැති බව ද අවධාරණය කළාය.

කුණ්ඩසාලේ කොට්ඨාසයේ සිටින වෛද්‍යවරු දෙදෙනාගෙන් එක් අයෙකු මස්කෙළියට මාරු කළත් ඔහු පසුගිය ජූනි මස සිට විවිධ හේතු දක්වමින් සේවයට වාර්තා නොකර සිටින බවත් මේ නිසා එම වෛද්‍යවරයා ගේ වැටුප් අත්හිටුවීම අවශ්‍යය පියවර ගෙන තිබෙන බවත් ඇය පැවසුවාය.

පශු වෛද්‍යවරුන් ගේ හිඟය සම්බන්ධව රජයේ අවධානය යොමුව තිබෙන බවත් විශ්‍රාම ගොස් සිටින පශු වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය මහින්ද අමරවීර   ද පශු වෛද්‍යවරු බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් ඇය පැවසුවාය.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සාමාජික ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය ඩබ්ලිව්.කේ.ආර් දයානන්ද   මෙහි දී අදහස් දැක් වූවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කහවත්ත යළි බිය ගන්වමින් මාධ්‍යවේදී ජානක සුනෙත් ගේ අම්මා මරා දැමූවේ කවුදැයි දින 02ක් යන්න පෙර හෙළිදරවු කරගන්නවා… විමර්ශන ප්‍රධානීන් කියයි!

Next Post

යාපනයේ අන්තර්ජාතික සිනමා උළෙල ඇරඹෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.