සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

260කට මරු කැඳවූ ඉන්දීය ගුවන් අනතුරට හේතුව ගුවන් නියමුවෙකුගේ තේරුම් ගත නොහැකි හැසිරීමක්!…

යානය ගුවන්ගත වූ පසු ඉන්ධන සැපයුම නවත්වලා... අනතුර පිළිබඳ විමර්ශන වාර්තා අනාවරණය කරයි!

by editor
ජූලි 12, 2025
in පුවත්
Air-India-Plan-Crash
Share on FacebookShare on Twitter

පසුගිය මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූයේ යානය ගුවන්ගත වූ පසු ගුවන් නියමුවෙක් විසින් එක්වරම  එන්ජින් වලට ඉන්ධන සැපයුම අත්හිටුවීම නිසා බව මූලික වාර්තාවකින් හෙළි වී තිබේ. 

ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවට උපුටා දක්වමින් CNN ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයේ නියමු කුටියේ ඉන්ධන පාලන ස්විචයන් ක්‍රියා විරහිත කිරීම නිසා එන්ජින්වලට ඉන්ධන හිඟයක් ඇති වී අනතුර සිදුව තිබෙන බවය.

අනතුරෙන් පැය 49 ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය පට ඇතුළුව ගුවන් යානයේ “කළු පෙට්ටියේ” පටිගත දත්ත ලබා ගෙන අධ්‍යයනය කරන විමර්ශකයින්  එම දත්ත උපුටා දක්වමින් පවසන්නේ   ගුවන් යානය ගුවන් ගත වී  ක්නොට්ස් 180 ක ( පැයට කිලෝ මීටර 333.36ක) ගුවන් වේගයකට ළඟා වූ විට, එන්ජින් දෙකෙහිම ඉන්ධන සැපයුම නැවැත්වීමේ ස්විචයන් “තත්පර 01 ක කාල පරතරයක් තුළ එකින් එක RUN සිට CUTOFF ස්ථානයට මාරු කර ඇති බවය.

“කොක්පිට් හඬ පටිගත කිරීමේදී, එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් ඉන්ධන සැපයුම් ස්වීචය වසා දැමුවේ මන්දැයි අසන බව ඇසේ. අනෙක් නියමුවා පිළිතුරු දුන්නේ ඔහු එසේ නොකළ බවයි,” වාර්තාවේ සඳහන් වේ.

ඉන් ටික වේලාවකට පසු, ස්විචයන් තිබිය යුතු ස්ථානයට ආපසු හරවන ලද අතර, අනතුර සිදු වන විට එන්ජින් නැවත ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක යෙදී සිට ඇත.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඉන්ධන සැපයුම නියමුවෙක් විසින්ම නැවැත්විය යුතුයි

“බෝයින් 787 හි, ඉන්ධන සැපයුම නැවැත්වීමේ ස්විචයන් ගුවන් නියමුවන් දෙදෙනාගේ ආසන අතර, යානයේ තෙරපුම් ලීවරවලට වහාම පිටුපසින් පිහිටා ඇත. ඒවා ලෝහ තීරුවකින් දෙපස ආරක්ෂා කර ඇති අතර අහම්බෙන් “ස්වීචයන් ඔෆ්” කිරීම වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති අගුලු දැමීමේ යාන්ත්‍රණයක් ඇත.  ගුවන්තොටුපළ දර්ශනවල දැක්වෙන්නේ ගුවන් යානය ගුවන්ගත වීමෙන් පසු පළමු නැගීමේදී ගුවන් තොටුපල සීමා ඉක්මවා යන්නට පෙර යානය උන්නතාංශය අහිමි වීමට පටන් ගන්නා ආකාරයයි.” විමර්ශන වාර්තාව දක්වයි.

එම වාර්තාවට අනුව ගුවන් යානය පියාසර කරන අතරතුර ඉන්ධන පාලන ස්විචයන් CUTOFF සිට RUN වෙත ගෙන යන්නේය. එවිට, සෑම එන්ජිමක්ම සම්පූර්ණ බලයෙන් යුක්තව ස්වයංක්‍රීය ධාවනය අරඹන්නේය. ධාවනය අතර එන්ජිමේ ඉන්ධන සැපයුම වසා දමා යළි විවෘත කර එන්ජිම පණගැන්වීමට උත්සාහ කිරීමෙන් තත්ත්පර කීපයකට පසු එක් නියමුවෙක් MAYDAY MAYDAY MAYDAY ලෙස කෑ ගසන්නේය. පාලක මැදිරිය යානයේ ඇමතුම් ලකුණ ඉල්ලා සිටියද ප්‍රතිචාරයක් නොලැබුණු අතර සැනකින් ගුවන් අනතුර සිද්ධ වන්නේය.

