අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමනි… මණ්ඩතිව් ග්‍රවුන්ඩ එකේ පරිස්සමින් ප්ලේ කරන්න… හිට් විකට් වෙයි!

by editor
සැප්තැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යාපනය මණ්ඩතිව් දූපතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර විසින්  ඊයේ (1) මුල් ගල් තැබුවේය. සංකල්පයක් ලෙස මෙය මරු වැඩක් ලෙස පෙනෙන්නේය. ඒත් පට්ට ඇන්දිල්ලක් ජනාධිපති තුමාත් ඇඳගත්තාදැයි ඇතිවන සැකය නිසා මේ ලියැවිල්ල ලියා තබන්නේ පුලුවන්නම් මේ ගේම තේරුම් අරන් හිට් විකට් නොව් ප්ලේ කරන්නැයි ජනාධිපති තුමාටත් කරන ඉල්ලීමත් සමගය. 

ඉදිවන්නේ කුමක් ද?

ඉදිවන්නේ  ක්‍රීඩා නගරයකි. ඊට පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින්ද එය සමන්විත වනු ඇත.

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ ඉදි කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදි කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කීවේය..

දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටියද, තෙවැනි අදියර යටතේ සෙසු ප්‍රේක්ෂකාගාර ඉදිකිරීමටද, අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමටද නියමිත බව එම නිවේදනයේ දැක්වුනේය.

යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදි කෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 40,000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව හිමිවන්නේය.

RelatedPosts

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

එසේම ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිවන පස්වන ක්‍රීඩාංගණය ලෙසද,  ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වන ක්‍රීඩාංගණය ලෙද යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉතිහාස ගතවනු ඇතැයි ද පුරෝකථනය වන්නේය..

ජනාධිපතිවරයා විශ්වාසය පළ කරන්නේ  යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය මේ වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමටත් හැකිවනු ඇති බවටය.

මෙම අවස්ථාවට බස් රියක් පුරා යාපනය බලා ගොස් සිටි ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ. ක්‍රීඩා ඇමති හා නියෝජ්‍ය ඇමතිවරයාද සහභාගි වී සිටියේය.

අපට තියන ප්‍රශ්න

මේ අනුව ලංකාසර පහත දැක්වෙන ප්‍රශ්න කිහිපයක් ක්‍රිකට් ආයතනයට යොමු කරන්නට කැමැත්තෙමු.

  1. මෙම ව්‍යාපෘතිය මීට වසර හතකට පෙර තිලංග සුමතිපාල  ක්‍රිකට් සභාපති ධූරය දරද්දී සැළසුම් කළ ව්‍යාපෘතියමද? එසේ නම් ඒ බවක් සඳහන් නොකළේ ඇයි?
  2. .මණ්ඩතිව් දූපත වැනි මුහුද ආශ්‍රිත ලුණු මිශ්‍ර  වැලි ඉඩමක මෙවැන්නක් කිරීම ප්‍රායෝගිකද? ,තණ කොළ සඳහා ලුණු රහිත ජලය ලබා ගන්නේ කොහෙන්ද ?
  3. මේ වන විට දරුණු මූල්‍ය අර්බුදයක සිටින ක්‍රිකට් ආයතනය හෙට සිටම මේ සඳහා වියදම් කරන්නේ කෙසේද?  (දැනට අන්තර් ක්‍රීඩා සමාජ තරග සඳහා ක්‍රීඩා සමාජ වලට මුදල් ගෙවීමත් පමා කරන්නේ මුදල් නොමැති බව කියමිනි.)
  4. ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ඇස්තමේන්තු වියදම කලින් ප්‍රකාශයට පත් කළත් මෙම ව්‍යාපෘතිය ගැන වියදම් ඇස්තමේන්තුවක් ප්‍රකාශයට පත් නොකළේ ඇයි ?
  5. මෙතෙක් යාපනය කිසිදු ක්‍රීඩා සමාජයකට ඩිවිෂන් 11 වත් ලබා නුදුන්නේ ඇයි? යාපනය ක්‍රිකට් දියුණු කරන්න නම් මුලින් මෙවැන්නක් කළ යුතුව නොතිබුණේද?
  6. මීට කලින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පොරොන්දු වී ඉදි කිරීම් ඇරඹූ පොලොන්නරුව හිඟුරක්ගොඩ ජාත්‍යන්තර පිටියේ දැන් තත්ත්වය කුමක්ද?
  7. ඉන්දීය අගමැති මෝදි   මෙම ක්‍රීඩා පිටිය සඳහා මූල්‍යමය ආධාර කරන බව ක්‍රීඩා ඇමතිවරයා කලින් කීවත් ඊයේ පැවති උත්සවයේදී ඒ ගැන කිසිවකු සඳහනක් හෝ නොකළේ ඇයි
Tags: නවතම
Share69Tweet43
Previous Post

නගර 08කට හිරු මුදුන් වෙයි…

Next Post

අල්ලස් අරන් ඇතුළට ගිය SSP සතීස් ගමගේ 16 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.