ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ නිරීක්ෂණ කටයුතු මේ මස 17 වන දින ආරම්භ කරන බව පැෆරල් සංවිධානය පවසයි.
දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් සමඟ සාකච්ඡා කර මූලික සැලසුම් සකස් කර ඇති බව පැෆරල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියයි.
පැෆරල් ප්‍රධාන කාර්යාලයේ පැමිණිලි ඒකකයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි.







