සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොංකොං ක්‍රීඩකයින් කියා දි ගිය පාඩම… හොඳටම දඟලා ලබා ගත් කඩුළු 04ක “විජයග්‍රහණය”…

by editor
සැප්තැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හිතන් උන්නේ හොංකොං ගේම් එක ඊසි ගහන්නටය. තව පොඩ්ඩෙන් රෙදි ඉල්ලේය. දෙයියන්ගේ පිහිටෙන් පැතුමා උන්නේය. හොංකොං උනුත් එක පිට එක උඩ ගෙඩි අත හැරියේය. ඒ හින්දා කඩුළු හතරකින් ශ්‍රී ලංකා කණ්ඩායම දිනුම්ය.

15 දා  ආසියානු කුසලාන තරගාවලියේ 08 වැනි තරගය අබුඩාබි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වූයේ හොංකොං සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතරය. කාසියේ වාසියත් ශ්‍රී ලංකා කණ්ඩායමටය. ඔවුහු පන්දු රැකීම තේරූහ.

එහෙත් හොංකොං පිළෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නට එල්ල වූයේ බලාපොරොත්තු නොවන මට්ටමේ ප්‍රතිරෝධයකි.
දවා ගන්නට හැකි වන්නේ කඩුළු 04ක් පමණි. මුල් කඩුල්ල බිඳී යන්නේ ලකුණු 41ක දීය. යවා තිබුණේ පන්දු ඕවර 4.5කි. ලකුණු 9කට වැඩි දල ලකුණු වේගයක් පළමු කඩුල්ල බිඳී යනවිට හොංකොං කණ්ඩායම පවත්වාගෙන ගොස් තිබිණි.

ශීෂාන් අලි සහ අන්ෂි රත් පළමු කඩුල්ල සඳහා මෙම ස්ථාවර   සම්බන්ධතාවය ගොඩනැගූහ. අලි ලකුණු 23කි. ඒ පන්දු 17ක් තුළය. අන්ෂි රත් ලකුණු 48කි. ඒ පන්දු 46ක් තුළය.

වේගවත් පිතිකරණයක යෙදුන හොංකොං කණ්ඩායමේ නිසාකට් ඛාන් පන්දු 38කට ලකුණු 52කි. ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 4කි. ඔහු තරගය අවසන්වන තුරු නොදැවී සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම වයිඩ් පන්දු 4ක් සහ නිපන්දුවක් ඇතුළුව අතිරේක ලකුණු 13ක් හොංකොං කණ්ඩායමට ප්‍රදානය කර තිබිණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

කඩුළු 4ක් පමණක් දැවී හොංකොං ක්‍රීඩකයෝ ලකුණු 149ක් ලදහ. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 29ට කඩුළු 2ක්, වනිඳු හසරංග 27ට එක් කඩුල්ලක් සහ දසුන් ශානක ලකුණු 05කට එක් කඩුල්ලක් ලැබුවේය.

ශ්‍රී ලංකා ඉනිම –

පිතිකරණයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට    හොංකොං පන්දු යවන්නන් එල්ල කළේ පහසු පීඩනයක් නොවේ. පන්දු 44ක් තුළ පැතුම් ලබා ගත් ලකුණු 68 නොවන්නට ශ්‍රී ලංකා පිලට අබ සරණය. පැතුම්ගේ පිතිකරණයේ දි  ලකුණු 40 සිට දැවී යන ලකුණු 68 වන තුරු හොංකොං පන්දු යවන්නෝ පැතුම්ගේ උඩපන්දු 03ක් අත් හළහ. අවසානයේ ඔහු දුවද්දී දැවී ගියේය.

අනෙක් පිතිකරුවන් පොඩි උන් ගහන්නා වාගේ තනි උඩ ගසා උඩපන්දු දී දැවී යන අයුරු දුටුවෙමු. කුසල් මෙන්ඩිස් දැවී යන්නේ මුළු ලකුනු සංඛ්‍යාව 26 දී ය. ඒ තනි උඩ ගසාය. කමිල් මිෂාරත් එහෙමය. කණ්ඩායමේ මුළු ලකුණු 62 දී ඔහු දැවී යන්නේත් රොකට් ගැහිල්ලක් ගසාය. 3 වැනි කඩුල්ල ලෙස පැතුම් දුවද්දී දැවී යන විට මුළු ලකුණු සංඛයාව ලකුණු 119කි. ලකුණු 119 දී කුසල් පෙරේරා කඩුල්ල මුවා කර දැවී ගියේය. ඔහු ලබා ගන්නේ ලකුණු 20කි. ඒ ලකුණු 20 තුළ කුසල් පෙරේරා ලබා දුන් උඩපන්දු 2ක් හොංකොං ක්‍රීඩකයෝ අත් හැරියහ.

නායක චරිත් අසලංක හොංකොං පන්දු යවන්නන් හමුවේ ගොබ්බයෙක් විය. ඔහු දැවී යන්නේ මුළු ලකුණු ගණන 122 දී ය. ඔහ ුලබා ගත්තේ ලකුණු 2 කි. ලකුණු 127 දී හයවන කඩුල්ලත් දැවී ගියේය. ඒ කමිඳු මෙන්ඩිස්ය. බලන්න කැත පහරක් ගසා උඩ පන්දුවක් දී දැවී යන විට ජයග්‍රහණයට ලකුණු 23ක් අප පිටුපසිනි.

ඉන් අනතුරුව පිටියට පැමිණි වනිඳු හසරංග සහ දසුන් ශානක පන්දු 7ක් ඉතිරිව තිබිය දී තරගයේ ජයග්‍රහණය සහතික කළහ. අප කඩුළු 4කින් දිනුම්ය.

දිනුම් බව සැබෑය. බලන් ඉන්නා අපට ඇසෙන්නේ ඉදිරියේ දී ඉන්දියාව වැනි කණ්ඩායමකින් අපට කන්නටවන බලු ගුටිවල කෙඳරිය ය. මේ ගැහිල්ල වෙනස් නොකරගතහොත් රටට ක්‍රිකට් එපා වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියවඩන නිළමේ ධූරයට තරග වදින ඇතැම් අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර…

Next Post

විදුලි බල පනත සංශෝධනය කළේ සේවකයින් ගැන හිතලා… විදුලි බල ඇමති කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.