fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21 වැනිදා අරින පාසල්වලට බාධාකරන අය ගැන ක්‍රියා කිරීමට පොලිසියට උපදෙස් එයි

මාස 10ක් ago
in පුවත්
480 5
0
Share on FacebookShare on Twitter

ලබන 21 වැනිදා පාසල් ආරම්භ කරන පාසල්වලට පැමිණෙන ගුරුවරුන්ට සහ සිසුන්ට බාධා කරන බාහිර පිරිස් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසත් අදාළ තොරතුරු සොයා බැලීම සඳහා පාසල් ආසන්නයේ බුද්ධි නිලධාරීන් යොදවන ලෙසත් බස්නාහිර පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

දිවයිනේ සිසුන් 200ට අඩු පාසල් ලබන 21 වැනිදා විවෘත කිරීමට මේ වනවිට රජය විසින් කටයුතු යොදා ඇත. එහිදී පවතින ගුරු වර්ජනය හේතුවෙන් පාසල් පැමිණෙන ගුරුවරුන්ට යම් බාහිර පිරිස් බාධා කරයිනම් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මේ අනුව උපදෙස් ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේම පාසල් ආරම්භ කිරීමට පෙර අදාළ පාසල්වල තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කවුද යන්න පිළිබඳව පොලිසිය දැනුවත් වීම නිසි සෞඛ්‍යාරක්ෂක පහසුකම් පාසලේ පවතින්නේද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිසියේ ඉහළ නිලධාරීන් වෙතින් පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කොට තිබේ.

පසුගිය 14 වැනිදා බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව පළාතේ පොලිස් ජනාධිපතිවරුන්ට මෙම උපදෙස් ලැබී ඇත.

මෙම පාසල් විවෘත කළ හැකි ආකාරයට පිරිසිදු කර තිබේද යන්න පිළිබඳවද සොයා බලන ලෙස උපදෙස් ලබා දී ඇති අතර මුව ආවරණ සබන් අත්සෝදන දියර, ජල පහසුකම් නොමති පාසල් වේ නම් ප්‍රදේශයේ දානපතියන්ගේ සහයෙන් මෙම ද්‍රව්‍ය ලබා දෙන ලෙසද ඔවුන්ට උපදෙස් ලැබී ඇත.

මෙම උපදෙස් අතර විශේෂයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් ‍වෙත අවධාරණය කර ඇති කරුණක් වන්නේ පාසල් විවෘත කිරීමේ තීරණයට විරෝධය පළකරන හෝ බාධා කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් අවබෝධයෙන් සිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

මේ සඳහා අවශ්‍ය වේ නම් ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුවල සහය ලබා ගන්නා ලෙසද පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

උතුරේ ගොවි ධීවර උද්ඝෝෂණ ඇරඹෙයී! සුමන්තිරන්ලා මුහුදට බසිති…

Next Post

රටවල් 197ක නිර්මාණ 7000ක් අභිබවා සම්මාන දිනූ හසන්තගේ “මට්න්“…

Related Posts

කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

අගෝස්තු 10, 2022

නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

අගෝස්තු 10, 2022
Kashmir

කාශ්මීරයේ සටන් විරාම කලාප සංචාරක කලාප බවට පත්වෙයි

අගෝස්තු 10, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…
  • කාශ්මීරයේ සටන් විරාම කලාප සංචාරක කලාප බවට පත්වෙයි
  • ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි
  • තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

ජනප්‍රිය පුවත්

  • ඉතිහාසයේ සටහනක් පමණක් තබා ගෝල්ෆේස් අරගලකරුවෝ අරගල භූමිය අත්හරිති!

    240 shares
    Share 96 Tweet 60
  • සර්ව පාක්ෂික ඇමති මණ්ඩලය පත්කර ගැනීම අවුලෙන් අවුලට.. ඇමති ධුර 30ට 50ක් ඉදිරිපත් වෙලා…

    173 shares
    Share 69 Tweet 43
  • ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොහොට්ටුවෙන් වෙන් වූ වසන්ත යාපාට සහ තිලක් රාජපක්ෂට මරණීය තර්ජන! කතා නායක නියමයෙන් පරීක්ෂණයක්….

    173 shares
    Share 69 Tweet 43
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 20ට බිත්තර විකුණන්න – බේකරි හිමියෝ ඉල්ලති…

    172 shares
    Share 69 Tweet 43

Highlights

ගෝඨාභයට දින 90ක් වීසා නැතිව ඉන්න තායිලන්තය අවසර දෙයි

තලේබාන් පාලනයෙන් අපරාධ වැඩි වූ ඇෆ්ගනිස්ථානය

ලංවිම අඩුපාඩු කිසිවක් නොහදා සියලු බර විදුලි බිලට පටවලා! චම්පික රණවක කියයි

ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 20ට බිත්තර විකුණන්න – බේකරි හිමියෝ ඉල්ලති…

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට අර්ජුණ රණතුංග පත්වේ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

by editor
අගෝස්තු 10, 2022
0

කොටහේන කෝටිපති උන්ඩියල් ව්‍යාපාරිකයාගේ මුදල් කොල්ල...

නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

by editor
අගෝස්තු 10, 2022
0

වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය නැරඹීම සඳහා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist