අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2019 -21 කාලය තුළ සිදුකල අතාර්කික බදු සංශෝධන රටට කළ හානිය ජනපති ජය සිරිමා බෝධි මහ මළුවේ සිට කියයි.

මේ තරම් අසීරු කාලයක බදු වැඩි කරන්න වූයේ ඇයි දැයි ජනපති පහදයි...

by editor
ජනවාරි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනපති නුරාධපුරයේ ජය සිරි මහා බෝධි මළුවේ සිට රජයේ සේවකයින්ට සහන මල්ලක සිහිනයක් දෙයි… ණය ආධාර අරන් ආර්ථිකය ගොඩ දාන හැටි කියයි…

වර්ෂ 2019 සිට 2021 දක්වා සිදුකළ අතාර්කික බදු සංශෝධන හේතුවෙන් ලක්ෂ 16ක්ව පැවති බදු ලිපිගොනු ලක්ෂ 04තෙක් අඩුවී රාජ්‍ය ආදායම බිඳ වැටුණු අකාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අනුරාධපුරයේ දී  පැවසුවේය.

තමන්ගේ රටේ ජනතාවගෙන් රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම සඳහා බදු අයකර නොගන්නා රටකට විදේශ රටවල ජනතාව විසින් ගෙවන ආදායම් බදුවලින් එකතු කරගන්නා ආධාර මුදල් ලැබේ දැයි විමසූ ජනාධිපතිවරයා විදේශ නියෝජිතයන් පෙරළා මේ පිළිබඳව ප්‍රශ්න කරනවිට තමන්ද නිරුත්තර බව කීවේය.

අකමැත්තෙන් හෝ මේ බදු සංශෝධනවලට නොගියහොත් ආධාර නවතිනු ඇති බවත් බෙහෙත් ටික ගැනීමටවත් සති තුනකට ප්‍රමණවත් විදේශ සංචිත නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමිනි.

අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර විජිණිපත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පිළිගන්වනු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනපති සන්නස පිලිගැන්වීම

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීවේය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අපට ණය ගෙවිය නොහැකි බව අපි ජාත්‍යන්තරයට දැනුම් දුන්නා. අපි ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කළා.

අප ලබාගත් ණය ප්‍රමාණය ඉතා ඉහළ බැවින් අපට එම ණය ආපසු ගෙවීමට හැකියාවක් නැති බව ඔවුන් දැනුම් දුන්නා. එම ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා ගැනිමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සැලැස්මක් සකස් කරන ලෙස යෝජනා කළා. අපට ණය ලබා දුන් චීනය, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් දන්වා සිටියේ පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අනතුරුව එම රටවලිනුත් ලබාදිය හැකි ආධාර පිළිබඳ සාකච්ඡා කරන බව දැනුම් දුන්නා.

ඒ නිසා අපි මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිදු වුණා. අපට මෙම අධාර නැතිව ඉදිරියට යන්න බැහැ. මේ අධාර නොලැබුණොත් අපේ ආර්ථිකය කඩා වැටෙනවා. අපේ රටේ තිබෙන අරමුදල් සහ විදේශ විනිමය ප්‍රමාණවත් වන්නේ නැහැ.

පසුගිය වසරේ අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 11යි. මේ වසරේ අපි සැලසුම්සහගත ලෙස කටයුතු කළහොත් එය සෘණ 3.5ක් බවට පත්කරගත හැකියි. ගෝලීය ගැටලු ඇතිවුවහොත් සෘණ 4ක් විය හැකියි. නමුත් අපි අපේක්ෂාකරන ප්‍රමාණය සෘණ 3.5යි.

මේ ආකාරයට බලන විට 2024 වර්ෂයේ සිට අපට ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකියි. අපට ඩොලර් නැති වු අවස්ථාවක අප ගත් පියවර නිසා අපට යම් ආධාර ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඉදිරියේ දී මීට වඩා ආධාර අපට ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ වගේම පොහොර ලබාදීම සමග මෙවර මහ කන්නය සාර්ථකවීම නිසා අපට වී අතිරික්තයක් ලැබෙනවා. අපි මේ වැඩපිළිවෙළින් ඈත් වුවහොත් පසුගිය වසරේ මැයි, ජුනි, ජූලිවල තිබුණු තත්ත්වට නැවත රට පත්වෙනවා. එසේ සිදුවුවහොත් තවත් අසීරුතාවකට මුහුණ දීමට සිදු වෙනවා.

