17 හැවිරිදි පාසල් සිසුවියකගේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ චෝදනාව මත තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඩේලි මිරර් පුවත්පතට අනුව මොනරාගල පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20, 23 සහ 24 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකි.
වින්දිත පාසල් සිසුවිය ලිංගික දර්ශන සහිත මෙම වීඩියෝව සිය පෙම්වතා සමග බෙදා ගෙන ඇති බවත්, පසුව පෙම්වතා එය සිය මිතුරන් සමග බෙදාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, මිතුරන් එම අසභ්‍ය ලිංගික දර්ශන සහිත වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැර ඇත.
අත්අඩංගුවට ගත් තරුණයින් තිදෙනා මොනරාගල බණ්ඩාරවාඩිය, පට්ටියලන්ද සහ මාගන්දනමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
ඔවුන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.







