බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19න් පහළ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව දෙවැනි ජයත් ලබයි… බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදවා ලකුණු 81ක විශිෂට ජයක්…

by editor
ජනවාරි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

19න් පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) මුහුණ දුන් දෙවැනි තරගය ද ජය ගත්තේය. ඒ ක්වාලාලම්පූර්හි පැවති ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදමින් ලකුණු 81ක විශිෂ්ට ජයක් ලබා ගනිමිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවට පහරදීම තේරූහ. එය ඉතාම හොඳ තීරණයක් වූයේය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වූහ. ඔවුහු ඔවුන්ගේම වාර්තා බිඳ දමමින් ඉදිරියට ගියහ. මුල් තරගයේ දී මැලේසියියාව හා තරගවදිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 162ක් රැස් කළහ. අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග කළ ඔවුන් රැස් කළ ලකුණු ගණන වාර්තාගත ලකුණු 166කි. එම ලකුණේම ජයග්‍රහණය පිළිබඳ කතාවක් ලියැවී තිබිණි.

කණ්ඩායම් අදියර ඉක්මවා ඊලඟ වටයට යෑමට නම් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ තරගය අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ යුතුව තිබිණි. නමුත් කිසිම බලපෑම් සහගත ක්‍රීඩා විලාශයක් සහිතව ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනියනට පීඩනයක් ලබා දීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නොහැකි විය. ඔවුන්ගේ පන්දු රැකීම නම් තිබුණේ අතිශය ප්‍රාථමික තැනකය. පන්දු යැවීමත් එසේය. දඟ පන්දු යවන්නියෝ නිපන්දු දැමූහ. එක පිට එක දැමූහ. වයිඩ් පන්දු ද එසේය. ඔවුන් ලබා දුන් අතිරේක ලකුණු සංඛ්‍යාව පමණක් ලකුණු 31කි. ඒ අතර නිපන්දු 07ක් සහ වයිඩ් පන්දු 20ක් විය.

අත්හැරිය අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයට පිවිසුනහ. ආරම්භක පිතිකරුවන් වන සංජනා කාවින්දි පන්දු 36ක දී ලකුණු 38ක් සහ සුමුදු නිසංසලා (පන්දු 22ක දී ලකුණු 19ක් ලැබුවේය. නායිකා මනුද් නානායක්කාර අලංකාර පිතිකරණයක නිරත වූවාය. ඇය පන්දු 31ක දී ලකුණු 37ක් ලැබුවාය. ධම්මි සෙනෙත්මා පන්දු 25ක දී ලකුණු 31කි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සෙලීනා රෝස් ලකුණු 25කට කඩුළු 02ක් ලැබුවාය.

පිතිකරණයට පැමිණ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායිකා සමාරා රාම්නාත් පන්දු 23ක දී හතරේ පහර තුනක්සමග ලකුණු 23ක් ලැබුවාය. ඇය දියත්කළ පිතිකරණය හැර වෙනත් කිසිම පිතිකාරිනියයකට ලකුණු 15 සීමා ඉක්මවන්නට ශ්‍රි ලංකා පන්දු යන්නියන් ඉඩ දුන්නේ නැත. පන්දු ඕවර 19.4ක් තුළ බටහිර ඉන්දීය ක්‍රීඩිකාවෝ සියලු දෙනා ලකුණු 85කට දැවී ගියහ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ම පන්දු යැවීම වාර්තා කරන්නේ චමුදි ප්‍රබෝධා ය. චමුදි පන්දු ඕවර 4 තුළ ලකුණු 16කට කඩුළු 03කි. තරගයේ වීරයා ඇයය. අසේනි තලගුණේ පන්දු ඕවර 4 තුළ ලකුණු 16ට කඩුළු 2කි. ලිමන්සා තිලකරත්න ලකුණු 07ට කඩුළු 02කි. ප්‍රමුදි මෙත්සරා සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් ලැබූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අර්චුනා මානසික රෝගියෙක් ද?… මාර්ග නීති කඩකළ අර්චුනා අද පොලිසියට තිත්ත කතාවෙන් බනී!

Next Post

මන්නාරම මහ රෝහලේ රෝගීන්ට අහාර සකස් කරන මුලුතැන්ගෙට පනුවො ගහලා…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.