එමෙ වුවහොත් අපට සති තුනකටවත් ඖෂධ ලබා ගැනීමට මුදල් ඉතුරු වන්නේ නැහැ.

අපට ණය ලබාදුන් රටවල් දන්වා සිටියේ ඔවුන්ගේ ආදයමත් අඩුවී තිබෙන බවත් තමන්ගේ ජනතාවට මේ ප්‍රශ්නය විසඳාගැනීමට උපරිම බර දැරීමට නොහැකි නම් ඔවුන්ගේ සහාය ලබාදීම දුෂ්කර බවයි. මොකද ඔවුන් ලබාදෙන මුදල් ඔවුන්ගේ ජනතාවගෙන් බදු අය කරගෙන ලබාගත් මුදල් බව ඔවුන් දන්වා සිටියා.

2019 දී අපේ සම්පුර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%යි. ඒත් බදු අඩු කිරීමත් සමග 2022 වන විට සම්පූර්ණ අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.4%කට අඩු වෙලා තිබෙනවා. ආධාර ලබා දෙනව නම් 2019 තිබූ තත්ත්වයට එනම් සම්පුර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක මට්ටමකට ඉහළ නංවන්න කියා එම රටවල් අපට දන්වා සිටියා. ඒ කියන්නේ දැන් තිබෙන ආදායම වසර 03ක් තුළ 75%කින් ඉහළ නැංවිය යුතුයි. එයයි අපට තිබෙන අභියෝගය.

එසේ නොකළහොත් අපට ආධාර ලැබෙන්නේ නැහැ. එසේ සිදු කරනවා නම් විශාල බරක් දැරීමට සිදුවෙනවා. එහෙත් අපට ඉදිරියට යා හැකියි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු සමග අපට වාද කිරීම අසිරුයි.

මේ තත්ත්වය තවත් පැහැදිළි කරනවා නම් අපට 2019 වර්ෂයේ දී සම්පූර්ණයෙන්ම ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 15ක් තිබුණා. ඊළගට වැට් බදු, ජාතිය සංවර්ධනය කිරීමේ බදු ගෙවන අය ගත්තොත් ලිපි ගොනු එක්ලක්ෂ විසි දෙදහසක් තිබුණා.

සම්පුර්ණයෙන් ලක්ෂ 16ක ලිපිගොනු තිබුණා. පසුව සිදු වූ මේ බදු ඉවත් කිරීමත් සමග 2021 දෙසැම්බර් මාසය වන විට අපට ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 04යි තිබුණේ. එය ලක්ෂ 15 සිට ලක්ෂ 04 දක්වා අඩු වී තිබුණා.
ඒ වගේම අනිත් බදු ගෙවන ලිපි ගොනු එක්ලක්ෂ විසි දෙදහසේ සිට නවදහස නවසිය හැත්තෑ හයකට අඩු වුණා.

එහෙමනම් අපට තිබු බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 16 සිට ලක්ෂ 04කට අඩු වුණා. ඒ අනුව ඔවුන් අපට පෙන්වා දුන්නා මේ බදු අය කරන එක අඩු කළහම අපි කොහොමද අපේ ජනතාවගෙන් අය කරගන්න බදු ඔබලට ලබා දෙන්නේ කියලා. ඒ අනුව තමයි අපි බදු අය කිරීම මේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළේ. මෙම පියවර නොගත්තොත් අපට ඉදිරියට යන්න බැහැ.

2023 ජනවාරි 25 වෙනිදා අපට ලැබුණු ආදායම රුපියල් බිලියන 145යි. වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි යන සියලු ප්‍රාග්ධන වියදම් ගත් විට බිලියන 143යි. එපමණක් නොවෙයි ණය ගෙවීමට තව බිලියන 355ක් අවශ්‍යයි. ජනවාරි මාසයේ අපේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 498යි. එහෙත් අපේ ආදායම මිලියන 145යි. විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් කාලයත් සමග අපට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකියාව තිබෙනවා.