ඉන්ධන ස්විච “හිතාමතාම චලනය කිරීමට නිර්මාණය කර ඇති” බව CNN ආරක්ෂක විශ්ලේෂක ඩේවිඩ් සූසි ප්‍රකාශ කර ඇත. අහම්බෙන් සියලුම ඉන්ධන ස්විච ක්‍රියා විරහිත කළ අවස්ථා “අතිශය දුර්ලභ” බව ඔහු පැවසීය.

” එම ස්විච අහම්බෙන් චලනය කළ නොහැකි බවත් ඒවා ස්වයංක්‍රීය නොවන බවත් සහතික කිරීම සඳහා වසර ගණනාවක් පුරා, වැඩිදියුණු කර ඇත. ඒවා කිසිදු ආකාරයකින් ස්වයංක්‍රීයව චලනය නොවේ,” සූසි සිකුරාදා CNN වෙත පවසා තිබිණි.

බෝයිං 787 යානයක ඉන්ධන නැවැත්වීමේ ස්විචය

ගුවන් නියමුවන්

ගුවන් යානයේ කපිතාන්වරයා තම වෘත්තීය ජීවිතය තුළ පැය 15,000 කට වඩා පියාසර කර ඇති 56 හැවිරිදි අයෙකි. පළමු නිලධාරියා වයස අවුරුදු 32 ක පියාසර පැය 3,400 කට වඩා වැඩි පුද්ගලයෙකි.

සුන්බුන් වලින් සොයාගත් උපකරණවල සැකසුම් ගුවන්ගත වීම සඳහා සාමාන්‍ය බව ද විමර්ශකයින් විසින් සටහන් කරන ලදී. වාර්තාවට අනුව, යානයේ ඉන්ධන පරීක්ෂා කරන ලද අතර එය සතුටුදායක ගුණාත්මක බවකින් යුක්ත බව තහවුරු කරගෙන ඇත. ගුවන් ගමන් මාර්ගය අසල සැලකිය යුතු පක්ෂි ක්‍රියාකාරකම් නිරීක්ෂණය වී නොමැත.

යානය සඳහා ගුවන්ගත කිරීමේ බර අවසර ලත් සීමාවන් තුළ ඇති බව සොයා ගෙන තිබේ. ගුවන් යානයේ “භයානක භාණ්ඩ” නොතිබුණි. ගුවන් යානයේ පියාපත්වල ෆ්ලැප් අංශක 5 ක ස්ථානයක සකසා ඇති බවත්, එය ගුවන්ගත කිරීම සඳහා නිවැරදි බවත්, ගොඩබෑමේ ගියර් ලීවරය පහළ ස්ථානයේ ඇති බවත් විමර්ශකයින් සොයා ගෙන තිබිණි.

මාර්තු 26 වන දින යානයේ වම් එන්ජිම සවි කර ඇති අතර දකුණු එන්ජිම මැයි 1 වන දින ස්ථාපනය කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.

අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන් යානය ජුනි 12 වන දින ඉන්දියාවේ බටහිර ප්‍රාන්තයේ ගුජරාට් හි අහමදාබාද් සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී තිබේ. බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය ලන්ඩන් ගැට්වික් වෙත ගමන් කරමින් තිබූ අතර දේශීය වේලාවෙන් සවස 6:25 ට ගොඩබෑමට නියමිතව තිබුණි.

යානය BJ වෛද්‍ය විද්‍යාලය සහ රෝහල් නේවාසිකාගාරයට කඩා වැටීමෙන් එහි ගමන් කළ අයට අමතරව බිම සිටි පුද්ගලයින් ගණනාවක් මිය ගියහ.  යානයේ ගමන් ගත්  එක් මගියෙකු හැර යානයේ සිටි සියල්ලන්ම මිය ගියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහානාමලා පෙන්වා දුන් ඇත්තට ජනපති පයින් ගසයි… පොල්හේන පන්සල් ඉඩමක ක්‍රිකට් ඇකඩමිය හදන්න ඉඩම් ලබා දෙන හඳුන්නෙත්තිගේ දේශපාලන ව්‍යාපෘතිය අනුමතයි!

Next Post

ජාතික රෝහලේ හෘද රෝග වාට්ටු  මෝචරියක් වෙයි ද? 

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.