15 වියැති දැරිය මිලට ගෙන දූෂණය කළ හෘද රෝග විශේෂඥයෙක් අත්අඩංගුවට

doctor

අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන වයස අවුරුදු 15ක දැරියක් ලිංගිකව අපයෝජනය කිරීම සහ කුට්ටනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයට අදාළව ඊයේ (05) හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹට ආසන්න රෝහලක සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ඔහු බණ්ඩාරගම පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

අනෙක් සැකකරු මෙම දැරිය අපයෝජනය කිරිම සදහා එක් එක් ස්ථානවලට ගෙන ගොස් යම් යම් පුද්ගලයන්ට ලබා දීමට කටයුතු කළ (කුට්ටානියකු ලෙස කටයුතු කළ ) 33 හැවිරිදි කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


මොවුන් අද කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහි දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දැරිය අන්තර්ජාලයෙන් විකිණීම, ප්‍රවාහනය කිරීම, කාමර වෙන් කරවා දීම, කාමර ලබාදුන් තැනැත්තන්, දැරිය අපයෝජනය කළ හා වෙබ් අඩවි පවත්වාගෙන ගිය පුද්ගලයන්, එම වෙබ් අඩවියට වෙළඳ දැන්වීම් වෙළෙඳ දැන්වීම් නිර්මාණය කර දුන් අයද වේ.

ජුනි 7 සිට මේ දක්වා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළුව අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 34කි.

ළමා හා කාන්තා කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය , එම දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාමට එරෙහි විමර්ශන ඒකකය ද මෙම විමර්ශන සඳහා පූර්ණ දායකත්වය සපයයි.

මෙම සිද්ධියට පරිබාහිරව මෙරට තුල සිදුවන විවිධ අයුරින් ළමුන් අලෙවිකරණ කුට්ටනය නැමැති වරද සිදු කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කීය.

එවැනි වෙබ් අඩවි තහනම් කිරීමටත්, මෙහිදී කාන්තාවන් සපයන සියලුම සියලුම ආකාරයේ සේවා සපයන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් විමර්ශන ක්‍රියාත්මකය.

ඊයේ පැවති පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සියලුම වෙබ් අඩවිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිසියම් වෙබ් අඩවියක් මගින් කුමන හෝ ආකාරයකින් කාන්තාවක් හෝ ළමයෙකු අලෙවියට දායකත්වය දක්වන්නේ නම් ඒ පිළිබඳ විමර්ශනය කිරීමට පොලිසිය කටයුතු කරයි.

Exit mobile version