ඒ වගේම තවත් ගැටලු තිබෙනවා 2022 වර්ෂයේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 794යි. අපට ඒවා පියවීමට මේ වසරේ මුදල් නැහැ. ඒ නිසා අපි මේ අලාභය පියවා ගත යුතුයි. අද විදුලිබිල ගැටලුව සියලුදෙනාට බලපා තිබෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපට දන්වා තිබෙන්නේ බදු ආදායම් ලබා ගන්නේ නැත්නම් අනෙක් රටවල බදු ආදායම ලබා දෙන්නේ නැහැ කියලා. ඒ අය තව කාරණයක් පෙන්වා දුන්නා. අපේ රටේ වැඩිම බදු වියදම් තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට කියලා.

තායිලන්තය වැනි රටවල තීරුබදු වලින් ලැබෙන්නේ රජයේ ආදායමෙන් 2.8%යි. ආදායම් බදුවලින් ලැබෙනවා 30.1%ක්. ඉන්දියාව තීරුබදු වලින් 4.5%ක් ලබන අතර ආදයම් බදුවලින් 45.6%ක් ලබනවා. අපේ රටේ තීරු බදුවලින් 26.3% ලැබෙන අතර ආදායම් බදු වලින් ලැබෙන් 17.7%යි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන්නා බදු ඉහළ නංවන විට ආදායම් බදු ඉහළ නංවන්න, වෙනත් බදුවලින් අය කර ගැනීම නිසා අඩු ආදායම්ලාභී ජනතාව අපහසුතාවට පත්වෙනවා කියලා.

අපි සියලුදෙනා අසීරු අවස්ථාවක ඉන්න බව මම පිළිගන්නවා. ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ හොද අස්වැන්නක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. බඩු මිල, ප්‍රවාහන වියදම්, තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇතිවී තිබෙන පීඩාව අපි සියලුදෙනා දරාගෙන ඉන්නවා. අපට මෙයින් ඈත් වෙන්න බැහැ.

අපේ අදායම් ස්ථාවර මට්ටමකට පැමිණෙනවා නම්, මීට වඩා දියුණු වෙනව නම් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස රජයේ සේවකයින් සියලුදෙනාට වැඩිපුර දීමනාවක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය දියුණුවීමත් සමග වැටුප් ඉහළ නැංවිය යුතුයි. අපි ලාභය ඉහළ නංවාගත යුතුයි.

මේ ඇත්ත කතා කිරීම දේශපාලනඥයෙක්ලෙස අසීරු කාර්යයක්. එහෙත් මම පැරදුනත්, දිනුවත් ඇත්ත තත්ත්වය සෑම විටම පෙන්වා දෙනවා. ජනතාවට මේ අසීරු තත්ත්වයෙන් ගොඩඒමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.

ජපානය ඇතුළු පැරිස් සමුළුවේ රටවල් එකතුවෙලා අපේ මේ යෝජනා පිළිඅරගෙන සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කළා.

චීනය දැන් එම යෝජනාව පිළිගෙන තිබෙනවා. පෙබරවාරි මාසය වන විට ඇති වන මෙම තත්ත්වය සමග අපට විදේශ විනිමය ලැබෙනවා. එවිට ක්‍රමානුකූලව මේ ප්‍රශ්න විසදා ගත හැකියි. අපි අලුත් ආර්ථිකයක් ඇති කළයුතුයි. අනුරාධපුර රාජධානිය ණය වෙලා හිටියේ නැහැ. ශක්තිමත් රාජධානියක් තිබුණා. අපි එය මතක තබාගෙන ආර්ථිකය ගොඩනැංවිය යුතුයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාකිස්තානය නැව් සමාගම් සේවා සැපයීමෙන් ඉවත්වීමේ අවදානමක්

Next Post

මැතිවරණ කොමිසමේ චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළි නොගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.