බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20 වැනි සංශෝධනයෙන් සිදුවෙන ප්‍රධාන වෙනස්කම් මෙන්න

1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබුණු බලතල රැසක් යළි එයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අඩු වූ විධායකයේ බලතල යළි ලැබෙන ආකාරයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය කෙටුම්පත් වී තිබේ.

ඒ අනුව රටේ විධායක ජනාධිතිවරයාට වැඩි බලයක් මෙම සංශෝධනය අනුව හිමි වීම නියමිතය.මෙම සංශෝධන පනත් කෙටුම්පතක් ලෙස මේ වනවිට ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කොට තිබේ.

19 වැනි සංශෝධනයට අනුව මහ මැතිවරණයකින් වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය මෙම සංශෝධනය අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් වසරකට පසුව විසිරුවා හැරීමට හැකියාව ලැබෙන සේ සංශෝධනය වී තිබේ.

එසේම 19 වැනි සංශෝධනයේ පැවැති වැදගත් ලක්ෂණයක් වූ ස්වාධීන කොමිෂන් සභාපත් කිරීමේ කාර්යය සිු කළ ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ජනාධිපති අගමැති විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනකුගෙන් පමණක් සැදුම් ලත් පාර්ලිමේන්තු සභාවක් යෝජනා කොට තිබේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එසේම ද්විත්ව පුරවැසිභාවය ලබන පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය දැරීමේ අවස්ථාවද මෙම සංශෝධනය අනුව හිමි වන අතර 19 වැනි සංශෝධනයෙන් සීමා කර තිබූ කැබිනට් අමාත්‍යවරුන් ගේ 30ක සීමාව සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ 40ක සීමාව අහෝසි කර තිබේ.

එමෙන්ම මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම, මුදල් කොමිසම , රාජ්‍ය සේවා කොමිසම , ජාතික පොලිස් කොමිසම, සීමා නිර්ණය කොමිසම සහ අල්ලස් හෝ දූෂණ විමර්ශඔෂන කොමිසම යන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීමේ බලය පාර්ලිමේන්තු කොමිසමේ නිරීක්ෂණ සහිතව විධායකය වෙත පැවරීමටද යෝජනා වී තිබේ.

හදිසි පනත් සම්මත කිරීම 19 වැනි සංශෝධනයෙන් අහෝසි ‍කෙරුණු අතර එයද යළි ස්ථාපනය කර ඇත.. ඒ අනුව යම් අමාත්‍යවරයකුට හදිසි පනතක් ගෙන ඒමට අවශ්‍ය නම් එය ජනාධිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කොට එහි ව්‍යවස්ථානුකූලව භාවය තහවුරු කරගෙන දින තුනක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබාගෙන පැය 24ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කොට සම්මත කර ගත හැකිය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකය සතු බලතල ලෙස වැති එම ලක්ෂණ එපරිද්දෙන්ම 20 වැනි සංශෝධනය හරහා ස්ථාපනය කර ඇති අතර නව සංශෝධනය යටතේ පෙර පැවැති ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ ජාතික විගණන කොමිසම අහෝසි කර ඇත.
1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකු පත් කිරීමේදී තිබිය යුතු අවම වයස වූ අවුරුදු 30 යළි ස්ථාපනය කර ඇති අතර එය 19 සංශෝධනයේදී 35ක් දක්වා වැඩි කෙරිණි.

අග්‍රවිනිශ්චයකාර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණ විනිසුරුවන් සහ අභියාචනාධිකරණ සභාපති අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර සෙසු සාමාජිකයන්, නීතිපති, විගණකාධිපති, ඔම්බඩ්ස්මන්, පාර්ලිමේන්තු මහලේකම් යන තනතුරුවලට පත් කිරීමේ ද බලය විධායකය වෙත පැවරෙන අතර අමාක්‍යවරුවන් පත් කිරීමේදී අග්‍රමාත්‍යවරයා විමසීමෙන් පසුව කළ යුතු බවට වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයද නව යෝජනා කෙටුම්පත් මඟින් අහෝසි කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාට ඇමැතිවරුන් පත් කිරීම අමාත්‍ය සංශෝධන සිදු කළ හැකි වන අතර අවශ්‍ය අවස්ථාවදී පමණක් අග්‍රමාක්‍යවරයාගෙන් විමසිය හැකිය.

අධිකරණ සේවා කොමිසම අග්‍රවිනිශ්චයකාරයා සහ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනකු ගෙන් සමන්විත වන අතර මෙම විනිසුරුවන් කොමිසම වෙත පත් කරනු ලබන්නේද ජනාධිතිවරයා විසිනි.

19 වැනි සංශෝධනයේදී එය පැවතුණේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් මෙම පත් වීම් සිදු කරනු ලැබිය යුතු බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රනිල් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට

Next Post

ගිනිගන්නා තෙල් නැවේ අවුරුදු සියයකටවත් මකන්න බැරි අවදානමක්

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.