බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විත්ති කූඩුව තුළ විත්තිකරුවන් ඝාතනය වූ අපරාධ ඉතිහාසයේ සංක්ෂිප්තය…

by editor
පෙබරවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකදී වැඩ තහනමකට ලක්ව සිටි වීරගුල පොලිසියේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ධම්මික සහ ඔහුගේ මාමණ්ඩිය වෙඩි තබා ඝාතනය කිරීම 90 දශකයේ මුල වඩාත් කතාබහකට ලක්වූ සිදුවීමකි.

88-89 භීෂණ සමයේදී තරුණ තරුණියන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා කර මරා දැමූවෙක් වන වීරගුල පොලිසියේ එම වකවානුවේ සිටි පොලිස් ස්ථානාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳගේ පියාට වෙඩි තබා මරා දමන්නේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. වීරගුල පොලිසිය වධකාගාරයක් කරගනිමින් පොලිස් ස්ථානාධිපතිවරයා අහිංසක තරුණ තරුණියන්ට වදහිංසා කළා පමණක් නොව, තරුණියන් රැගෙන විත් දූෂණය කර මරා දැමුවේය. ජවිපෙ සාමාජිකන් සොය සොයා කළ එම අමානුෂික ඝාතන අතර පුද්ගලික පළිගැනීම්ද නොඅඩුව සිදුවිය. භීෂණයේ මුවාවෙන් එදා පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කර තිබුණේ පෞද්ගලික පළිගැනීමකි. රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් වවුල්කැලේ ඝාතන යැයි කියනු ලබන්නේ ඊටය.

සිය පවුලේ සාමාජිකයන් මරා දැමූ වීරගුල පොලිස් ස්ථානාධිපතිවරයා සහ ඔහුගේ මාමණ්ඩිය ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයා විසින් එදා වෙඩි තබා මරා දමන්නේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටියදීය. විනිසුරුවරයා ඒ වන විට සිටින්නේ නඩු විභාගය අරඹමිනි.

භීෂණයට මුවාවී සිය මවුලේ සාමාජිකයන් මරා දැමූවන්ගෙන් එසේ පළිගත් ව්‍යාපාරිකයා කටුනායක ගුවන්තොටුපොලට ගොස් පැන ගන්නේ නවසීලන්තයටය. එතැනින් ඔහු මතුවන්නේ ජපානයෙනි. එහි සිට ඔහුව මෙරටට රැගෙන එන්නේ එකල ගම්පහ පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා ය. එසේ රැගෙන පැමිණි ඔහුව අධිකරණයට ඉදිරිපත් කළද අවසානයේදී ඔහුට නිදහස ලැබෙන්නේ අධිකරණයෙන්මය.

ගණේමුල්ලේ සංජීව කාලයක් තිස්සේම උත්සාහ දරමින් සිටියේ වවුල් කැලේ ඝාතකයන් විනිසුරු ඉදිරියේදී මැරූ ගම්පහ ව්‍යාපාරිකයා මරා දැමීමටය. මෙකී ව්‍යාපාරිකයා මරා දැමීමට තරම් සංජීවට ඔහු සමග පෞද්ගලික ගැටුමක් නොවීය. සංජීව එකී උත්සාහය ගත්තේ තමාට දේශපාලන රැකවරණය ලැබූ පුද්ගලයෙකුගේ මනදොළ සපුරන්නටය. ගම්පහ පැත්තේ කලක් වැලි පොළවල්වලින් මෙන්ම, පෙට්ටි කඩයෙන් පවා කප්පම් ගනිමින් සිටි එකී දේශපාලනඥයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොහොට්ටුවට පැන්න අයෙකි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

1994 වසරේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ විත්ති කූඩුවේ සිටි කූප්‍රකට අපරාධකරුවෙක් වූ චින්තක අමරසිංහ පවා පාතාලයේ වෙඩික්කරුවෙකුගේ ඉලක්කය බවට පත්විය. එකල පාතාලයේ ප්‍රබල චරිතයක් වූ චින්තක කොළඹ අධිකරණයේ සිට නඩු කටයුත්තක් සඳහා රැගෙන යන්නේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් සිටියදී විශ්‍රාම ගිය බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකි. එදා චන්දනගේ විමසිලිමත්භාවය හා ගිනිඅවිය අතැතිව අධිකරණ ශාලාව තුළ රැඳී සිටීම හේතුවෙන් චින්තකගේ ජීවිතය බේරුණද වෙඩික්කරුට සිදුවන්නේ පරලොව යන්නටය.

දේශපාලන හයිහත්තියද ඇතිව වැජඹුණු කුප්‍රකට පාතාල අපරාධකරුවෙක් වූ චින්තක අමරසිංහගේ ඝාතනයෙන් පසු ඔහුගේ තැන ගන්නේ බාල සහෝදරයා වූ ධම්මික අමරසිංහය. පාතාලයේ සිටි දරුණුම අපරාධකරුවෙක් මෙන්ම ගෝඩ් ෆාදර්වරයෙක්ද වූ ධම්මිකව මරා දමන්නේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 06 ශාලාවේ විත්ති කූඩුවේ රැඳී සිටියදීය. ඒ 2004 වසරේ ජනවාරි 09 වැනිදාය. නීතීඥ වෙස්ගත් වෙඩික්කරු අධිකරණ ශාලාවට පැමිණ විත්ති කූඩුවේ සිටි ධම්මිකට වෙඩි තබා එදා මරා දමන්නේ පාතාලයේ ප්‍රින්ස් කොලම් ඇතුළු පිරිසකගේ සැලසුමකට අනුවය.

ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුවන් රඳවා තැබෙන සිර මැදිරිය තුළ දුරස්ථ පාලක බෝම්බයක් අටවා පුපුරවා හරින්නේ ධම්මික අමරසිංහ ඝාතනයට සිවු වසරකට පෙරය. පාමංකඩ අශෝක නමැති එකල පාතාලයේ ප්‍රබල අපරාධකරු ඇතුළු ගෝලබාලයන් පිරිසක් මෝටර් රථයක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැකකරුවන් වූ ප්‍රතිවිරුද්ධ පාතාල අපරාධකරුවන් ඉලක්ක කරගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ බෝම්බ පිපුරුම සිදුවිය. යුද හමුදාවේ කමාන්ඩෝ භටයෙක් විසින් එම බෝම්බය අටවන්නේ දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියාත්මක කරන සෙල්ලම් කාර් එකක් යොදාගෙනය. එම බෝම්බය පුපුරවා හරින්නේ පාමංකඩ අශෝක ඝාතනයේ සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙනවිත් සිර මැදිරියේ රඳවා තැබීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් නඩු ඇසීමට පටන් ගැනීමත් සමඟිනි. එදා ඒ බෝම්බයෙන් සිර මැදිරියේ රඳවා සිටි හතරපස් දෙනෙක්ම මියගොස් විශාල පිරිසකට තුවාල සිදුවිය. ඉතිහාසයේ මෙතෙක් අධිකරණයක් තුළදී දුරස්ථ පාලක බෝම්බයක් මඟින් සැකකරුවන් පිරිසක් ඝාතනය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය තුළද 2005 වසරේදී බෝම්බයක් පුපුරා යන්නේ විනිසුරුවරයා නඩු අසමින් සිටියදීය. එම බෝම්බය අත්බෝම්බයකි. එම බෝම්බ පිපුරුමෙන්ද බොහෝ පිරිසක් තුවාල ලැබීය. මරණ වාර්තා වූයේ 01ක් පමණි. එම බෝම්බ පිපුරුම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි සේනක කුමාරසිංහගේ නායකත්වයෙන් විමර්ශන පවත්වන්නට යෙදුණි. එහිදී අනාවරණය වන්නේ බන්ධනාගාරගතව සිටි පාතාලයේ අපරාධකරුවෙක් වූ නලින් සුරංග නමැති අපරාධකරු එම බෝම්බය පුපුරවා හැර ඇති බවය. එදා එම බෝම්බ පිපුරුමේ කලබලය අස්සේ සුරංග පමණක් නොව, සිරකරුවන් පිරිසක්ම පලා ගියෝය.

කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට පාතාලයෙන් එල්ලවූ වෙඩි ප්‍රහාරය හමුවේ මරුමුවට පත්වූ සමයං නමැති පාතාලයේ අපරාධකරුට ද අධිකරණයක් තුළදී වෙඩි කන්නට සිදුවීය. ඒ 2015 සැප්තැම්බර් 23 දාය. පාතාල කල්ලි දෙකක් අතර ඇති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සමයංට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා මරා දමන්නට උත්සාහ ගන්නේ අංගොඩ ලොක්කා නමැති පාතාල අපරාධකරු විසින් යෙදවූ වෙඩික්කරුවෙකි.

නැවතත් මහේස්ත්‍රාත් අධිකරණයක් ආශ්‍රිතව පාතාලයේ ක්‍රියාකාරකමක් වාර්තා වන්නේ 2017 වසරේ මාර්තු 01 වෙනිදාය. ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ගොනාකෝවිලේ රොහා මරා දැමීමටය. විදේශගතව සිටින ගොනාකෝවිලේ අංජුගේ සැලසුමකට අනුව රොහාව මරන්න ගෙනා ගිනිඅවි දෙකක් අධිකරණ ශාලාවට ගෙන ආවද එම අවි දෙක අහඹු ලෙස හසුවීම හේතුවෙන් එදා එම ඝාතන සැලසුම ව්‍යර්ථව ගියේය.

මේ හැරුණුකොට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නඩු අසමින් සිටියදී විත්ති කූඩුවේ රැඳී සිටි පාතාලයේ අපරාධකරුවෙකුට වෙඩි පත්තු වන්නේ 2022 වසරේ අගොස්තු 05 වැනිදාය. පොලිස් විශේෂ කාර්ය බළකායේ ඔත්තුකරුවෙක්ද වන ඔහුට වෙඩි තබන්නේ හරක් කටාගේ ගෝලයෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුවය. වෙඩික්කරු අධිකරණ පරීශ්‍රයට ඇතුළු වීමෙන් අනතුරුව ඔහු අතට ගිනිඅවිය ලැබෙන්නේ කාන්තාවකගෙනි. එදා විත්ති කූඩුවේ සිටි පාතාලයේ අපරාධකරු ඉලක්කර වෙඩි පත්තු වූවත් වෙඩිල්ල වදින්නේ අහකටය.

ගයාන් කුමාර වීරසිංහ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වාහන ආනයනයට ඉඩ ලැබෙන පළමු ඛාණ්ඩයේ දී පල්සර් 160 බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් රුපියල් මිලියනක ආසන්නයට යයි……

Next Post

දළදා ප්‍රදර්ශනයක් සඳහා ජනපති කළ ඉල්ලීමට මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය… 16 වසරකට පසු පැවැත්වෙන ප්‍රදර්ශනයට දින නියම වෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.