2026 වසරේ නව අවුරුදු උදාව නිමිත්තෙන් කොළඹ නරගය, ගාලු මුවදොම ප්‍රදේශය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර ඇත.
2025.12.31 දින කොළඹ නරයේ ගාලු මුවදොර පිටිය ආශ්රිත ප්‍රදේශයට විශාල පිරිසක් පිට පළාත්වලින් පැමණ නව අවුරුදු උදාව සැමරීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් එම රථවහාන තදබදය අවම කිරීමටත්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙම නව සැලසුම ඉදිරිපත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
රථවාහන පොලිසියේ පුරෝකථනයන්ට අනුව කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කුරුඳුවත්ත ප්‍රදේශවල අධික රථ වාහන තදබදයක් ඇති වනු ඇතැයි අපේක්ෂිතය.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව රථවාහන ගමන් කිරීමට අවස්ථාව ලබා දෙමින් අවස්ථානුකුලව දියත් කිරීමට සැරසෙන රථවාහන සැලැස්ම පහත දැක්වේ.








