මහජන ප්‍රදර්ශනය සඳහා රැගුම් පාලක ම්ණ්ඩලය විසින් අනුමත කළ චිත්‍රපට 120කට ආසන්න ප්‍රමාණයක් තිරගත කරගැනීමට නොහැකිව එම චිත්‍රපටවල නිර්මාණකරුවන් සහ ඒ සඳහා මුල්‍ය පිරිවැය දැරූ නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 650 කට වඩා වැඩි මුදලක් වැය වී තිබෙන අතර එම ඇතැම් සිනමා පට නිර්මාණය කර තිබෙන්නෙ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ නිවාස සහ දේපළ බැංකු වල උකසට තබා ලබාගත් ණය පහසුකම් මත බවද දැනගන්නට ලැබේ.
ප්‍රදර්ශනයට අවසර ලැබුණද තිරගත කරගත කරගැනීමට අවස්තාවක් නොලද මෙම චිත්‍රපට ගොන්න අතරට මීට වසර දහයකට පෙර, 2010 වසරේ සිට නිෂ්පාදනය අවසන් කළ, අවසර ලබා ගත් සිනමා නිර්මාණද ඇතුළත් වේ.
සිනමා ශාලා දවසින් දවස වැසී යාම, පවතින සිනමා ශාලාවන්හි චිත්‍රපට සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට නොහැකි වීම, චිත්‍රපටවල ගුණාත්මක බව පිළිබඳ ප්‍රදර්ශන මණ්ඩලවල පවතින රුචි අරුචි බව 2019 වසර තෙක් මෙසේ චිත්‍රපට ප්‍රද්ර්ශන පෝලිමක් ඇතිවීමට බලපා තිබෙන අතර පාස්කු ප්‍රහාරය සහ කොඩිඩ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් සිනමා ශාලා වසා තැබීමත් මෙසේ ප්‍රදර්ශනය කර ගත නොහැකිව චිත්‍රපට ගොඩගැසීමට හේතුවක් වී ඇත.
මෙම ගැටලුවට සාධනීය විසඳුමක් ලාබ දීමට ජාතික චිත්‍රපට සංස්ථාවට තවමත් නොහැකි වී තිබෙන අතර චිත්‍රපට නිර්මාණ කරුවන් සහ නිෂ්පාදකයින් චෝදනා කරන්නේ සංස්ථාව මෙම ගැටලුවේදී උකටලී ස්භාවයකින් කටයුතු කරන බවය.
කෙසේ වෙතත් ටෙලි නාට්‍ය සඳහා රූපගත කළද එහෙත් ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය කාලයක් ලබාගැනීමට නොහැකිව, පසුව සිනමා නිර්මාණ බවට සංස්කරණය කළ නිර්මාණ කිහිපයක්ද මෙම චිත්‍රපට පෝලීමට ඇතුළත් වන බව අප කළ සොයා බැළීමේදී දැනගන්නට ලැබිණි.