කීර්ති ප්‍රනාන්දු –
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද දායකයන්ගේ නිල ඡන්ද පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදාහැරීම මේ මස 20 වෙනිදා සිට මාර්තු මස 03 වෙනිදා දක්වා සිදු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ පවසයි.
මීට අමතරව විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස මෙම මස 26 වෙනිදා( ඉරිදා) ද දවස පුරා නිල ඡන්ද පත්‍රිකා ගෙන්ගෙට බෙදාහැරීම සිදු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි .
සියලුම නිල ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මෙම මස 19 වෙනි දින තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බවද ඔහු කියා සිටී .
මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හරින කාලය තුළ නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණු පුද්ගලයන් සිටීනම් මැතිවරණය පැවැත්වෙන මාර්තු 09 දින දක්වා තමන් හට ලිපි බෙදාහරින තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියි







