සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20 ගැන ජනාධිපතිගේ ආවේගශීලී කතාවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නිහඬ වෙති

විමල්ගෙන් නිමල් සිරිපාලට වාග් ප්‍රහාරයක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී 20 වනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ කතා බහ ඉතා උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තා වේ.

මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් සහභගී වී සිට ඇති අතර 20 වනි සංශෝධනයට එරෙහිව ඇති වූ කතා බහ හේතුවෙන් ජනාධිපතිවරයා තරමක් ආවේගශිලී ව අදහස් ප්‍රකාශ කිරීම හමුවේ 20 වැනි සංශෝධනය පිළිබඳව අදහස් දක්වන්නට සිටි මන්ත්‍රීවරු නිහඩ වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රැස්වීමේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව එය සිදු කළ යුතු බවට විවිධ හේතු දක්වමින් කළ කතා බහට ඇතැම් මන්ත්‍රීවරුන් බාධා කොට ඇති අතර එහිදී ජනාධිපතිවරයා තමන් විධායක ජනාධිපතිවරයා බවත් 69 ලක්ෂයක් ජනතාව තමන්ට ඡන්දය ප්‍රකාශ කළේ ඒ සඳහා බවත් ප්‍රකාශ කර ඇත.

ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර දැනුවත් බවත් සහ සාකච්ඡාවක් සිදු කිරීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී මහාචාර්ය ජී.එල් පීරිස්ට අමතරව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර මේ වනවිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු විරෝධයක් දක්වන රාජ්‍ය විගණනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙම විගණන ක්‍රියාවලියෙන් ඵලක් නැති බව සඳහන් කර ඇත.

කෙසේ වුවද මේ සම්බන්ධවෙන් මන්ත්‍රිවරුන්ගේ විරෝධයක් එල්ල වී ඇති අතර එහිදී ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව අදහස් දැක්වු විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ඇමතිවරුන්ට සහ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම් පාලනය කර ඇත.

මේ අතරේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂව කතා කළ අවස්ථාවේ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊට බාධා කරමින් “ජනාධිපතිතුමනි මේ මිනිහා තක්කඩියෙක්.

ඊයේ පාර්ලිමේන්තුවේදී මාත් එක්ක 20 වැනි සංශෝධනයට බැන බැන විමල් ඔයා නම් ග්‍රේඩ් මිනිහෙක් කියාල දැන් මෙතන වෙනස් කතාවක් කියනවා යයි දැඩි විරෝධය පළ කර ඇත. එහිදීද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

මෙම රැස්වීම අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවන ලද අතර ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනයට විරුද්ධ ව අදහස් දක්වන මන්ත්‍රිවරුන්ට එය නවත්වා 19 වැනි සංශෝධනයෙන් රට සංවර්ධනය කිරීම තිබෙන බාධා බවත් කර අවශ්‍ය සහය ලබා දෙන්නැයි කළ ඉල්ලීම හමුවේ පවසා ඇත්තේ මෙම මන්ත්‍රීවරුන්ටත් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සපසා දෙන ලෙසය.

එහෙත් තතු දත් ආරංචි මාර්ග සඳහන් කළේ මෙම මන්ත්‍රිවරුන්ට ඊට අවස්ථාවක් නොලැබුණු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ හෘද හා සහ විකලාංග සැත්කම් අංශ දෙක වසා දැමේ

Next Post

ජයවර්ධනපුර සරසවියේ සිසුවියකට කොවිඩ් ආසාදනය වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.